spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රිවිර මාධ්‍යවේදියාට යෝෂිතගේ හෙන්චයියන්ගෙන් මරණ තර්ජන

Must read

rivira

රාජපක්ෂලාගේ වැඩ නිසා වසා දමා ඇති රිවිර මීඩියා කෝපරේෂන් සතු පුවත්පත වන රිවිර පුවත්පත් ආයතනයේ උපකරණ කොල්ලකෑමේ සූදානමක් ඇති බව හෙලිවී ඇත. මේ කොල්ලකෑම සිදුකිරීමට ඉදිරිපත්වී ඇත්තේ යෝෂිත රාජපක්ෂට හිතවත් කසුන් දුමීර සහ කසුන් මාදුවගේ යන අයයි.

කොල්ලකෑමේ එක් අදියරයක් ලෙස වසර 13ක්  රිවිර පුවත්පතේ සේවය කල ප්‍රධාන ජායාරූප කතෘ චමිල කරුණාරත්නට මරණ තර්ජනය කරමින් ඔහු සතු කැමරා උපකරණ බලහත්කාරයෙන් පැහැර ගැනීමට කසුන් දුමීර සහ කසුන් මාදුවගේ හෙන්චයියන් පිරිසක් උත්සහ කර ඇත්තේ පසුගිය සදුදා දිනයේදීය. එතනින් නොනැවතුන මේ පිරිස කරුණාරත්න මහතාගේ මව්පියන් වාසය කරන මහනුවර පිහිටි නිවසටද දුරකථනයෙන් අමතමින් මරණ තර්ජන සිදුකර ඇත.

එලෙසම කරුණාරත්න මහතා දැනට ජීවත්වන ගොතටුව ප්‍රදේශයේ නිවස වෙත කිහිපවරක් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් පැමිණ ඇති පරිසි අවට නිවැසියන්ද බිය වද්දා ඇත. මේ වන විට මේ සිදුවීම් සම්බන්දයෙන් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති කරුණාරත්න මහතා තම ජීවිත ආරක්ෂාව සදහා නිවසින් පිටව සිටින බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article