spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසාධාරණ නඩු තීන්දුව හා පල්ලන්සේන පාස්කු ඉතිහාසය

Must read

lent 1lent 10lent 2lent 3lent 5lent 7lent 8lent 9(ඩිල්ෂාන් තිසේරා)අසාධාරණ නඩු තීන්දුව පාස්කු වේදීකා නාට්‍යය පසුගිය මාර්තු 28 වන සෙනසුරාදා දින පල්ලන්සේන කල්වාරි සෙවනේදි පැවැත්විනි.රචනය හා නිර්මාණ අධ්‍යක්ෂණය ඔලිවර් ඒ.ප්‍රනාන්දු මහතාද අධ්‍යක්ෂණය රෝයි රොද්‍රිගු මහතාගේ හා මීසම් පාලක ගරු ජයන්ත නිමල් පියතුමාගේ අධීක්ෂණයෙන් හා නලු නිලියන් 150කගේ දායකත්වයෙන් මෙය වේදීකා ගත විය.
   1976 දි වේදීකා ගත් වූ නාසරේත් හී ජේසුස් හේවත් පිලාත්ගේ නඩු තීන්දුව වේදිකා නාටකයෙන් පල්ලන්සේන පාස්කු නාට්‍ය ඉතිහසය නැවත ලියන්නට ආරම්භ කරන ලදි.
එවකට මීසම් පාලනාධිපති වු ගරු චාල්ස් ද සූසා පියතුමාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්විණි.එදා මෙදා තුර වසර 23ක කාලයක් පියතුමන්ලාගේ 10කගේ අනුශාසකත්වය යටතේ මෙය වේදිකා ගත විය.
 1976 සිට මෙම නාටකය අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂකවරුන් අතර ආරම්භකයා වන්නේ තම්මිටගේ ෆ්‍රැන්ක් පෙරේරා මහතාය.ඇළ්ෆ්‍රඩ් පෙරේරා, රේමන් වීරසිංහ,ඉන්දික උඩුගම්පොල, හා රෝයි රොද්‍රිගු යන අධ්‍යක්ෂකවරුන්ගෙන් මෙය හැඩගැන්වුනි.
එහිදී 1990 සිට 2009 දක්වා මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කල රේමන් වීරසිංහ මහතා පල්ලන්සේන පාස්කු කලාවට මහත් අගනා සේවයක් කලේය.එදා සිට අද දක්වා වේදිකාවේ නොසැලෙන චරිතයක් වූ ඔලිවර් ඒ.ප්‍රනාන්දු මහතා 1976 සිට 2009 දක්වා වසර 33ක කාලයක් ජේසුගේ චරිතයට පණ පෙවීය.
ඔහුට අමතරව ලෙස්ටර් ජයකොඩි  හා සුරංග ප්‍රනාන්දු මහතාද ඊට නොදෙවිනි රංගනයෙන් ජේසුගේ චරිතයට පන පෙවීය. 2013 සිට 2015 දක්වා වසර දෙකක කාලයක් දනුෂ්ක ෆොන්සේකා තරුණ මහතා ජේසුගේ චර්තය පණගන්වයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article