spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රැඳවියෙකුට කොරෝනා වැළඳීම අති භයංකරය..! විශාලතම හා භයංකරම කොරෝනා පොකුර පැමිණ ඇත..!

Must read

Coronavirus-outbreak-1

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා අසාදනය වී ඇති බව ඊයේ(07) තහවුරු විය. ඉන්පසුව අද සිට සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අමුත්තන්ට තහනම් කර ඇත. රැඳවියෙකුට කොරෝනා වැළඳීම යනු කොරා්නා ගැන ශ්‍රී ලංකාවේ මුල්වරට අසන්නට ලැබුණු අවස්ථාවේ සිට පැවැති භීතිකාවකි. මන්ද සමාජයේ අනෙක් ස්ථාන මෙන් නොව රැඳවියන්ට කොරෝනා වැළඳුනහොත් කාටත් නොදැනී එය සමාජයේ විශාල පරාසයක ව්‍යාප්ත වීමේ අවදානම අනිවාර්ය බැවිනි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට ප්‍රමාණවත් රැඳවුම් පහසුකම් නොමැත. එක් සිර කුටියක සිරකරුවන් දෙදෙනෙකු බැගින් රැඳවීම ලෝකයේ පිළිගත් ප්‍රමිතිය වුවද ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු පහසුකම් අනුව එවන් ප්‍රමිතියක් පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මේ හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සේම වරදකරුවන් වූ සිරකරුවන් හෙවත් අච්චු සිරකරුවන් රඳවා තබන වාට්ටු පවා ඇත්තේ සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තත්වයකය.

අටුවා ටීකා අවශ්‍ය නැත..
————————-
ඇතැම් අඩි 5 X 12 සිර මැදිරි තුල සිරකරුවන් 15 ක පමණ ප්‍රමාණයක් රඳවා තැබීමට සිදුවන අවස්ථා සුලභ වේ. ඒ අනුව සිරගෙදර අභ්‍යන්තරයේ නිරෝධායන වැඩකටයුතු අතර එන මීටරයේ දුර පවත්වා ගැනීම ස්පර්ශ සුපරික්ෂාකාරීත්වය ආදී දෑ ක්‍රියාත්මක කිරීමේ අපහසුව විස්තර කිරීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

බන්ධනාගාර තුල රඳවා ඇති සිරකරුවන්ගෙන් සැළකියයුතු ප්‍රමාණයකට දැනට පවත්නා නඩු ඇත. ඇතැම් අයට රට පුරා අධිකරණ වල නඩු තිබේ. එනම් ඔවුන් මසකට වරක් දෙවරක් පමණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදුවේ. වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට සිදුවේ. ඊට අමතරව අනෙක් සිරකරුවන් සමග උරෙනුර ගැටී වැඩ කිරීම සඳහා යෙදවේ. එමෙන්ම නිදාගැනීමේදී මීටරයේ දුර පවත්වාගැනීම සිහිනයක් පමණි.

රිමාන්ඩ් බන්ධනාගාරගත සිරකරුවන් නිරන්තරයෙන් සමාජයත් සමග නිරාවරණයට ලක්වේ. මන්ද ඒ අතරට දවසකට දෙකකට දින දහහතරකට ආදී වශයෙන් බන්ධනාගාරගත වන්නන් සිටීමත් ඔවුන් කුමන සමාජ පරිසරයක කවරාකාරයෙන් ජීවත් වූවන්ද යන්න පැහැදිලි නැති වීමත් හේතුවෙනි.

එබැවින් සිරකරුවෙකුට බෝවන රෝගයක් වැළඳුණුු වහාම ඔහු ඇසුරු කරන අනෙක් සිර කරුවන්ටත් ඔවුන් වෙතින් බන්ධනාගාර නිළධාරීන්ටත් ඔවුන් දෙපිරිසම වෙතින් අධිකරණ වලට එන සාමාන්‍ය මහජනතාවට නීතිඥවරුන්ට පමණක් නොව විනිසුරුතුමන්ලාටද එකී බෝවන රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පැනනගී.

