spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් ගුණරත්නව මහින්ද ලගට කැන්දන් ගියේ කව්ද ?

Must read

sarath Gමීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටුප ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා පසුගිය දිනක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මුලිකත්වයෙන් දිවුලපිටියේ පැවැති ආගමික උත්සවයට සහභාගිවි තිබුණි.
පැවැති ජනපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සමගින් වු පළමු ප්‍රසිද්ධ හමුව මෙය විය.
මේ පිළිබදව මීගමුව  දේශපාලන ක්ෂේත්‍ර විවිධ කථාබහ පැතිර යන්නට විය.
මහින්ද පිළ නියෝජනය කළ සරත් ගුණරත්න පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වරම් ලබද්දි ඔහු නොකඩවා වසර 30 ක් පක්ෂය වෙනුවෙන් ඇප කැපව මහත්වු වැඩකොටසක් කර තිබුණ බව ඔහුගේ සමිපතම අධාරකරුවෙකු විසින් අප හා පවසා සිටියේය.
කෙසේ වෙතත් ඔහුව නිරන්තරයෙන්ම නියෝජනය කරන ලද්දේ මහින්ද පිළයි.
එසේ වුවද ඔහු මහින්දගේ දේශපාලන ව්‍යපෘතිය ඉදිරියට ගෙනයන්නට කටයුතු කරමින් තිබු බවක් අපට අසන්නට තිබුනේ නැත.අභිනවයෙන් පත්වු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවටද ඔහු තේරි පත්විය.මේ අතර නම සදහන් කිරිමට අකමැති වු මීගමුවේ ප්‍රබල ශ්‍රිලනිප ක්‍රියාකාරකයෙකු පවසා සිටියේ සරත් ගුණරත්නව යළිත් මහින්ද වෙතට යැවිමට පසුගිය කාලය තුල පැවැති දේශපාලන වර්ධනයන් සහ බලපැ ඇති බවය.
විශේෂයෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයා සහ සරත් ගුණරත්න අතර පවතින සදාකාලික විරසකය හේතුකොටගෙන සරත්ට කිසිදු ඉඩක් යළිත් දිමට රාජිත කටයුතු කරමින් සිටින්නේය යන බරපතල චෝදනාවක් ශ්‍රිලනිප ක්‍රියාධරයන් අතර පවති.මැතකදි පැවැති ඇමති මණ්ඩල සංශෝධනයේදිද සරත් ගුණරත්න කැපි ගොස් තිබුණි.
පසුගිය දිනක පිටිපනදි පැවැති විවෘත කිරිමේ උත්සවකදි ඇතිවු ගැටුමේදිද මීගමුව නගරාධිපතිවරයා විසින් කියන්නට යෙදුනේ ඇමතිවරයෙකුව සිටියේද ඔහු අතින් කිසිවක් මීගමුවට ඉටුනොවුන බවය.
යමක් කළා නම් ඒ නිමල් ලංසා පමණකැයිද හේ කිවේය.
මේ අනුව මීගමුව තුල නව බල සන්ධානයක් යළිත් නිර්මාණය විමට පටන්ගෙන ඇති වා සේය.
මේ සියළු වර්ධනයන් විසින් සරත් ගුණරත්න හිටපු ඇමතිවරයාව මහින්දගේ දෑත් ශක්තිමත් කිරිම සදහා ගෙනගොස් තිබුණා විය හැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article