spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංජන් කියන විදියට දණගහල වදින්න පුළුවන් පිරිසිදු රාජ්‍ය නිළධාරින් මීගමුවේ සිටිද ?

Must read

DSC01251 ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලෙන නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට කොන්දේසි විරහිතව සමාව ගන්න යැයි පරිපාලන සේවා සංගමය දි තිබුණ කාලය ඊයේ දිනයෙන් අවසන් වුවද නියෝජ්‍ය ඇමතිවරයා සමාව ගත්තේ නැත.
ඒ වෙනුවට ඔහු කළේ දිවුල පිටිය ප්‍රාදේශිය ලේකම්වරියට එරෙහිව ඊයේ දිනයේ අල්ලස් කොමිසමට පැමිණිලි කර සිටිමය.
එමෙන්ම මාධ්‍ය අමතමින් ඔහු එහිදි ඉතා වැදගත් ප්‍රකාශයක් සිදුකර තිබුණි.
එනම් මේ රටේ දූෂිත රාජ්‍ය නිළධාරින් මෙන්ම දණගසා වැදිය හැකි උතුම් රාජ්‍ය නිළධාරින්ද සිටින බවය.
අපට දැන් මීගමුවේ ජනයාගෙන් අසන්නට වන්නේ එසේ දණගසා වැදිය හැකි ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිළධාරින් මීගමුවේ සිටිද යන්නයි.
මේ අනුව අප ඉදිරියේදි අන්තට්ටුවක් පැළිදයි යුතු රාජ්‍ය නිළධාරින් සහ මල්පොකුරක් දිය හැකි රාජ්‍ය නිළධාරින් කව්ද යන්න ගැන විශේෂ වැඩපිළිවෙලක් මීපුර වෙබ් අඩවිය ඔස්සේ ආරම්භ කිරිමට අදහස් කරගෙන සිටිමු.
ඒ සදහා මීගමුවේ ජනයාගේ ක්‍රියාකාරි සහය බලාපොරොත්තු වෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article