සියළු දෙනාගේම කොඳු ඇට පෙළ සීතල වී…
————————-
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වැළදී ඇත්තේය යන ප්‍රවෘත්තිය ඇසුණු වහාම බන්ධනාගාරය හා අධිකරණය ආශ්‍රිතව කටයුතු කරන සියළු දෙනාගේම කොඳු ඇට පෙළ සීතල වී යන තරම් භීතියක් ඇතිවීම අතිශය ස්වභාවිකය. ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරන ආකාරයට මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ගැටලුවක් මත කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රඳවා සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනැවිත් තිබෙන්නේ පසුගිය ජූනි 27 වැනිදාය. ඊයේ ජූලි මස 07 වැනිදාය. ඒ අනුව මේ තැනැත්තාට කොරෝනා ආසාදනය වූයේ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් යැයි සිතුවොත් එසේ ආසාදනය වීමෙන් පසු දින 10 ක කාලයක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ අනෙකුත් සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් අතර නිදහසේ හැසිරී තිබේ. ඔහුව ජූනි 27 වැනිදා සිට බන්ධනාගාර අභ්‍යන්තරයේ නිරෝධායනයට ලක්කර තිබුණේ නම් මිස මෙය අතිශය භයංකර වාතාරවරණයක් බවට පත්වීම නොවැලැක්විය හැකිය.

ඒ දින දහය තුල ඔහු ඇසුරු කළ අනෙක් සිරකරුවන් අතර රෝගය පැතිර යාමේ අනිවාර්ය සම්භාවිතාවයක් පවතී. ඒ සිරකරුවන් අතරින් සිරකරුවන් අවම වශයෙන් 20ක් 30ක් වත් නඩු කටයුතු සඳහා අධිකරණ වල පෙනී සිටින්නට ඇත. 10 ක් වත් වෙනත් බන්ධනාගාර වලට මාරු වෙන්නට ඇත. බන්ධනාගාර නිලධාරීන් සේවය නිමවා බස් රථ වල තෙරපී නිවෙස් වලට යන්නට ඇත. ඒ අනුව නිර්මාණය වන අවදානම සිතා බැලීම පවා බිය උපදවන එකකි.

විශාලතම හා භයංකරම කොරෝනා පොකුර..
————————-
එබැවින් වහාම මේ පිළිබඳව පියවර ගත යුතුව ඇත. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සියළුදෙනා පීසීආර් පරීක්ෂණයකට ලක් කර ඔවුන්ගේ තත්වය තහවුරු කරගන්නා තුරු ඔවුන් නඩු කටයුතු සඳහා බන්ධනාගාරයෙන් බැහැරට හෝ වෙනත් බන්ධනාගාර වෙතට හෝ ගෙනයාම වහාම අත්හිටවිය යුතුය. බන්ධනාගාර නිලධාරීන් යටත් පිරිසෙයින් ස්වයං නිරෝධායනයට හෝ ලක්කළ යුතුය. මෙම සිරකරුවා ඇසුරු කරන ලද පුද්ගලයන් හැකි පමණ හඳුනාගෙන ඒ පුද්ගලයන් හරහා සමාජයට රෝගය පැතිරීමේ අවදානම නිර්ණය කොට ඒ සම්බන්ධයෙන් ගතහැකි සියළුම පියවර ගත යුතු වේ.

මහත් අතිශයෝකිතියකින් නොකිව්වද මෙම රැදවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ජූනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ පසුව ඔහු බන්ධනාගාරය තුල සිටියේ නිරෝධායන ක්‍රියාවලියක් යටතේ නොවන්නේ නම් අප මුහුණ දීමට සූදානම් විය යුත්තේ කොරෝනා අර්බුදය ආරම්භයේ පටන් ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම හා භයංකරම කොරෝනා පොකුරට බව අවධාරණය කළ යුතුය.

නීතිඥ අථිල අතාවුද

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article