spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොෂෙන් ඝාතන සිදුවීමේ වීඩියෝ වසර 07කට පසු අධිකරණයේ දිගහැරෙයි

Must read

2011 වර්ෂයේ  මැයි මස 29 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරු උද්ඝෝෂනයේදී පොලිස් වෙඩි පහරින් මියගිය රොෂෙන් චානක ගේ නඩුවේ සාක්ෂි ඇසීමේ තෙවන දිනය අද මීගමුව මහ අධිකරණයේදී  මහාඅධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී ඊයේ  (20) වනදා සිදුවිය. අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පැමිණිල්ල වෙනුවෙන් ප්‍රශ්න නැගූ අතර එම සිදුවීම් වීඩියෝගත කළ  සිරස මාධ්‍යවේදී දඩුගේ  කංකානම්ගේ ප්‍රේමලාල් මහතා ඊයේ  (20) මහ අධිකරණයේදීනීතිඥවරුන් විසින් මතුකරන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදී.

නම – දඩුගේ  කංකානම්ගේ ප්‍රේමලාල් මහතා වයස – 46  – පදිංචිය ඇවරිවත්ත ,උතුර,ජා ඇල.
ප්‍ර – සිරස මාධ්‍ය ආයතනයට සම්බන්ධ වුණ කාලය –
පි–   2005 දී
ප්‍ර – කැමරා භාවිතාව සම්බන්ධව පුහුණුව ලැබූවේ කොහොමද ? – සිරස මාධ්‍යවේදී රංජිත් ප්‍රඩිනැන්ඩස් මහතා මගේ ඥාතියෙක්.මම ඔහුගේ සහකරු ලෙස   වැඩකරමින් ඔහු යටතේ පුහුණුව ලැබුවා.
ප්‍ර – 2005 ට කලින් ඔබ කළේ මොනවාද ?
මම 2001 වර්ෂයේ සිට ලෙබනන් වල සේවය කළා. එහි අගමැති කාර්යාලයේ මම සේවය කළා. ඒ වගේම එහේ තිබුණ කියන නාලිකාවේ මාධ්‍ය වැඩවලට මම සම්බන්ධ වුණා.
ලෙබනන් යන්න කලින් මාධ්‍යට සම්බන්ධ වෙලා හිටියේ නෑ.
ප්‍ර –  එහිදීත් කැමරා හැසිරවීමට පුහුණුවක් ලැබුවද ?
ඒ කාලය වන විට එහේ යුද්යක් පැවතුණා. ඒ යුද්දෙන් අවතැන්වූවන්ට ආහාර සැපයීම මා සේවය කළ ආයතනයෙන් සිදුකළා. ඒ දර්ශන මම වීඩියෝගත කර තිබෙනවා.
ප්‍ර -ඔබ ලංකාවට ආවේ කොයි අවුරුද්දේ ද
මම ලංකාවට ආවේ 2004 දී
ප්‍ර -ලංකාවේදී මාධ්‍ය වෘත්තියක් ලෙස තෝරගන්ඩ හිතාගෙන ද ආවේ ? කොහොමද ප්‍රවේශ වුණේ ?
සැරෙන් සැරේ මම මාධ්‍යවේදී රංජිත් මහතාගේ සහයට කැමරා කිරීම් වලට සහභාගී වුණා.
ප්‍ර – ඔබ ඔහුගෙන් පුහුණුවක් ලබාගත්තද?
ඔව් ඔහු මට ඥාතිකමින් මහප්පා වෙනවා. ඔහු යටතේ මම කැමරාකිරිමට පුහුණු වෙලා තිබෙනවා.
2005 ඉදලා තමා මම සිරස ආයතනයට සම්බන්ධ වුණේ.

ප්‍ර -පුවත්වාර්තාකරනය සහ කැමරාකරණය  කර්තව්‍යයන් දෙකක් ද ?එකක් ද?
මම එය එකක් ලෙස සිදුකරනවා. කැමරාකරමින් වාර්තා කිරීම සිදුකරන මාධ්‍යවේදීන් සිටිනවා.

