spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යථාර්තය නොදැන මවන පුවත් වලින් ගින්නට පිදුරු දමයි ද ?

Must read

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboමීගමුව යනු බහු සංස්කෘතික බහු ආගමික නගරයකි. මෙවැනි වාතාවරණයකදී පසුගිය 21 වනදා සිදුවූ ෙඛ්දවාචකය මීගමුවේ පැවති  සාමාකාමී පොදු ජන ජීවිතයට හා හදවත් වලට  දැරිය නොහැකි කම්පනයක් බව නොඅනුමානය. මෙම පසුබිමේ දී ක්‍රියාත්මක වූ අන්තවාදය මේ පොලාව තුළ නොව ලෝකයේ සැම තැන්හිදීම ක්‍රියාත්මකය. ඒ හේතුවෙන් ම සරණාගතයින්ව පැමිණි රෝහින්ග්‍යා ප්‍රජාවද , පාකිස්තානු ජනතාවක්ද මීගමුවේ ජීවත් වෙති.   ඔවුන් මෙහි රැදී සිටින්නේ එක්සත් ජාතින්ගේ රැකවරණය මැදයි. අද උදෑසන  එක්තරා ගුවන් විදුලි නාලිකාවක විකාශය වූ පුවතක සදහන් වූයේ ඊයේ රාත්‍රියේදී මීගමුවේදී  ආගමන විගමන නීති වලට පටහැනිව රැදී සිටි පාකිස්ථාන් ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංවට ගත් බවයි.  නමුත් මෙම ප්‍රවෘත්තියේ සැගවුණ තවත් ඇත්තක් තිඛේ. ඔවුන් සරණාගතයින් ලෙස සිටින පාකිස්ථාන් ජාතිකයින් බවත් ඔවුන් හට එක්සත් ජාතීන්ගේ සංවිදානයෙන් ලබාදී ඇති නීතිමය ලියවිලි වල දින කල්ඉකුත්ව ඇති බවත්ය. එම හේතුවෙන් ඔවුන්ව පොලීසිය විසින් යම් පරීක්ෂාවකට ලක්කොට ඇත. මෙම සිදුවීම හා ඇතිවූ මෙම සිදුවීමත් ඇතිවූ බෝම්බ පිපිරීමත් අතර සම්බන්ධයක් නොතිබිය හැකි වුවත් මේ අවස්ථාවේදී  ප්‍රවෘත්ති පිපාසයෙන් සිටින ඇතැම් මාධ්‍ය හුදකලා සිද්ධීන් වලින්ද සමාජය ගිනී ඇවලීමට උත්සාහා දරනු පෙනේ.
මේ අවස්ථාවේදී මීගමුවේ මෙන්ම අනෙක් නගර වලද සාමාන්‍ය  ජනජීවිතය සන්සුන් කිරීම පිණිස ආරක්ෂක අංශ විසින් ගන්නා උත්සාහය අගය කළ යුතු අතර රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරීමට ඇතැම් මාධ්‍ය ගන්නා උත්සාහයන් හෙළාදකිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article