spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන් කොන්වි ඇති බව ඇමති නිමල් ලංසා ප්‍රසිද්ධියේ පිළිගනියි ?

Must read

නිමල්බඩු බෙදිමේ දේශපාලනය හරහා සංදර්ශන පවත්වමින් එදා මනාප සටනේ යෙදුන ඇමති නිමල් ලංසා සිය දේශපාලන උපක්‍රමය අසාර්ථක විමත් සමගින් අද ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ආසනයකට ගොස් මනාප එකතු කිරිමට නොහැකි තත්වයට පත්වෙමින් අසරණ වි ඇති බව පසුගිය 16 වෙනිදා  මිගමුවේ මහනගර සභාවේ පැවැති රැස්විමකදි ප්‍රසිද්ධියේම පිළිගෙන ඇත.
එහිදි ඔහු අවට ආසන ගැන සදහන් කරමින් කියා ඇත්තේ ඒ ආසන දැන් තුන් හතර දෙනා විසින් බෙදාගෙන ඇති බැවින් ඒවාට යා නොහැකි බවය.ඒ අනුව පැහැදිලිව කියැවෙන්නේ තමන්ව ගම්පහින් කොන්කර ඇති බවය.
එබැවින් තමාට මිගමුවේ උපරිම සහය ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.
වෙනත් අයට මනාප ලබානොදෙන ලෙසද කියා ඇත.
ඇමති නිමල් ලංසා මෙසේ තමන්ගේ අසරණභාවය ගැන ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ කියන්නට යෙදි ඇති මේ අදහස ගැන අප මිට ඉහතදි අවස්ථා කිපයකදිම මතුකරමින් පෙන්වා දි තිබුනේ අවට ආසන වල බහුතරයක් පොහොට්ටු සංවිධාකයන් ඇමති නිමල් ලංසා හා උරණ වි ඇති බවත් ඒ ඒ ආසනවලට පැමිණ මනාප ගැනිමට ඉඩක් ලබාදි නැති බවත්ය.
මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිෙම්න්තු යාමට නම් අවම වශයෙන් මනාප 65000 කට ආසන්නන ප්‍රමාණයක් ගත යුතු මට්ටමක් නිර්මාණය වි තිබේ.ඒ අනුව ඇමති නිමල් ලංසා හට මිගමුවෙන් මනාප 15000 ක් පමණවත් ගැනිම දැනටමත් අපහසු තත්වයක තිබියදි ඉතිරි මනාප ප්‍රමාණය වෙනත් ආසන වලින් පවතින යථාර්ථය හමුවේ ලබාගැනිම සැබැවින්ම අති දුෂ්කර කාර්යයක්ව පවති.

ඇමති නිමල් ලංසාගේ මිගමු සංවර්ධන ව්‍යාපෘති සුදු අලින් පමණක් විම

වෙළද සංතිර්ණ්‍යක් හදනවා යැයි කියා ලක්ෂ 200 ක් අපතේ ගිය තැබැරුම්වත්ත
වෙළද සංතිර්ණ්‍යක් හදනවා යැයි කියා ලක්ෂ 200 ක් අපතේ ගිය තැබැරුම්වත්ත
ගමට යනපාර වසා හැදු කාමච්චෝඩේ වෙළද සංකීර්ණය තවමත් සුදු අලියෙක්?
ගමට යනපාර වසා හැදු කාමච්චෝඩේ වෙළද සංකීර්ණය තවමත් සුදු අලියෙක්?

විශේෂයෙන්ම ඇමති නිමල් ලංසා යහපාලන රජය තුල වසර තුනාමාරක් ඇමතිධුරයක් දැරුවද මිගමුවේ ජනයාට යැයි ප්‍රයෝජනවත් යමක් කර තිබුනේ නැත.
එමෙන්ම මිගමු අරභයා පසුගිය කාලය තුල කරන්නට යෙදුන බහුතරයක් සංවර්ධන යෝජනා ක්‍රම සැබැවින්ම සුදු අලි බවට පත්ව තිබේ.
එපමණක් නොව සිය සහෝදරයා නගරාධිපති වි මිගමුව වසර 2 කකට වැඩි කාලයක් පාලනය කළද නගරාධිපති දයාන් ලංසා ගැන ඇත්තේ මුලු මිගමුවේම අප්‍රසාදයකි.
එය කොතරම් දැයි කියන්නේ නම් අඩුම තරමින් පසුගිය ජනාධිපතිවරණයේදි තමන් ගේ කොට්ටාශය වන වැල්ලවිදිය පවා ජයගැනිමට නොහැකිවිම හමුවේ ඔහුට ඇති ජන අප්‍රසාදයේ තරම මුළු මිගමුවට අගේට කියා දි තිබුණි.
මේ සියලු  ජන අප්‍රසාදයන්ගේ එකතුව යනු ඇමති නිමල් ලංසාගේ අනාගත දේශපාලන ඉරණම තින්දු කරන තිරාණාත්මක සන්ධිස්තානයයි
එබැවින් මෙය ඉතාමත් හොදින් දන්නා ඇමති නිමල් ලංසා සිය ආධාරකරුවන් ඉදිරියේ සිය අසරණ භාවය පෙන්වමින් කෙසේ හෝ තමන්ව මෙවර මනාප වලින් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා ඇත.

මහජන බදු මුදල් අයියා වෙනුවෙන් වැයකරන මල්ලිනිමල් දයාන්

මේ අතර නගරාධිපති දයාන් ලංසා පසුගිදා සතිපොලට ගොස් පාර කාපට් කර ඒ වෙනුවෙන් උූත්සවයක් තබා සති පොල නවිකරණය කළ යැයි කියමින් ඔහුවත් වෙළදුන් සැමවත් රවටමින්ද ඉල්ලා තිබුනේ අයියාට මනාපයක් දි මෙවර පාර්ලිමේන්තු යවන ලෙසය.
මේ සියල්ල විසින් කියන්නේ ඇමති ලංසා මේ වන විට පත්ව ඇති අර්බුදයයි.මේ නිසාම පාරවල් හොයා හොයා යමින් මිගමු මහජන බදු මුදල් වලින් කොන්ක්‍රිට් තමා පිත්ත පිටි ඇද නගරාධිපතිවරයා තනිවම පිත්ත පටි කපා විවෘත කරන්නට තරම් අසරණ වි ඇත.
මේ සියල්ල විසින් කියන්නේ කළ කළ දේ පළ පල දේ යන යථාර්ථයේ කියමනයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article