ප්‍ර -2011 මෙම සිදුවීම වෙනකොට ඔබ ඔබ සිරස ආයතනයේ වාර්තාකරුවෙකු ලෙස සේවය කළේ කුමන ප්‍රදේශයේද ?
මම ඒ වනවිට සිරස ආයතනයේ ගුවන්තොටුපළේ වාර්තාකරු ලෙස සේවය කළා.

ප්‍ර-ඔබට ස්ථීර වැටුපක් ලැබුණ ද ?
ඔව් මම ඒ වනවිට එහි ස්ථීර සේවකයෙක්.

ප්‍ර -යම්කිසි ප්‍රවෘත්තියක් ඔබට ලැබෙන්නේ කොහොමද ?
ආයතනයෙන් දෙන තොරතුරු මෙන්ම හිතවත් අයගේ මාර්ගයෙන් ලැබෙන පණිවිඩ,දුරකතන ඇමතුම් හරහා ප්‍රවෘත්ති ලැබෙනවා.

ප්‍ර -අමිළ බාලසූරිය යන අයෙක් සිරස ආයතනයේ සේවය කළා ද?
ඔව් – එයා අපේ නිෂ්පාදකවරයා.

ප්‍ර-ඔබ යම් කිසි සිදුවීමක් වාර්තා කිරීමට අරගෙන යන්නේ කුමක්ද ?
කැමරා සහ ඊට සම්බන්ධ උපකරණ සහ වාර්තා සටහන් කරගැනීමේ පොත

ප්‍ර -සිරස ආයතනය ඔබට යම් පුහුනුවක් ලබාදී තිබෙනවා ද ,ඒ මොනවා ද
සිරස ආයතනය මගින් ලබාදී තිබෙන පුහුණු වේදී නිවරදි දේ කරන්නත් , තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන සේවය කරන්නත් වගේම තාක්ෂනික පුහුුණුව පැත්තෙන් කැමරා කෝණ පිළිබඳවත් දැනුම ලබාදී තිබෙනවා. ඒ වගේම  ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේදී මයික් ඇල්ලීම පිළිබදව අපව දැනුවත් කර තිබෙනවා.
ප්‍ර -ඒ මොනවාද ?
තවත් චැනලයක මයික් එකක් ඇල්ලීම අපට තහනම්.
ප්‍ර -ඔබ පාවිච්චි කරන කැමරාව සහ මයික් එක සිරස ආයතනයට අයත් ඒවාද ?
ඒවා මගේ.මම ගත්ත දේවල්

ප්‍ර -ඒවායේ යාවත්කාලීන බව සහඒ කැමරා ගැන සිරස ආයතනය දැනුවත් ද?
ඔව්.
ප්‍ර -සිද්ධිය වන අවස්ථාවේදී ඔබ භාවිතා කළ කැමරාව කුමක්ද?
පැනසොනික් 9000
ප්‍ර -ඒ කැමරාව ඒ වනවිට නවතම තාක්ෂණයේ එකක් ද?
ප්‍ර –   ඒ කැමරාව ඔබ ද මිළදී ගත්තේ ?
ඒ වන විට එය රුපියල් එක් ලක්ෂ දහදාහක් පමණ වුනා. එය මිළදී ගත්තේ ලංකාවෙන්.

ප්‍ර -ඒ වෙද්දී ඒ කැමරාව කොපමණ කාලයක් පාවිච්චි කරලද ? ඒ වගේ කැමරාවක් කොපමණ කාලයක් හොදින් ක්‍රියාත්මක කළ හැකිද?
ඒක සිද්ධ වෙන්නේ කැමරාව පාවිච්චි කරන ආකාරය අනුව. හොදින් පරෙස්සමින් පාවිච්චි කළොත් කාලයක් හොදින් වැඩ කරන්න පුලුවන්.

ප්‍ර -එදා පටිගත කළ සේයා පටලය කුමක්ද
එම කැමරාවේ ඩිජිටල් රෙකෝඩින් කිරීමට පුලුවන් කැමරාවක්

ප්‍ර -කැසට් පටයේ ධාරිතාවය කොපමණ ද
පැයක් පමණ

ප්‍ර-ඔබ කැසට් පට ගන්නේ කොහොම ද?
මම මිළදී ගන්නවා ඒ වගේම ආයතනයෙනුත් ලබාදෙනවා.

