spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනී

Must read

පුවත්පත් නිවේදනය

යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනී

දැනට යේමනයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75 – 100 ත් අතර වෙතැයි වාර්තා වේග වර්තමානය වනවිට එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ යේමනයේ අගනුවර වන සනා ඇතුළු අනෙකුත් ප්‍රධාන නගර වන හො‍දෙයිදාල ඒඩන් හා මුකල්ලා හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටීග

විදේශ කටයුතු අමාත්‍යංශය හා දැනට යේමනය වෙත අක්ත ගන්වා ඇති මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යේමනයේ ජීවත් වන සියළු ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව යලි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් සිටීග මස්කට් හි ශ්‍රී ලාංකීක ධුත මණ්ඩලයල යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමග සබඳතා පවත්වාගෙන යන අතර ඔවුන් විසින් යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්වය සෘජුවම අධීක්ෂණය කරමින් සිටීග

පුද්ගලයන් ඉවත් කරගැනීමේ කාර්යයේ දී ශ්‍රී ලංකා රජය විසින් සනා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා කොළඹ පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සහය ද ලබාගෙන ඇතග

එමෙන්ම යේමනයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ල ඉන්දිය ජාතිකයන් සමඟ රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කරන  මෙන් ශ්‍රී ලංකා රජය විසින් කල ඉල්ලීම ඉන්දීය රජය පිළිගෙන ඇති අතර ඔවුන් විශේෂ ගුවන් යානා හා නැව් මගින් රැගෙන එනු ඇත. පසු ගිය සතියේ වැඩබලන විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ  නියෝජ්‍ය විදේශ කටයුතු  අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, මෙම මුදවා ගැනීම් කාර්යයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය හා මස්කට් හා සනා හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

මෙම කාර්යයේ දී ඉන්දීය නිලධාරීන් හට අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත සහ මස්කට් හි නියේජ්‍ය තානාපති වෙත විදේශ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් ද අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

යේමනයේ ජීවත්වන තම ඥාතීන් සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු විදේශ කටයුතු අමාත්‍යංශය වෙත 0115839414  0112323015 consular@sltnet.lk /cypher@mea.gov.lk :කන්සියුලර් අංශයල විදේශ කටයුතු අමාත්‍යංශය* ඔස්සේ දුරකථනයෙන් හෝ ඊ-මේල් මගින් කඩිනමින් දැනුම් දෙන ලෙසත් එසේ නොමැතිනම් යේමනයේ සිටින තම ඥාතීන් හට අදාල තොරතුරු මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත 0096 895863739 – 0096 899898836,lankaemb@omantel.net.om ඕමාන් නියෝජ්‍ය තානාපති* ඔස්සේ දැනුම් දෙන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීග

විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යේමනයේ වත්මන් තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර යේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිරුපද්‍රිතව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2015 අප්‍රේල 01 වන දින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article