spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටට, ධීවරයාට විනකරන මීනීමෝරුන් ගැන නාට්‍යයක් !

Must read

IMG-20190729-WA0042IMG-20190729-WA0040IMG-20190729-WA0036නෙවිල් ගාමිණීගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය මිනීමෝරු ප්‍රදර්ශනය වේ.
ඊයේ(28 දා) මීගමුව රුක්මණීදේවි රංග ශාලාවේදී නෙවිල් ගාමිණීගේ මිනීමෝරු නාට්‍ය
වේදිකා ගත විය.
මීගමුව කලා කරුවන්ගේ නිජබිමකි. නෙවිල් ගාමිණී එම කලා කරුවන් අතර ඉහලින් තැබිය හැකි කලා කරුවෙකි. අප එසේ ප්‍රකාශ කරන්නේ කරුණු කිහිපයක් මත හිඳිමින්ය. ඉන් ප්‍රධාන කාරණය වන්නේ සමාජයේ පොදු ප්‍රශ්ණ වෙනුවෙන් පෙනීසිටින, අරගල කරන නිසා පමණක් නොව ඔහුගේ කලා හැකියාවන් ජනිතබ වන්නේ සැබෑ මිනිස් ජීවිතය සහ සම්බන්ධතා ඇසුරිනි . විශේෂයෙන් සැබෑ ජීවිතයෙන් අත්දැකීම් ලබන ධීවර පුත්‍රයෙක්දවේ.ඔහුගේ සෑම නිර්මාණයක් තුළින්ම එම යථාර්ථය මතුවී පෙනේ.
මිනීමෝරු වේදිකා නාට්‍ය නෙවිල්ගේ සිව්වන නිර්මාණයයි. මේ තුළ ඔහු සාකච්ඡාවට යොමු කරන්නේ පවතින රජයන් විසින් මේ රටේ භූමිය ඇතුළු පොදු දේපල විදේශ යන්ට විකිණීමට දරන උත්සාහයත්, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ඒ සඳහා පෙනී සිටිමින් තම පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන ආකාරයත් මතුකර පෙන්වයි.නාට්‍ය තුළ දක්ෂ නළු නිලි පිරිසක් ගොඩ නැගීමට නෙවිල් සමත්වී ඇත. මෙදින නාට්‍ය නැරඹීම සඳහා ප්‍රවීණ රංගන ශිල්පී උදේනි අල්විස් ඇතුළු නාට්‍ය ශිල්පීන් කිහිප දෙනෙක්ම සහභාගී විය. අපි නෙවිල් ගාමිණීගේ කලාකරුවෙකු ලෙස යන ගමනට හද පතුලෙන් ම සුභ පතමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article