spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැතිවරණ කොමිසම “අල්ලස් වරදට වරදකරු”වෙන ‘වැඩක්’! – කුසල් පෙන්වාදෙයි

Must read

මැතිවරණ සමයේ රජයේ පත්වීම් ලබාදීම වහා අත්හිටුවන්නැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින්

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රවීන දේශපාලන විචාරක කුසල් පෙරේරා විද්‍යුත් තැපෑල හරහා එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, මැතිවරණ සමයේ වූවත් උපාධිධාරි පත්වීම් 40,000 ක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව මේ ආණ්ඩුවට අවසර දී ඇතැයි ඊයේ (මාර්තු 01 වන දින) “සන්ඬේ ටයිම්ස්” පුවත් පතේ “Election Comm. permits jobs during campaign” යන සිරස් තලය යටතේ පළවූ ප්‍රවෘත්තිය පාදක කර ගනිමිනි.

කුසල් පෙරේරා මැතිවරණ කොමිසමේ සභාපතිට යොමුකළ ලිපියේ පිටපතක් පහත පළවේ.

2020 මාර්තු 02 වන සඳුදා දින

සභාපති,
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ ලේකම් කාර්යාලය
රාජගිරිය.

තාවකාලික ආණ්ඩුව මගින් මැතිවරණ කාලයේ රජයේ පත්වීම් ලබාදීම වහා අත්හිටුවන ලෙස දැනුම් දීම

මැතිවරණ සමයේ වූවත් උපාධිධාරි පත්වීම් 40,000 ක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව මේ ආණ්ඩුවට අවසර දී ඇතැයි ඊයේ (මාර්තු 01 වන දින) “සන්ඬේ ටයිම්ස්” පුවත් පතේ “Election Comm. permits jobs during campaign” යන සිරස් තලය යටතේ ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පුවත් පතට කියා තිබූණේ 42,000 ක් පමණ වන පත්වීම් වලින් 15,000 ක් සඳහා දැනටමත් ලිපි නිකුත් කර ඇති අතර, මෙම රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මැතිවරණයට කලකට පෙර ආරම්භ කෙරුණක් හෙයින් එය මැතිවරණය නොතකා දිගටම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම අවසරය දුන් බවය. මීට ඉහතින් කිහිපවර ඔබ ප්‍රධානවූ මැතිවරණ කොමිසමෙහි දේශපාලන පක්ෂග්‍රාහිත්වය සහ ඔබගේ ප්‍රශ්නකාරී කල්කිරියාව ඔබගේත් සමාජයේත් අවධානයට මම ලිඛිතව යොමුකර ඇත්තෙමි. එවැනි කිසි විටෙක ඔබ හෝ මැතිවරණ කොමිසම ඒ සම්බන්ධ කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

මෙයටද ඔබගෙන් හෝ කොමිසමෙන් සාධාරණ, ස්වාධීන විසඳුමක් හෝ පිළිතුරක් ලැබේ යැයි මම විශ්වාස නොකරමි.

එනමුත් මෙය ඔබ හා කොමිසමේ අනෙක් සභිකයින් වෙත යොමු කරනුයේ ඔබ හා මැතිවරණ කොමිසම මෙරට පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය කිරීමට හවුල්වන බවට ලිඛිතව සටහන් කර තැබීම සඳහාය.

”මෙය ඔබ හා කොමිසමේ අනෙක් සභිකයින් වෙත යොමු කරනුයේ ඔබ හා මැතිවරණ කොමිසම මෙරට පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය කිරීමට හවුල්වන බවට ලිඛිතව සටහන් කර තැබීම සඳහාය.”

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අංක 80 (අ) සිට (එ) දක්වා වන වගන්ති යටතේ සඳහන් සියලු කාරණා සමග “යම් නිලයක්, තනතුරක් හෝ සේවා නියුක්තියක් දීමට හෝ ලබා දීමට එකඟ වන” සෑම තැනැත්තෙකුම “අල්ලස් වරදට වරදකරු ලෙස සළකනු ලැබිය යුතු යැයි” පැහැදිලිව සඳහන් වන්නේය.

