spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංජන්ගේ කාර් පර්මිට් එක සහ ලංසාගේ පර්මිට් එක

Must read

Ranjan R 1ඉතාලියේ මිලානෝ නුවර සිට ක්‍රියාත්මක යු ටියුබ් වැඩසටහනක් පසුගිය දිනක නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පිළිබදව ප්‍රකාශයක් කරන්නට යෙදුණි.
එමගින් දක්වා තිබුනේ  රංජන් රාමනායක විසින් සිය තිරුබදු රහිත වාහනය විකුණා ඒ මුදල් සාක්කුවේ දමාගෙන ඇති බව කීමය.
ඒකි වැඩසටහන ඉදිරිපත්කරන්නා ආල වට්ටම් දමමින් කියන්නට උත්සාහ කරේ දැන් රංජන්ගේ කෙලි ඔක්කොම ඉවර බවය
කාටවත් පොලොව් ගසන්නට බැරිව සිටි වන්ෂෝට්ව දැන් යුටියුබයක් හරහා ඔවුන් විසින් පොලවේ ගසා ඉවර කර දමන බවය.
එසේ ඔහු විසින් ප්‍රකාශ කරන්නට යෙදුන පිටපත පිටුපස රංජන් රාමනායකට එරෙහිව දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කිරිම සදහා මාන බලමින් සිටි පිරිසක් වන  බව ඉතා පැහැදිලිය
අපගේ ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ පිටුපස සිටින එක් සැගවුණ අමුත්තෙකු වන්නේ එංගලන්තයේ සිටින නිතිඥවරයෙකු බවය
රාජපක්ෂ රෙජිමය පලවාහැරිමේ අසිරු අරගලයේ පැත්ත පළාතක නොසිටි ඇතමුන් දැන් අන්තර් ජාලයට පින්සිදුවන්නට මාධ්‍ය පොරවල් ලෙස ඇද ගෙන ඇති බව දැන් දිනෙන් දින පැහැදිලි වෙමින් තිබේ.
රාජපක්ෂ රෙජිමය පලවා හැරිමේ ඇත්ත අරගලය තිබුනේ ලංකාවේ මහපොලව මතය.ඒ වෙනුවෙන් ජිවිත වලින්ම වන්දි ගෙවු මාධ්‍යවේදින්ද වුහ.එය ගණනින් 44 ක් ය.
රංජන් රාමනායක යනු ඒ අරගලයේ තවත් දැවැන්ත වැඩකොටසක් කළ අයෙකි.
එපමණක් නොව මහින්ද පාලනයක් යළිත් දකුණේ පොලව මත ස්ථාපිත කිරිමට කිසිදු ඉඩක් නොතබා කොන්දේසි විරහිත අරගලයක නිරතවන අතලොස්සක් වු දේශපාලනඥයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි.
මීනිමරු පාලනයක් මේ රටින් අතුගා දැමිම සදහා වු අරගලයේ පැත්ත පාලතක නොනිසිටි පොරවල් වෙත අන්තර් ජාල මයික් එකක් ලැබු පමණින් දැන් දේශපාලන බණ දෙසන්නට පටන් ගෙන ඇති සෙයකි.මෙහිදි  තවත් එක් කරුණක් සටහන් කළ යුතුව තිබේ.එනම් මහින්දලාගේ සහ බැසිල්ගේ සුවච කිකරු ගෝලයෙකු වු නිමල් ලංසා ද සිය මෝටර් මෝටර් රථය විකුණා තිබුණ බවය
දේශපාලනය යනු සදචාර කොදු වලින් මැන බලා විග්‍රහ සපයන්නට බැරි එකක් යැයි තේරුම් ගත හැක්කේ  දේශපාලන සතුන්ට මිස අනුන්ගේ පිටපත් කියවා පොරවල් වන්නට සිතා සිටින උන්නට  නම් නොවේ.
කෙසේ වෙතත් ඉහත යුටියුබ් ප්‍රකාශය ගැන රංජන්ගේ  විග්‍රහය කිසියම් අයෙකු විසින් මුහුණු පොතේ සටහන් තබා තිබුණි.
එය පහත පරිද්දෙනි.තවත් එක් කරුණක් සටහන් කළ යුතුව තිබේ.

