spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුදේ විසිතුරු මසුන් කර්මාන්තය අර්බුදයක. ? බලධාරීන් නිහඬයි. !

Must read

 

IMG-20200218-WA0002IMG-20200218-WA0003ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ව්‍යාපාරයන් අතර විසිතුරු මතස්‍ය අපනයනයටද ප්‍රධාන තැනක් ලැබේ. මෙම කර්මාන්තයේ කිමිදුම් කරුවන් සංඛ්‍යාව 2000කට ආසන්න බවත් , කිමිදුම් කරුවන් 800 ක 1000 ක පමණ පිරිසක් ලංකාව පුරා විසිරී සිටින බවත් මෙහි නියැලී සිටින කිමිදුම් කරුවන් පිරිසක් අප සමඟ පැවසීය . නමුත් මේවනවිට මතුවී ඇති ප්‍රශ්ණ කිහිපයක් මත මෙම කර්මාන්තය අර්බුදයට ලක්වී ඇති බව ඔවුන් පවසයි .
මින් එක ප්‍රශ්ණයක් වන්නේ තහනම් තංගුස් දැල් භාවිතා කරමින් කරන මසුන් ඇල්ලීමයි. සාමාන්‍යයෙන් නයිලෝන් දැල භාවිතා කිරීමට හැකියාව තිබෙන නමුත් එය භාවිතා නොකර තංගුස් දැල් භාවිතා කිරීම නිසා කොරල් පර වලට හානි වන අතර මසුන් විශාල ලෙස විනාශ වන බව මෙම කිමිදුම් කරුවන් පවසයි .
මේවනවිට කල්පිටිය , මාතර , කල්මුණේ , ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල වැඩියෙන් මෙම තංගුස් දැල් භාවිතා කරන බව මේ අය සඳහන් කරයි .IMG-20200218-WA0004
IMG-20200218-WA0001එසේම මෙම විසිතුරු මසුන් ඇල්ලීමට බලපත් කරනු ලබන්නේ අදාල සෘතු කාලයට අනුවය . මේ නිසා ප්‍රදේශ අනුව මෙය සිදු කෙරේ. මේ අනුව මාර්තු අග සිට ඔක්තෝබර් දක්වා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලටද , ඔක්තෝබර් මුල සිට මාර්තු අග දක්වා වයඹ, දකුණ සහ බස්නාහිරටද වශයෙනි .
නමුත් අපනයන කරුවන් මෙම පිළිවෙත කඩමින් තම වාසිය ගැන පමණක් සිතා ක්‍රියාත්මක වීම නිසා විශාල හානියක් සිදුවේ. මෙහිදී වැඩි ප්‍රමාණයක්( 90% ) මව් සතුන් වන බැවින් එය මසුන් හිඟවීමට ප්‍රධාන හේතුවක් වන බව කිමිදුම් කරුවන් පවසයි . ඒනිසා මෙවැනි තත්වයන් තවදුරටත් පැවතුනහොත් මෙම විසිතුරු මතස්‍ය කර්මාන්තය වැඩිදුරක් කරගෙන යාමට නොහැකි වන බවත් ඒනිසා මෙම අපනයන කර්මාන්තය බිඳවැටෙන බවත් කිමිදුම් කරුවන් පවසති .
මේ අනුව ඔවුන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ සඳහා පියවරක් ගන්නා ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article