spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘රන්ජන් රෙකෝඩ්ස්’ : වන්ෂොට් වෘකයන් අතර නග්නව

Must read

අහස උසට නැග ඇති අත්‍යවශය භාණ්ඩ මිල පිළිබඳ ගැටලුව පරයමින් රංජන් රාමනායකගේ දුරකථන සංවාද පිළිබඳ සාකච්ඡාව

මේ මොහොතේ ජනමාධ්‍යයේ අවධානය වැඩියෙන්ම ලබාගන්නා ගැටලුව බවට පත්ව ඇත. පළමුව පසුගිය දා පොලිසීය විසින් මන්ත්‍රී රාමනායකගේ මන්ත්‍රී නිවාසය සෝදිසි කිරීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබුණු නිල ගිනි අවියට වලංගු බලපත්‍රයක් නොමැතිවීමේ ඉතා නුදුරු හේතුව මත ඔහු අත්අඩංගුවට ගැනිණි. විරුද්ධ පක්ෂය එය හැඳින්වුයේ අභිනව ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම්වල දිගුවක් වශයෙනි.

එහෙත් මන්ත්‍රී රාමනායක අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වූයේ ලයිසන් නොකළ ගිනි අවිය නොව ඔහු සතුවන දුරකතන සංවාද අඩංගු සංයුක්ත හා දෘඩ තැටි තොගයක් බව පසුව හෙළිකෙරිණ.

ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් පොලිසියට දෝෂාරෝපණය කළේ වැරදි හේතුවකට රාමනායක මහතාට උසාවියෙන් ඇප ලබා දීමත් යන හේතු නිසාය. ගිනි අවියක් අවසර නොමැතිව තබා ගැනීම සුළු වරදක් බවත් ඊට වඩා රාමනායක මහතා සතු හඬපට ආණ්ඩුවට වැදගත් වන බවත් ඔවුන්ගේ කතාවලින් හෙළිවිණ.

 

විවෘතව අදහස් දක්වන , දූෂණ විරෝධී හඬක්….

බොහෝ දෙනෙකු හැඳිනගන්නේ රාමනායක යනු විවෘතව අදහස් දක්වන , දූෂණ විරෝධී හඬක් වශයෙන් වන අතර ඔහුගේම පක්ෂයේ සමහර නියෝජිතයන්ගේ දූෂණ හා වංචාවලට එරෙහිව ඔහු හඬ නඟා තිබේ. එසේම අධිකරණය, සංඝයා ආදී ගෞරවාන්විත ආයතන තුළ පැවතිය හැකි පරිහාණියට එරෙහිව ද රාමනායක විශාල හඬක් විරෝධයක් , ඊනියා විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන් නඟා තිබේ.

එක්සත් ජාතික පක්ෂය තුළ මත් රාමනායකට එරෙහි බලවේගයක් වර්ධනය වීමේ රහස පැවතිය හැක්කේ ඔහුගේ එම නිර්භය දූෂණ විරෝධය මතම විය හැක.

කෙසේමුත් අද  දවසේ රාමනායකගේ භුමිකාව මාධ්‍ය තුළ විශාල කැළඹීමක් නැවත ඇතිකර තිබේ. ආණ්ඩුවේ පාර්ශ්ව, විශේෂයෙන්ම ජාතිකවාදීන් හා දූෂණ වාර්තා සම්බන්ඳයෙන් පසුගිය ආණ්ඩුව සමයේ දී අධිකරණ වරෙන්තු ලද  මැති ඇමතිවරුන්, රන්ජන්ගේ භූමිකාවට එරෙහිව අවි එසවීම ද විශේෂයකි.

කෙසේ නමුත් රාමනායක මහතා අත්අඩංගුවට පත්වී එක රැයකට පසු ඇප මත නිදහස ලැබීමත් ඉන්පසු ඔහු එවකට බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා සහ ඉහළ උසාවියේ විනිශ්චකාරිනියක සමඟ පැවැත්වු දුරකතන සංවාදය යි හඳුන්වන හඬපට කිහිපයකට මේ වනවිට සමාජ සහ සාම්ප්‍රදායික මාධ්‍ය අවකාශයේ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබේ.

 

හඬපට : මුද්‍රා තබන ලද නඩු භාණ්ඩයක් !

