spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දලාට රට ගියොත් මිගමු කලපුවට වෙන දේ !

Must read

grandiza-laggon-filling-(9.00 am ) පසුගිය ජනාධිපතිවරණයට ආසන්න සමයේ කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් මීගමුව කලපුව දක්වා එහි ගොඩනැගිලි ඉදිකිරිමට රු මිලියන  ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට කටයුතු කර තිබුනේ එකි   හෝටලය කලපුව දක්වා දිර්ඝ කිරිමටය.
මේ වෙනුවෙන් දැවැන්ත කුළුණ ඉදිකර තිබුණද ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා පරාජය විමත් සමගින් මේ සැලැස්ම අතහැර දමන්නට සිදුව තිබුණි.

මේ නීතිවිරෝධි ඉදිකිරිම් ගැන දිගින් දිගට ඡායාරූපද පලකරමින් මීපුර වෙබ් අඩවිය සිදුකරන්නට යෙදුන හෙළිකිරිම් හමුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් නියෝගයන් අනුව යමින් මේ සියළු ඉදිකිරිම්  කඩාඉවත්කර දමන්නට නිමල් ලංසා ඇතුළු මෙහි හිමිකරුවන් හට සිදුව තිබුණි.
කෙසේ වෙතත් ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ රාජපක්ෂ පාලනය කිසිදා පෙරළා දමන්නට නොහැකි වන බවය.
ඒ නිසාම කිසිදු බිය සැකයකින් තොරව රුපියල් මිලියන ගණනක් වැය කරමින් මේ ඉදිකිරිම් කර තිබුන බැව් පෙනේ.
මෙවන් නීති විරෝධි ඉදිකිරිමක් වෙනුවෙන් මිලියන ගාණක් වැය කිරිමට කටයුතු කර තිබිමෙන් කියැවෙන්නේ රාජ්‍ය බලය ඔවුන් සතු බැවින් අදාල නිලධාරින්වද අල්ලාගෙන මේසා බරපතල අනවසර ඉදිකිරිම් කිරිමට කිසිදු බියක් ලංසා පාලනයට එදා නොතිබුණ බවය.
දැන් මහින්දලා මෙන්ම ලංසාලාද කැසකවන්නේ යළිත් මෙවන් පාලනයක් රට තුල ස්ථාපිත කරගන්නටය. මහින්දලාට රට ගියෝත් මිගමුව කලපුවට සිදුවන දේ ගැන තවත් උදාහරණ ඇවැසිද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article