spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙගා ඩෙංගු මාධ්‍ය සංදර්ශණ නිමාවෙයි ! වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ගණන ජුලි මාසේදි වාර්ථා වෙයි ?

Must read

පෙරියමුල්ල ඩෙංගු 12මීගමුව මහනගර සභාවේ නාගාරික කොමසාරිස් බදු ආදායම් වැඩිකිරිම පමණක් සිය එකම රාජකාරිමය වගකිම කරගත් මසුරෙකු විම නිසා බදුගෙවන ජනයාට නිසි ලෙසින් දුමායන කටයුතු සිදුකෙරුණේ නැත.
මේ නිසාම ඇතැම් ප්‍රදේශවලදි අසරණ රෝගින්ට සිය ජිවිතවලින්ම වන්දි ගෙවන්නටද සිදුවිය.
තතු මෙසේව තිබියදි බස්නාහිර මහඇමතිගේ ඉල්ලාගෙන මීගමුවේ ඩෙංගු මැඩිමේ ගැලවුම්කාර යැයි කියා ගනිමින් මීගමුවට පැමිණි ඇමති නිමල් ලංසා  මීගමුවේම බදුගෙවන ජනයාගේ මුදල් මතින් ඩෙංගු මඩින අතරේ දැවැන්ත දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කොට තිබුණි.
මේ පිළිබදව අවස්ථාව කිපයදිම අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත කියා සිටියේ මිනි මතින් දේශපාලනය නොකළ යුතු බවය,එසේ කියන්නට හේතුවි තිබුනේ මිගමුවේ එකාබද්ධ විපක්ෂය ඔසවාගෙන යන සියළුම හිටපු නාගරික මන්ත්‍රිවරුන් ඩෙංගු මදුරුවාෙගන් ගොඩයාම සදහා කිසිදු හිරිකිතියකින් තොරව ත්‍රිරෝද රථ වල ශබ්ද විකාශන බැදගෙන පැහැදිලි ලෙස දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිමය.
කෙසේ වෙතත් කලට වේලාවට බදුමුදල් වැය කොට නිසි දුමායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මුල්නොවු මසුරෙකුගේ නාගරික පාලනය පසුව කෝටි ගණනක් වැය කරමින් දැවැන්ත ප්‍රදර්ශණාතමක් දුමායන වැඩපිිළිවෙලක් ක්‍රියාත්මක කොට දැන් අපට ජුලි මාසයේ ශේෂ පත්‍රය ලැබි ඇත.
පසුගිය ජනවාරි මාසයේ සිට මැයි  මාසය දක්වා වාර්තා වු මුළු ඩෙංගු රෝගින් ගණන මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 992 කි.
එහෙත් ජුලි මාසයේ පමණක් වාර්තා වු ඩෙංගු රෝගීන් ගණන 1318 කි.ඒ අනුව වැඩිම ඩෙංගු රෝගීන් ගණන් වාර්ථා වු මාසය වන්නේ ජුලි මාසයයි.
මින් කියැවෙන එක් දෙයක් තිබේ.
තෙමසක දුමායන කටයුතු සදහා වැය වෙතැයි අපේක්ෂ කළ මුළු මුදල රුපියල් කෝටි 3 කි.
ජුලි මාසය තුල ඩෙංගු රෝගින් 1318 ක් වාර්ථා වන්නේ රුපියල් කෝටියක් පමණ වැයකරමින් ඩෙංගු මර්ධනය සදහා දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කර තිබියදිය..
දැන් මේ මාධ්‍ය සංදර්ශනය අවසන් විමට ආසන්න වෙමින් තිබේ.
මේ සංදර්ශන මාලාවේ ප්‍රධාන නළුවා වන්නට සැලැසුම්ගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ ඇමති නිමල් ලංසා දැන් යළිත් ඕස්ට්‍රෙලියාවේ පදිංචියට යාමට සුදානමින් සිටි.
දැන් අපටද සතුටුද ?????
ස්ටැන්ලි ප්‍රනාන්දු
මීගමුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article