spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පණ නැති යතුරු පැදියට පණ දෙන චූටි !

Must read

චුටි 3චුටි 1

මීගමුවේ    ආර්පිකෝ  ආයතනය  අසළින්  ඇති  අතුරු  පාරේ  අවසානයට  පිහිටා  ඇති  නිවසට  අදාල  භූමිය  විවිධ  වර්ගයේ  යතුරුපැදි  වලින්  වැසී  ඇත.  මේ  යතුරුපැදි  මැදට වී  එක්  පුද්ගලයෙකු  නිහඬව  වැඩ  කරමින්  සිටියි.  මෙම  ස්ථානයට  පැමිණෙන   අය  ඔහු  හඳුනාගන්නේ  චූටි  යන  හුරතල්  නමිනි. නමුත්  ඔහුගේ  විෂය  පිළිබඳව   දැනුම  සහ  අවබෝධය   ඉතා  විශාල  එකකි. එනිසාම  තම   යතුරු  පැදියේ  විදුලිය  සහ  එය පණගැන්වීම චූටි  ලවාම  ඉටුකර  ගැනීමට  උත්සාහ  කරති.   මෙවැනි  පරිසරයක  වුවද   මීගමුවේ  සිටින මේ   දක්ෂ  යතුරුපැදි  විදුලි  කාර්මිකයාගේ  ජීවිතයේ  තොරතුරු  බිඳක්  එලිදැක්වීම   වැදගත් යැයි   අප  කල්පනා  කළෙමු. මෙහිදී   අප  ඇසූ  ප්‍රශ්ණ  සඳහා  ඔහු  පිළිතුරු  දුන්නේ  මෙසේය.චුටි 5

ඔබේ  පවුලේ  විස්තර  ටිකක්  කිව්වොත්…

මම  අජිත්  සිසිර කුමාර  වික්‍රමආරච්චි.  මගෙ  තාත්ත  විල්සන්   වික්‍රම ආරච්චි. අම්ම  ප්‍රේමවතී  රණසිංහ.  ඒ  දෙන්නම  දැන්  නැහැ.  මගෙ  බිරිඳ  දිල්හානි  තෙරේසා  නිල්මිණි. මට  පුතාල  3කුයි  එක  දුවෙකුයි  ඉන්නව.මම ඉගෙන  ගත්තෙ  හරිස්චන්ද්‍ර  මහ  විද්‍යාෙල.  මැක්ස්  වලින්  A/L  දක්වා  ගිහිල්ල  අධ්‍යාපන  කටුයුතු  නතර  කරල  මේ  රස්සාවට  බැස්ස.

කොහොමද  මේ  රස්සාවට  යොමුවුනේ?

මගෙ  තාත්ත  වාහන  සම්බන්ධ  දක්ෂ   විදුලි  කාර්මිකයෙක්.   ඔහු  වැඩ කළේ  ඇලෙක්සැන්ඩ්‍රා  ගරාජ්එකේ. විදුලිය  සම්බන්ධ  වෙනත්  වැඩ වලදි  තාත්තට  ලොකු  හැකියාවක්  තිබුන.   එයා  තොරන්  හදන්නත්  දක්ෂ  බව   මීගමුවෙ  එවැනි  තොරන්  18ක්  විතර  හැදීමෙන්  පෙන්නල  තියෙනව.  අපේ  අම්ම  ඒ  තොරන්වල   විරුදු  කිව්ව.  මම  තාත්තගෙන්  තමයි  මේ පිළිබඳ  දැනුම  ලබාගන්නෙ.මම  විරක්  නෙවෙයි  මීගමුවෙ  බිහිවෙච්ච විදුලි  කාර්මිකයින්  කිහිප  දෙනෙක්ම යතුරු පැදි  සම්බන්ධ   විදුලි  කාර්මික  දැනුම  ලබාගත්තෙ  තාත්තගෙන්.

ඔබට   සේවා  ලාභීන්  විශාල  ප්‍රමාණයක්  හැදිල  තියෙනව. ඒකට  හේතුව  කුමක්ද?

