spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජයත් අපහසුවට පත්කරමින් නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ලංසාට දසතින්ම විරෝධය ?

Must read

Screenshot_20200306_151059රජය ඉතාමත් නිවරදිව විධිමත් වැඩපිළිවෙලක් නිරෝධානයනය වෙනුවෙන් සැලැසුම් කරගෙන යමින් සිටියද දේශපාලනික වශයෙන් නන්නතාර වෙමින් සිටින නිමල් ලංසා වැනි චරිතයක් හැදල ප්‍රදේශයේ ජනයාවද උසි ගන්නවා රජයටත් එතෙර වෙසෙන ශ්‍රිලාංකිකයන්ටත් එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන විරෝධතා වැඩපිළිවෙලට එරෙහිව දැවැන්ත විරෝධයක් මේ වන විට දසතින්ම එල්ල වන්නට පටන් ගෙනය.
මනාප ටිකක් එකතු කරගැනිම ඇතැම් දේශපාලකයන් විසින් ඉතාමත් ආත්මාර්ථකාමි ලෙසින් කරන මෙවැනි කටයුතු සමස්ථ සමාජය විසින්ම හෙළාදැකිය යුතුව තිබේ.
තමන්ගේ පුද්ගලික අරමුණක් මුදුන් පමුණුවා ගැනිම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්තියක්ද එහෙම පිටින්ම අනතුරේ හෙලන්නට කටයුතු කරන නිමල් ලංසා වැනි දේශපාලකයන් ගැන ජනපති ගෝඨාභය පැහැදිලි තීන්දුවක් ගත යුතුව තිබෙන බව මේ පිලිබදව අදහස් දක්වන බොහෝ දෙනෙකුගේ අදහසයි.
දැනටමත් ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිටින අති බහුතරයක් දෙනා සිය විරෝධය ඔවුනට හැකි ලෙසින් සමාජ ගත කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දිනවල වැඩියෙන්ම සමාජ මාධ්‍ය තුල කථාබහට ලක්ව ඇති මාතෘකාව වන්නේද මෙයයි.
මෙවර පාර්ලිමේන්තු සිහිනය පවා අවදානම් තැනක තබාගෙන සිටින ලංසාගේ දේශපාලන ඉරණමද තීන්දුකරනු ලබන තිරාණාත්මක බලවේගයක් මේ හරහා නිර්මාණය කරනු නියතය.
සැබැවින්ම ලංසා මනාප පෙරේත කමට දුරදිග නොබලා කටයුතු කර තිබිම දැන් ඔහුටම එරෙහිව දැවැන්ත බුමරංගයක් වි ඇති සැටියකි.Screenshot_20200306_210356Screenshot_20200307_150844Screenshot_20200307_150828Screenshot_20200307_150804Screenshot_20200307_150728Screenshot_20200307_150708Screenshot_20200307_150643

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article