spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහල මධ්‍යම රජය පවරාගැනීමට සුදර්ශනී, ලංසා , රොයිස් එකගයි

Must read

මීගමුව  රෝහලේ මතුව ඇති අර්බුදයට විසදුමක් ලෙස මීගමුව රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් එහි සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස මීගමුව ජනතාව දහස් ගණනින් එක්ව විරෝධතාවයක නිරත වූහ.  අද පෙරවරුවේ දී පැවති මෙම විරෝධතාවයට  නි. ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප.සභා අමාත්‍ය නිමල් ලාන්සා සහ ප.සභා මන්ත්‍රී රොයිස් විජිත   ද සහභාගී වූහ. ඔවුන්ද ජනතාවගේ මෙම ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටිමින්  ජනතාව වෙනුවෙන් යම් හඩක් මතුකරන ලදී.  පසුගිය කාලය පුරා රෝහල මධ්‍යම  රජයට පවරා ගන්නා ලෙස  මිගමුවේ පුරවැසියන් නිහඩව කළ අරගලයක් පැවැති අතර ඒ වෙනුවෙන් පැවති රජයේ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. අඩුම ගණනේ මීගමුව රෝහල් සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිවරයා හමුවීමට ගත් කිසිදු උත්සාහයක් සාර්ථක වූයේ නැත. බස්නාහිර පළාත් සභාවට දෙවරක් පත්වූ  අමාත්‍ය නිමල් ලාන්සාද  ද මීගමුව රෝහල වෙනුවෙන් බරපතල  මැදිහත්වීමක් සිදුනොකළ බවට ජනතාවගෙන් චෝදනාවක් පවතී. DSC_0230

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article