මම  බයිසිකලයක්  භාර ගත්තහම  ඒක  කාගෙ  වුනත්  වගකීමක්  ඇතුව  හදල  භාරදෙනව.  ඒක  නිසා  වෙන්න  ඇති  මිනිස්සුන්ට  විස්වාසයක්  හැදිල  තියෙන්නෙ. නමුත්  සමහර  අයව  හරවල  යවන්න  සිදුවෙන  වෙලාවල්  තියෙනව.  ඒකට  හේතුවෙන්නෙ   තනියම  වැඩ  කරන  එකයි. මම  ගෝලයො  හදල  නෑ.තනිවම  තමයි  වැඩ  කරන්නෙ.  ඒ  නිසාම  මට  පුළුවන්  වෙනව  නිසි  විදිහට  බයිසිකලය  හදල  අදාල  පුද්ගලයට  භාරදෙන්න. ඒනිසා  මිනිස්සු  වැඩි  දෙනෙක්  මා  ලඟට  එනව  කියලයි  මට  හිතෙන්නෙ. මෙවැනි  වැඩවලදි  ඉවසීමක්  තියෙන්න  ඕන.  කොයිල්  එතීම වගේ  දේවල්  ඉතා  කල්පනා  කාරීව  කළයුතුයි. මම  රෑටත්  එවැනි  වැඩ  සඳහා  කාලය  ගන්නව.

ඔබේ  ඉදිරි  අරමුණු  එහෙම  කොහොමද?

මගෙන්  පස්සෙ  මේ  රස්සාව  භාරදෙන්න  අදහස්  කරගෙන  ඉන්නෙ  මගෙ  3වෙනි  පුතාට.  දැන්  තත්වය  එන්න  එන්නම  වෙනස් වෙනව.  විවිධ  වර්ගයේ  තාක්ෂණය  යොදා  ගෙන  හදපු  මෝටර්බයිසිකල්  තමයි  වෙළඳපලේ  තියෙන්නෙ.  ඒනිසා  ඒවා  ගැන  අළුතින්  හැදෑරීමක්  කළයුතු  වෙනවා.  මට  දැන්  එවැනි  හැදෑරීමක්  කරන්න  බැහැ.  ඒනිසා  පුතාට(අකිල)  ඒ  සම්බන්ධව  අධ්‍යාපනය  ලබාගැනීමට  කටයුතු  යොදල  තියෙනව.  දැනටමත්  එයා  මේගැන  හදාරනව.

අඩුවෙන්   කතාකර  වැඩියෙන්  වැඩකරන  මිනිසුන්  සමාජය  තුළ  ඇත්තේ  ඉතා  අල්ප  ප්‍රමණයකිනි. චූටිද  එවැන්නෙකි.  එසේම  තමන්ගේ  ජීවිතය  හැලහැප්පීම්වලින්  තොරව  සකස්කරගෙන  ඇති  ආකාරය  ආදර්ශවත්ය.  තමන්ගේ  අතට  අසුවන  යතුරුපැදියේ  අවුල්වූ  රැහැන් පටවල්  ඉතා  ඉක්මණින් නිරවුල්  කර  නිසිපිළිවෙලකට  සකසා  ගැනීමට  ඔහුට  ඇති  හැකියාව මෙන්ම   තම  සංකීර්ණ  වූ  ජීවිතයද  සරල  ලෙස  නිර්මාණය  කරගැනීමට  දක්ෂ වී  ඇත.චූටිගේ   අරමුණ  වූ   ඔහු  වැනිම වූ  තවත්  කෙනෙක්  ගොඩනගා  සමාජයට  දායාද  කිරීම  සුළුවෙන්  තැකියයුතු  දෙයක්  නොව. අද  මෙවැනි  වැඩකදී   අවංකව,  නිහතමාණීව  අදාල   කාර්්‍ය  සිදුකරන  පුද්ගලයින්ගේ  අඩුවක්  ඇත. තමන්ගේ  තුන්වන  පුතු  ඒ සඳහා  පුහුණු  කරන්නේ  එබැවිනි.  මේ  අනුව  අවසාන  වශයෙන්  ඔහු  යන  ගමනට  අපි  අපේ  සුභපැතුම්  එක්කරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article