spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මුහුදේ දියනෑම භයානකයි ! සියළු බලධාරින් නිහඬයි !!

Must read

kammala-Moya-(5.30 pm ) 2011 පොසොන් පොහෝ දින එනම් ජුනි මස 15 වැනි දින පෙරවරුවේ මීගමුව ඒත්තුකාල මුහුදේදී දියේ ගිලීමෙන් පාසල් දරුවෙකු මිය යෑමේ පුවතක් වාර්තා වුණි. මෙලෙස මිය ගොස් තිබුෙන්  මීගමුව, දළුපත දෙනියාවත්ත ප‍්‍රදේශයේ අංක 54/07 දරණ නිවසේ වෙසෙන ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් ශාකීර් මහතාගේ සහ පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාලයේ ප‍්‍රාථමීක අංශයේ ගුරුවරියක වූ ෆාතිමා ෆාදිනා මහත්මියගේ දරුවන් 04 දෙනෙකුගෙන් සමන්විත පවුලේ 02 වැනි දරුවා වූ මොහොමඞ් සූරීන් නැමැති 14 හැවිරිදි දරුවායි.

ඔහු පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාලයේ 08 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.
එදින උදෑසන 10.30 ට පමන ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟින් මීගමුව ඒත්තුකාල  ටොපෑස් හෝටලයේ පිටුපස මුහුදු වෙරළ ප‍්‍රදේශයට බෝලයක්ද රැගෙන කී‍්‍රඩා කිරීමට ගොස් ඇත. එහිදී සුඵ වේලාවකදී ඔවුන් කී‍්‍රඩා කරමින් සිටි බෝලය මුහුදු වෙරළට මදෙක් ඔබ්බෙන් දියඹට විසි වී තිබේ. එය රැගෙන ඒමට  ගිය මේ දරුවා රැල්ලකට හසු වී තිබෙන අතර එහිදී ඔහු දියඹේ අතුරුදහන් වී ඇත. ඔහුගේ සිරුර හමු වී ඇත්තේ පසුදින එනම් 16 වැනි දින පෙරවරු 11.00 පමන පෝරුතොට ඉස්සෝ වාඩිය පිටුපස මුහුදු වෙරළ ආසන්නේ දීය.
කෙසේ වෙතත් මිය ගිය  මොහොමඞ් සූරීන් ගේ මරණ පරීක්ෂනය පැවැත්වුණු මීගමුව රෝහලේ මෝචරිය අසලට රැස් වී සිටි ඔහුගේ ඥාතීන් සහ හිතවතුන් ඇතුළු පිරිස පවසන්නේ මීගමුව බීච් පාර්ක් ඇතුළු සම්පුර්ණ මුහුදු වෙරළ තීරයේම දිය නෑමට සුදුසු ආනාරක්ෂිත ස්ථාන රැසක් ඇති අතර එම ස්ථාන  පිලිබඳව ජනතාව නිසි ලෙස දැනුවත්  කිරීම සඳහා දැන්වීම් පුවරු සවි නොකර තිබීම, මේ වෙරළ කලාපය තුල මෙලෙස සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමට හේතු වී ඇති බවයි.
මේ සිදුවීම සිදු වූ ඊට කලින් දින එනම් පසුගිය 2011 ජුනි මස 14 වැනි දිනද මේ මුහුදු කලාපය තුලම එනම් මේ දරුවාගේ සිරුර හමු වූ පෝරුතොට ඉස්සෝ වාඩිය ආශී‍්‍රත මුහුදේ දී ඒ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් වූ මොහොමඞ් මුම්තාස් නැමැති 24 හැවිරිදි එක්දරු පියෙකුද මුහුදේ ගිලී මිය ගොස් තිබේ. ඔහුගේ සිරුර එදිනම, එම ප‍්‍රදේශයේදීම හමු වී තිබිණි. පසුගිය ‘‘ මීපුර ’’ කලාප වලින් මීගමුව බීච් පාර්ක් හා ඒත්තුකාල මුහුදු ප‍්‍රදේශයේ සිදුවන මෙවැනි අන්දමේ අවසනාවන්ත මරණයන් සහ ඊට බලපාන අනාරක්ෂිත ස්ථානයන් පිලිබ`දව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කල අතර එම සිදුවීම් වගකිවයුත්තන්ගේ අවධානයටද ලක් කලෙමු. එහෙත් වගකිවයුතු බලධාරීන්  මෙවැනි අවසානාවන්ත මරණයන් වලක්වාලීමට හෝ අවම කිරීමට සැලකිය යුතු ආකාරයේ කිසිදු කී‍්‍රයාමාර්ගයක් මේ වන තෙක්ම ගෙන නොමැති වීම ඉතා කනගාටුදායකය.
මොහොමඞ් සූරීන් ගේ ඥාතීන් සමග මීගමුව මෝචරියට පැමිණි සිටි මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ නගර සභා මංතී‍්‍රවරයෙකු වූ නස්මිහාර් මහතා පවසා තිබුනේ  මෙම වෙරළ තීරයේ අනාරක්ෂිත ස්ථානයන් පිලිබ`දව ජනතාවට දැනුම් දීම ස`දහා දැන්වීම් පුවරු සවි කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය පිලිබ`ද වූ  යෝජනාවක්  ඉතා ඉක්මනින්ම මීගමුව මහා නගර සභාවේ ඊළ`ග මාසික මහා සභා රැුස්වීමට ගෙන එන බවයි.
මිය ගිය මොහොමඞ් සූරීන් දරුවාගේ අවසන් කටයුතු ඉස්ලාමීය ආගමික වතාවන් අනුව 2011 ජුනි මස 16 වැනි දින සවස සිදු කිරීමට නියමිතව ඇත.
ඉහත සටහන 2011 වසරේ ජුනිමාසය තුල මිගමුවේ මුහුදු තිරය විසින් ජිවිත දෙකක් බිලි ගැනිම සම්බන්ධයෙනි.
2018 වසරේ ජුනි මාසයේදිද දැනටමත් දෙදෙනෙකු ජිවිත බිලිගෙන තිබුනේ ගමක් හඩවාලමිනි.
ඒ පසුගිය දා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දිය නෑමට ගොස් සිටි සිසුන් හතරදෙනෙකුගෙන් දෙදෙනෙකු මුහුදු රළට හසුව මිය යාමත් සමගින්ය.
තත්වය දිනෙන් දිනම බියකරු වෙමින් තිබුණද මේ තත්වය පාලනය කොට මෙසේ සිදුවන මරණ නවතා ලිම සම්බන්ධයෙන් පියවරක් ගැනිමට මීගමුවේ සියළුම බලධාරින් විසින් මේ වන විටත් අපොෙහාසත්ව ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article