spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටේ මාළු බෙදාහැරිම් ගැන බලධාරින් තිරණ ගත්තද මිගමු ලෙල්ලමේ අර්බුදය දිගටම ?

Must read

dav

මාළු බෙදා හැරීම සහ මාළු ප්‍රවාහනය සිදු කිරීම සම්බන්ධයෙන් ඇදිරිනීති බලපත්‍ර ලබා ගැනීමේදී ඇති වී තිබු සියළු ගැටළු නිරාකරණය කිරීම සදහා ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා මගින් දිවයින පුරා සිටින ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබා දී ඇතැයි අද දිණිමිණ වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.

 ඒ  අද(31) පැවැති රැස්වීමක දීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඇදිරිනීතිය පවතින කාලයතුල සියළුම ධීවර වරායන් වලින් මාළු කිලෝ 328700ක් රට පුරා බෙදා හැර ඇති බවත් මේ වන විට ධීවර සංස්ථාව හා   පෞද්ගලික අංශය විසින් ඇදිරිනීතිය බලපැවැත් වු කාලය තුල වරාය වලින් මාළු ලොරි24000ක ප්‍රමාණයක් රට පුරා බෙදා හැර ඇත. දැනට ධීවර සංස්ථාව සතුව මාළු මෙ.ටො. 75ක සතුව තිබෙන  බව සභාපතිවරයා දැන්වු අතර හැකිතාක් දුරටත් මාළු ගබඩා කර තබා ගන්නා ලෙසත් ඉදිරියේදී රට තුල මාළු හිගයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
තවද පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරිය වෙත දැනුම් දුන්නේය.
දැනට මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා 05 තිබෙන අතර ඒවාට අවශය මාළු සපයා දෙන ලෙසද අමාත්‍යවරයා සංස්ථාවේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දුන් අතර ධීවරයින්ගෙන්මාළු මිළදී ගැනිම සදහා ස්ථාවර මිලක් පසුගිය දා සංස්ථාව විසින් ලබා දුන් අතර ඒ අනුව කෙළවල්ලා කිලෝවක් රුපියල් 350කට ද ලින්නා රුපියල් 150ක මිලට ද බලයන් 220ක මිලට ධීවර සංස්ථාව විසින් මිලදී ගනු ලැබේ.
ජනාධිපති කාර්ය සාධන බලකායෙන් ජනතාවට මාළු බෙදා හැරීමට ඉල්ලා සිටින්නේ නම් ඒ සදහා ද සැපයීම් කරන ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි. තවද විවිධ සේවා සමුපාකාර සමිති සහ ස.තො.ස මුල් කරගෙන මාළු බෙදාහැරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තවදුරටත් උපදෙස් දුන් අමාත්‍යවරයා ධීවර සංස්ථාව හැකි පමණ සිය වාහන හා පෞද්ගලික අංශයේ වාහන ලබා ගෙන මාළු බෙදා හැරීම වඩාත් ක්‍රමවත්ව කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි. .
ජාතික මට්ටමේ සාකච්ජා එසේ පැවතියද මිගමුවේ ධිවර ව්‍යාපාරිකයො කියා සිටිින්නේ  දූව පිටිපන වීදිය ලෙලල්මේ මාළු විකිණිමේදි පොලිසියෙන් නිරන්තරයෙන් බාධා එල්ල වෙමින් පවතින බවය.
මේ පිළිබදව මීගමුව දූව පිටිපන වීදිය ලෙල්ලමේ ධිවර ව්‍යාපාරික මහතෙක් වන නුවන් හර්ෂ සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුණි.
මාලු ඇල්ලිමට අවසර ඇත නමුත් විකිණීමට අවසර නැහැත අපේ ලේල්ලමේ එක පැත්තකට කොරොනා හවස ලෙල්ලමේ නිරොදනය කරලා නිසාද මන්දා එයට අවසර ඇත මලු විකුනන පිරිසක් බත් කන්න අනිත් පිරිස වැලි කන්නද තිරනයක් ගන්න ඔනා සියල්ලන්ටම පොදුවේ කටවත් කුඩම්මගේ සැලකිලි නැතිව මොකද ලේල්ලමේ සැම බිම් කොටස් කරුවෙක් ම අඋරුද්දකට මුදල් ගේවා ලේල්ලමේ බිම් කොටසක් අරන් ඇති නිසා ගන්නවානම් පොදු තිරනයක් ගන්න ඔනා ලේල්ලමට එන්නෙ ලන්කාවෙ අල්ලන මලුය පිටරට අල්ලන මලු නේමෙ තිරනය ඔබ සතුයි අරක්සාව ගැන සිතනවා නම් සියලු දෙනා ගැන සිතලා නිසි ක්‍රිරියා මර්ගයක් ගන්න
 නුවන් හර්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article