ස්වභාවධර්මයට බොරු කළ නොහැක

රන්ජන් රාමනායක වාහන හොරකමක නියැළුණු බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට ලබාදෙන පුද්ගලික මන්ත්‍රී වාහන බලපත්‍රය මා ලබාගැනීමයි ගැනයි මෙලස විවේචනයට ලක්ව තිබෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා බලපත්‍ර ලබාගැනීමේදී විවේචනය නොවීමත් මා බලපත්‍රය ලබාගැනීමේදී විවේචනයට ලක්වීම ගැනත් මට ඇත්තේ සතුටකි.

සැප වාහන පිස්සුවක් මට නැති නිසා මගේ බලපත්‍රයට ලබාගත් වාහනය භාවිතයට නොගෙන එයින් ලැබෙන මුදල මම ජනතා සේවයට යොදා ඇත්තෙමි. එයන් කිසිදු සතයක් මට සැප පහසු ජිවිතයක් ගත කිරීමට මම වියදම් කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එලෙස මම සතයක් හෝ ලබාගෙන ඇත්නම් මටම මම හෙණ වදින ලෙස ප්‍රර්ථනා කරමි. මම අදටත් ජිවත් වන්නේ කුලී නිවසක බවත් මේ ලෝකයේ මට කිසිදු පර්චසයක් වත් නොමැතිබව මා ගැන දන්නා සියල්ලන්ම දනී. මම හැමදාව කියන්නාසේ යානා වාහන මිල මුදල් රැස්කිරීම මගේ ජිවිතේ අරමුණ වුයේ නම් මම පොඩි නිවසක ජිවත්වි පරණ වාහන පාවිච්චිකරමින් ජීවත්වන්නේ නැත.

මම බහුතරයක් දේශපාලකයන් මෙන් හොරකම් කර නැත, කොමිස් ගන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙ ඕනෑම එපාකම් ඉටු කර මුදල් ලබාගෙන නැත, පස් හොරුන් වෙනුවෙන් පෙනී සිට නැත, ඇමති වාහන අරන් නැත, ඇමති නිල නිවාස අරන් නැත.

මා විවේචනය කරන ඇතැම් අය මගෙන් බලාපොරොත්තු වන්නේ ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කරන රන්ජන් මෙයද ප්‍රතික්ෂේප කළ යුතු බවයි. නමුත් මගේ සහ මගේ කාර්ය මණ්ඩලයේ තීරණය වුයේ මෙම බලපත්‍රය යොදාගෙන ජනතා සේවය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමටයි. සියළු ගණන් හිලව් ඇතිව එය සිදුවේ.

ඇතැම් මන්ත්‍රීවරුන් කරනවාසේ බලපත්‍රය පසුව ලියාපදිංචිකර ජනතාවගෙන් වසන්කිරීමට මා කටයුතු කළේ නැත. ප්‍රසිද්ධියේ මා එම පැවරීම සිදුකළේ එය නිත්‍යානුකුල බව පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් තහවුරු කරගැනීමෙන් පසුවයි.

එයින් එකදු සතයක් මගේ පුද්ගලික භාවිතයට මම ගත හොත් මට හෙණ වදින ලෙස මම ම ප්‍රර්ථනාකරමි. මොකද අනිකුත් දේශපාලකයන් මෙන් බොරු කියා මට ඔබෙන් බේරෙන්නට පුළුවන් වුවත් උඩ ඉන්න දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් බේරීමට මට නොහැකි බව මම දනිමි.

මීට

රන්ජන්

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article