spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙදා පැටවුන් මැරුණු නිසා මොදා මසුන් ඇති කරන්නෝ කලකිරෙති.

Must read

lagoon 1පසුගිය දින කිහිපය තුළ මීගමුව කලපුවේ මොදා මසුන් ඇතිකරන ධීවරයින්ට කණගාටුවට කරුණක් සිදුවිය . ඒ ඔවුන්ගේ කොටුවලට දැමූ සියළු මාළු පැටවුන් මැරුණු නිසා බව පෙන්වා දෙන ලදී .
මේ ගැන අදහස් පල කල ධීවරයින් කිහිප දෙනෙකි.IMG-20191013-WA0016
මේගැන අදහස් ප්‍රථමයෙන් අදහස් ඉදිරිපත් කරන ලද්දේ ජූඩ් ෂෙල්ටන් මහතාය.
මම පැටව් 1200ක් ගෙනාවා. ඉන් 200 ක් පමණයි ඉතිරි වුනේ.
මෙම පැටවුන් මැරුණු හේතුව හරියට දන්නෙ නෑ . සමහරු කියන්නෙ කලපුවේ වතුරවල ප්‍රශ්ණයක් කියලයි. තවත් අය කියන්නෙ මුතුරාජවෙල ඇති කුණු කන්දෙ බලපෑමක් කියලයි .
මේගැන අදහස් දක්වන ක්‍රිෂෝර් ලක්ෂ්මන් පෙරේරා මහතා ප්‍රකාශකළේ තමන්ගේ මාළු පැටවුන් 2000ක් පමණ මැරුණු බවයි.
පැටවුන් මිලදී ගැනීමේදී කලින් රු. 25 ක්වූ අඟ 2ක පැටවෙකු දැන් රු . 40 ක් වන බවයි . මෙම කොටු තුළ මාළු ඇති කල පිරිස 60 කට වැඩි පිරිසක් සිටින බව ඔහු සඳහන් කරයි.IMG-20191013-WA0015
එවැනි මුදලක් වැය කලත් මෙහෙම මැරෙනව නම් මොනව කරන්නද.
වනජීවි එකෙනුත් ඇවිල්ල බලල මොනවද කිව්වා . ඒගොල්ලො කියන දේ අපට තේරෙන්නෙ නෑ. කලපුවේ ප්‍රශ්ණයක් කියලයි ඒගොල්ලො කියන්නෙ . මම නම් ඒක පිළිගන්නෙ නෑ.IMG-20191013-WA0014IMG-20191013-WA0017
එසේම සැම්සන් ප්‍රනාන්දු , මැෂනට් ප්‍රනාන්දු ද මේගැන අදහස් දැක්වූ අතර සැම්සන් ප්‍රනාන්දු මහතාගේ මාළු පැටවුන් 2750 ක් මැරුණු බව ඔහු සඳහන් කරන ලදී.

නමුත් මැෂනට් ප්‍රනාන්දු මහතා එය කලපු වතුරේ වෙනස් කම මත සිදුවූ දෙයක් බව ස්ථිරවම කියා සිටින ලදී.

නමුත් මෙම කලපුවේ මොදා මසුන් කොටුතුළ ඇති කිරීමේදී පැටවුන් ලබාගැනීමට ඔවුන්ට තිබෙන දුෂ්කරතාව තදින් අවධාරණය කරන්නකි. මෙම පැටවුන් සපයන්නෝ ද මුදල ගැන පමණක් සිතා කටයුතු කරන්නෙකු වන බව අපට තොරතුරු ලැබී ඇත . ඒනිසා එහි ප්‍රමිතිය පිළිබඳවද ප්‍රශ්ණයක් තිබෙන බව පෙනේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article