spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවතැන් වූ පිරිසකට කන්න නැතැයි ෆේස්බුක් දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට!

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 7.15 pm ) කොවිඞ්-19 වසංගත තත්වය නිසා ගම්බිම් බලා යෑමට නොහැකිව කොළඔ, මෝදර ශ්‍රී වෙන්කටෙශ්වර හින්දු කෝවිලේ මංගල ශාලාවේනැවති පිරිසකට ආහාර සහ පානීය ජලය නොමැති බව පෙන්වාදෙමින් මුහුණු පොතේ සටහන් කිහිපයක් උඩුගත කළ තරුණයන් දෙදෙනෙකු මෝදර පොලිසිය මැයි 04 වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි ‘අනිද්දා’ ඊ පුවත්පත (anidda.lk) වාර්තා කරයි.

මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ගේ එම පුවත් වාර්තාවට අනුව, කොවිඞ් 19 වසංගතය නිසා මාර්තු 20 දින කොළඔ නගරයට ඇඳිරි නිතීය ප්‍රකාශ කිරීමත් දිස්ත්‍රීක්ක අතර ගමනා ගමනය තහනම් කිරීමත් නිසා බදුල්ල, හපුතලේ වැනි ප්‍රදේශ වලින් පැමිණ කොළඔ නගරයේ රැකියාවල යෙදුණු උඩරට දෙමළ ජාතිකයන් 15 ක්  කොළඔ මෝදර ප්‍රදේශයේ මංගල ශාලාවක නවත්වා සිට ඇත.

එයට මැදිහත් වී තිබුණේ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් සෙන්දිල් තොණ්ඩමන්ගේ ලේකම්වරයෙකි.

මෙලෙස නවාතැන් ගෙන සිටි පුද්ගලන්ට ආහාරපාන හා පහසුකම් නොමැතිකම නිසා ඒ අවට පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙක් එම ස්ථානයට ගොස් මුහුණුපොතෙහි ඒ පිළිබඳව සටහනක් පළකර ඇත. පසුව එම තරුණයන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

 

සෙන්දිල් තොන්ඩමන්ගේ පැමිණිල්ලක් !

අප මේ පිලිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය අංශයේ නිලධාරියෙකු පැවසූවේ අදාල ශාලාවේ රැදී සිටින පුද්ගලයන්ට සියළු පහසුකම් ඇති බවත් අදාල තරුණයන් මුහුණු පොතේ උඩුගත කළ සටහන ඉවත් කර දෙන ලෙසත් ඉල්ලමින් සෙන්දිල් තොන්ඩමන් පැමිණිල්ලක් කර ඇති බවය.

ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම තරුණයන් එම ශාලාවට ඇඳිරි නීතිය කඩ කරමින් පැමිණ ඇති බවත්, අවසරයකින් තොරව ශාලාවට ඇතුල්වී ඇති බවත් හෙළිවූ නිසා එම තරුණයන්ව අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා පැවසීය. එම තරුණයන්ව මැයි 05  වන දින අලූත්කඬේ ප්‍රධාන මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.”

 

ලංකාවේ ලේඛක ලේඛිකාවන් 17ක් හිරේ !ramsi Rask free

“බියෙන් සහ පක්ෂග්‍රාහිත්වයෙන් තොර මාධ්‍යකරණයක්” තේමා කොටගෙන පසුගිය මැයි 03දාට දී තිබුන ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලැබුවේ බලධාරීන් විසින් වසංගතයට මුවාවී ලේඛක ලේඛිකාවන් පිරිසක් සිපිරිගෙයි ලා තිබියදීය.

අන්තර්ජාලයේ පලකළ ලියවිලි වලට උරණවූ පොලීසිය විසින් ඒවා “සාවද්‍ය පුවත්” ලෙස චෝදනා කරමින් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති පිරිස 17 කි.

සාවද්‍ය පුවත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ, සමාජ ජාල තුළට අන්තර්ගතයන් ලෙස එකතු කිරීම වැනි චෝදනා යටතේ කොරෝනා වසංගත සමය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ඔවුන් අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

ලෝක නිදහස් මාධ්‍ය දිනය දා මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු හිටපු ජනමාධ්‍ය ඇමතිවරයකු වන මංගල සමරවීර සඳහන් කර තිබුනේ, ලෝක නිදහස් මාධ්‍ය දිනයේදී අපට යමක් අමතක නොවන පිණිස, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 17 දෙනෙකු කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් අත්අඩංගුවට ගෙන ඇත.” කියාය.

WhatsApp Image 2020 05 03 at 7.22.48 PM
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article