මේ හඬපට රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී මාධ්‍ය වෙල නිකුත් කිරීම සිදුකෙරිණි. ඔවුන් පැවසුවේ එම හඬපට ඔවුන් සොයාගත්තේ අන්තර්ජාල මාධ්‍යවලින්  බවයි. එහෙත් රාමනායක අත්අඩංගුවට පත්වන මොහොතේ මුද්‍රා තබන ලද නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය විසින් භාරයට ගත් එම හඬපට එසැණින් මාධ්‍ය මඟින් විකාශය කිරීම හා ඔහු වැරදිකාරයෙකු වශයෙන් හංවඩු ගැසීම අතර කිසියම් දේශපාලන සබඳතාවක් පවතීද යන්න වෙනම කාරණයකි.

Text 15 8එක්තරා අකාරයකින් තමන් කළ සියලු දුරකථන සංවාද පටිගත කොට , නැවත තැටිගත කොට ආරක්ෂා කරන මෙම පුද්ගලයාට පවතින මානසික ව්‍යාධිය කුමක්ද යනුවෙන් යමෙක් ඉතාමත් සරලව ප්‍රශ්න කරනු ඇත. නමුත් ඔහුම දක්වන ලෙසට එය ‘ සහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීම ‘ පිළිබඳ නාටකය සැබෑවක් බව පත් කිරීමට ඔහු සොයා ගත් ක්‍රමවේදයේ කොටසකි.

එක අතකින්  ‘ වන්ෂොට් ‘ නැතිනම් ‘ මමයි රජා ‘ පන්නයේම යුක්තිය උදෙසා කරන සිනමාත්මක සටනක ප්‍රවේශය ම වෙයි. එයින්ම , ‘වන්ෂොට්ගේ ‘ සටන නීතිය බුද්ධි අංශ , දේශපාලකයන් , වංචාව, දූෂණය ආදි අවකාශ අතර සිදුවන ක්‍රියාදාම මාලාවක් ය.

රාමනායකගේ හඬපට රජයේ පවතින අර්බුදයනගේ භයංකර ස්වරූපය පිළිබඳ ඉතා දැඩි අනතුරු ඇඟවීමක් කරයි. එක පසෙකින් රාජ්‍යයේ නෛතික යුක්තිය පසිඳලීම පිළිබඳ ගැටලුවය. එහිදී දේශපාලකයන් විසින් කොතරම් නරක අන්දමට නීතිය අපහරණය කරනවාද යන්න රාමනායක සාක්ෂි සහිතවම ඔප්පු කරයි.

මේ කිසිදු සොයා ගැනීමක් අලුත් තත්වයක් නොවන නමුත් රාමනායක විසින් ඒවා පටිගත කොටගත් සාක්ෂි වශයෙන් ගෙන ඒම නිසාම ඒවාට වැදගත් තැනක් හිමිවෙයි.

තරුණ ජවය සහිත අයුක්තියට එරෙහිව කැපවුණු විරයෙකුගේ චරිතය ඉතාමත් අවංකයව නිරූපණයට පෙළඹෙන සිනමා තාරකාවක් වන රාමනායක කරන්නේ වෘකයන් අතර නග්නව සටනකි. ඔහු තම ආත්මය ඒ සඳහා කැප කරයි. තම පෞද්ගලිකත්වය රජයේ පීඩාකාරී බලය විසින් දැඩි ලෙස උල්ලංඝණය කරන විටදී පවා යුක්තිය යනුවෙන් යමක් පවතින බවත් ඔහු විශ්වාස කරයි.

ඔහුම පවසන ආකාරයට ඔහුගේ කුමක් කළ යුතුද යන ගැටලුව සමඟ ඔහුද ඉතා දැඩිව ආත්ම පරිත්‍යාගයකින් යුතුව සටන් කරන වග පිළිගැනීමට අප මැලි විය යුතු නැත.

දේශපාලනය යනු ජාවාරමක් වී ඇති යුගයක, ජනතාව දේශලානය වෙනුවෙන් අතිශය පෞද්ගලික මනෝභාවයන් සහ ආශාවන් ප්‍රමුඛ කෙටගත් යුගයක,  පොදු මහජන පරිමණ්ඩලය පිළිබඳ අපගේ විශ්වාසය හීනවී තිබේ.

යුක්තිය උදෙසා රාමනායකගේ ඔහුටම සුවිශේසී අතිශ්‍ය පෞද්ගලික එළඹුමේ පවතින පොදු වැදගත්කම අප විසින් කියවාගත යුත්තේ ඒ සියලු තත්වයන්ට සාපේක්ෂවය

(අතුලසිරි සමරකෝන් – ‘අනිද්දා’ පුවත්පතින් උපුටා ගන්න ලදී)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article