spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘රාජපක්ෂලා ඉවත්වනවා නම් , විදේශගත ශ්‍රී ලාංකික අපි මුදල් එවීමට සූදානම්’

Must read

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සුවිශාල ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ලාංකික ජනතාව මුහුණ දෙමින් සිටින දුෂ්කර තත්ත්වයෙන් මිදීම සදහා වන එක් ප්‍රධාන පියවරක් ලෙස රජය ඇතූළු විවිධ ක්ෂෙත්‍ර වල , විවිධ කණ්ඩායම් විසින් විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන් සිදුකරන ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ විදේශ මුදල් මෙරටට එවීම වැඩිකරන ලෙසයි. පසුගියදා නව මහ බැංකු අධිපතිවරයා විසින් ස්ථීර තැන්පතු සදහා පොලිය වැඩිකිරීමේ එක් අරමුණක්ද වන්නේ විදේශිකයින් ශ්‍රී ලංකාවේ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමයි.

ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකු අධිපතිතුමා ඇතුළු,විවිධ නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන් ,වෛද්‍යවරු සියලුම ,මාධ්‍ය ආයතන වෙත, පොදුවේ මෙන්ම පෞද්ගලිකව ද මෙම ඉල්ලීම සිදු කරති. සංවේදී මිනිසුන් ලෙස එම ඉල්ලීම එක සිතින්ම අපි පිළිගන්නෙමු. එමෙන්ම අපේ ද එක් සාධාරණ ,කාලෝචිත ඉල්ලීමක් ඇත.
“රාජපක්ෂවරුන්ට ඉවත්වෙන්න කියන්න”
ඉතාම ගෞරවනීය මිනිසුන් වන ඔබලා සියළු දෙනාම එක්ව රාජපක්ෂවරුන්ට එම ඉල්ලීම ඉදිරිපත් නොකරන්නේ ඇයි ?
“හැමදාමත් තැලෙන යකඩෙ ම මද තලන්නේ”

මුළු රටම එක්ව කරන හඬට ප්‍රතිකාර ලෙස”යන්න නෑ පුළුවන් දෙයක් කරන්න”
වැනි ජනතාව කුපිත කරවන ප්‍රකාශවලින්සිදුවන්නේ විරෝධතාව වෛරයක් බවට පත්වීමකි.
එමෙන්ම ලංකාවට සංචාරකයින් පැමිණීම, විදේශ මුදල් එවීම,යන ප්‍රධාන කරුණු දෙකම රඳා පවතින්නේ පවතින්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයින් අත බව රාජපක්ෂවරු තේරුම් ගත යුතුය.
එයින් තොරව රට ගොඩ ගැනීම විහිළුවකි.

තවත් විදිහකින්, කියනවා නම් සොරා ගත් මුදල් බෑග් එක අත ඇතිව, හොරා ඇස් ඉදිරිපිට සිටියදී, නොදැක්කා සේ සිට , අපි දාඩිය මහන්සියෙන් උපයන මුදලින් එයට වන්දි ඉල්ලීම කොතෙක් දුරට සාධාරණද ?
අපේ ගිණුම්වලට පමණක් නොව ,රට ගොඩනැගීමේ විශේෂ දිනුමකට මුදල් එවීමට දඅප සූදානම්ය.
විසඳුම සරලයි. පැහැදිලියි. රාජපක්ෂවරුන්ට ඉවත් වෙන්න කියන්න.!
විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද 2004 සුනාමි මුදල් ,2009 අපි වෙනුවෙන් අපි අරමුදල , 2020 අරමුදල ,  ඒවා පිළිබඳ අමිහිරි මතක තවමත් අපට අමතක නැත.

S.W .වන්නිආරච්චි
මිලානෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article