spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙවර පුලිට්සර් සම්මානය ඉන්දීය ආණ්ඩුවේ මර්දනය අනාවරණය කළ ඡායාරූප ශිල්පින් තිදෙනෙකුට

Must read

( 6.30 pm ) 2020 වසර සඳහා හොඳම විශේෂාංග ඡායාරූපයට හිමිවන පුලිට්සර් සම්මානය ඡායාරූප ශිල්පීන් තුන්දෙනෙකු විසින් දිනාගෙන තියෙනවා. ඔවුන් තිදෙනා වන්නේ චන්නි ආනන්ද, මුක්තාර් ඛාන් සහ දාර් යසින්. මෙම සම්මානය හිමිව ඇත්තේ ඔවුන් විසින් ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය ලෝකඩවුන් කර තිබූ සමයේ ගන්නා ලද ඡායාරූප සඳහායි.

2019 වසරේ කාශ්මීර වැසියන්ට රජයේ රැකියා සහ ඉඩම් ලබාදෙන ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් 35 ඒ වගන්තියත්, ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ස්වාධීන පාලනයක් ලබාදෙන 370 වගන්තියත් සංශෝධනය කිරීමට මධ්‍යම රජය තීරණය කිරීමත් සමඟ ජම්මු – කාශ්මීරය පුරා විරෝධතා ආරම්භ වුනා. මෙම විරෝධතා ඉන්දීය ආණ්ඩුව විසින් කෘර ලෙස මර්දනය කෙරුණා. මිට අමතරව ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා භාවිතය අවහිර කර තිබුණි

මෙම තත්ත්වයට මුහුණ දෙමින් චන්නි ආනන්ද, මුක්තාර් ඛාන් සහ දාර් යසින් යන තිදෙනා මෙම ඡායාරූප ගැනීම සඳහා විශාල අවදානමක් දරා තිබෙනවා. ඔවුන් නාදුනන ගෙවල් වල නවාතැන් ගනිමින් තම කැමරා සඟවා තබා ගනිමින් මෙම ඡායාරූප ගෙන තිබෙන බව සඳහන්. එසේම ඔවුන් මෙම ඡායාරූප The Associated Press වෙත එවීම සඳහාද විශාල වෙහෙසක් දරා තිබෙනවා.

මෙම ඡායාරූප ශිල්පීනුත් ජම්මු -කාශ්මීර ප්‍රාන්ත වැසියන්. ඔවුන් පවසන්නේ කාශ්මීරය තුළ සිදුවෙමින් පැවති දෙය දකිමින් තමන්ට නිහඬව සිටීමට නොහැකිවූ බවයි. සත්‍ය පැවසීමට අවශ්‍ය වූ බවයි.
vivaranews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article