මැතිවරණ කොමිසමෙහි සහ කොමිසමෙහි සභාපති ලෙස ඔබගේ වගකීම වන්නේ එම වගන්ති උල්ලංඝණය නොවන ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගැනීමය.

එහෙත් ඉහතින් සඳහන් සන්ඬේ ටයිම්ස් පුවත් පතේ ප්‍රවෘත්තියට අනුව, ඔබ සමග මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ එම වගන්ති කිසිදු පැකිලීමකින් තොරව උල්ලංඝණය කිරීමට තාවකාලික ආණ්ඩුවට නිරුවත් අනුමැතියක් දී ඇත.       තාවකාලික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුව විසුරුවා හැරි විට, ඊළග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉතා සීමිත කාල සීමාවකට එදිනෙදා ආණ්ඩු පාලනය නඩත්තු කර ගෙන යාමට තබා ගන්නා තාවකාලික ඇමති මණ්ඩලයක් පමණකි.

”ඉහතින් සඳහන් සන්ඬේ ටයිම්ස් පුවත් පතේ ප්‍රවෘත්තියට අනුව, ඔබ සමග මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ එම වගන්ති කිසිදු පැකිලීමකින් තොරව උල්ලංඝණය කිරීමට තාවකාලික ආණ්ඩුවට නිරුවත් අනුමැතියක් දී ඇත. ”

එවැනි ඇමති මණ්ඩලයක් යටතේ ස්ථාවර ආණ්ඩුවක් විසින් සැළසුම් කළ ව්‍යාපෘති මැතිවරණ සමයක ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතියක් දීමට මැතිවරණ කොමිසමට හෝ සභාපති ලෙස ඔබට, කිසිදු නෛතික හා සදාචාරාත්මක අයිතියක් නැත.

එයට මූලිකම හේතුව නම්, මේ තාවකාලික ආණ්ඩුවේ ඉන්නා ඇමතිවරුන්ද ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට තරග වදින හෙයින් මෙවැනි ව්‍යාපෘති ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම සඳහා ඔවුන්ට යොදා ගත හැකි බැවින්ය.     “යම් නිලයක්, තනතුරක් හෝ සේවා නියුක්තියක් දීමට හෝ ලබා දීමට එකඟ වන” සෑම තැනැත්තෙකුම “අල්ලස් වරදට වරදකරු ලෙස සළකනු ලැබිය යුතු යැයි” පනතේ ඉතා පහැදිලිව සඳහන් වන්නේද එබැවින්ය.

ඉදිරි මැතිවරණ සමයේ මෙම උපාධි පත්වීම් ලබා දීමේදී “අල්ලස් වරදට වරදකරු ලෙස සළකණු ලබන්නේ” එකී පත්වීම් ලිපි වලට අත්සන් තබන රාජ්‍ය නිලධාරියා පමණක් නොවන බව සැළකුව මැනවි.

”එවැනි “නිලයක්, තනතුරක් හෝ සේවා නියුක්තියක් දීමට හෝ ලබා දීමට එකඟ වූ” මැතිවරණ කොමිසමේ සභාපති ලෙස ඔබත් එහි අනෙක් සභිකයින් දෙදෙනාත් මැතිවරණ පනතට අනුව “අල්ලස් වරදට වරදකරු” ලෙස සැළකෙනු ඇත.”

එවැනි “නිලයක්, තනතුරක් හෝ සේවා නියුක්තියක් දීමට හෝ ලබා දීමට එකඟ වූ” මැතිවරණ කොමිසමේ සභාපති ලෙස ඔබත් එහි අනෙක් සභිකයින් දෙදෙනාත් මැතිවරණ පනතට අනුව “අල්ලස් වරදට වරදකරු” ලෙස සැළකෙනු ඇත.   එනිසා ඔබටත් මැතිවරණ කොමිසමටත් මේ මොහොතේ වහා කළ හැක්කේ එවැනි පත්වීම් ලබා දීම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට නීති විරෝධී යැයිද එනිසා එවැනි පත්වීම් නොදිය යුතු යැයිද නිවේදනය කිරීමය. කොමිසම එවැන්නක් කරන තෙක් අපි බලා සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසි,
කුසල් පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article