ප්‍ර – එම කාැමරාවේ  විඩියෝගත වන දර්ශන වල වේලාව සටහන් වෙනවා ද?
නෑ. ඒක සටහන් කලොත් එම වීඩියෝව ප්ලේ වෙද්දී ඒ වෙලාව වැටෙනවා ඒ දර්ශනය මත. ඒක දර්ශනයේ ගුණාත්මකභාවයට බාධාවක්.

ප්‍ර -එම කැසට්පටයේ ආරක්ෂිතව තබාගන්නේ  කොහොමද ?
මම ඒ කැසට් පටයට අදාළ ස්ටිකරයක්  ගහලා ඒක සිරස ආයතනයට ලබාදෙනවා.පසුව ආයතනයෙන් එය දත්ත ලෙස ගබඩා කරනවා.එම දර්ශන සංරක්ෂිතව පුස්තකාලයේ ගබඩා කරනවා. ඒ වගේම මගේ කැසට් එකට අමතරව එම  දත්ත නැවත පරිඝනකයකට තැන්පත් වෙනවා. ඊට පසු නැවත එම දර්ශන Edit කරලා ඒවා ගබඩා කරනවා.

ප්‍ර -යම් සිදුවීමක් වීඩියෝ කරන විට ඔබ තනිවමද කරන්නේ ?
ඒකට අනෙක් ප්‍රදේශ වල ඉන්න වාර්තාකරුවන් සහභාගී වෙනවද
ඒක සිද්ධවෙන්වෙන්නේ එම සිදුවීම අනුව-

ප්‍ර -ඔබ මේ දක්වා මෙවැනි ප්‍රචන්ඩ සිදුවීම් වාර්තා කර තිබෙනවා ද?
ඔව් ඒ කාලයේ ප්‍රචන්ඩ සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

ප්‍ර -එවැනි කලහාකාරී ප්‍රචන්ඩ සිදුවීම් වාර්තා කරනකොට කුමන ප්‍රවේශයක්ද ඔබ අනුගමනය කරන්නේ ?
මම දකින සත්‍ය සියලු දේ මම වීඩියෝගත කරනවා.ඒ මොහොතේදී මගේ හැසරීම ස්ථානය මම මගේ ආරක්ෂාව ගැන බලලා තීරණය කරනවා. ඒ         වගේම ඊට අමතරව බාහිර පුද්ගලයින්ගෙන් සිදුවිය හැකි බලපෑම් ගැන සලකා බලා මගේ ප්‍රවේශය අරගන්නවා.

ප්‍ර -ඔබේ ස්ථානගතවිම අනුව සිද්ධිය  ග්‍රහනය කරගැනීමට හැකිවෙන්නේ කොහොම ද?
මම හැමවිටම උත්සාහා කරනවා හොද විෂුවල් එකක් ලබාගන්න.

ප්‍ර -යම් සිදුවීමකදී තවත් මාධ්‍යවේදීන් සමග ඔබේ සම්බන්ධීකරණයක් සිදුවෙනවාද ?
නෑ. නිශ්පාදකතුමා තමා අපට අවශ්‍ය දේ  කියන්නේ.

ප්‍ර– 2011 මැයි 29  ඔබ කොහෙද
මම 9.30 වෙද්දි ගෙදර  හිටියේ.
ප්‍ර -කොහොමද මේ සිද්ධිය දැනගත්තේ ?
මගේ මෙබයිල් එකට කෝල් එකක් ආවා
ප්‍ර – කවුද කතා කලේ ?
අමිල බාලසූරිය  මහතා මට කිව්වා උද්ගෝෂනයක් ආරම්භ වෙලා තියෙනවා යන්ඩ කියලා.
ඒ මාසේ 27 වෙනිදා ඉදලා මම රූගත කිරීම් කළා. 18 කනුවේ විරෝධතා තිබුණා මුලින්ම
ප්‍ර   ඊට පස්සේත් කළාද?
ඔව්
ප්‍ර – එතනට යනකොට ඔබ දැනගෙන හිටියා මොකක්ද මේ වෙන්නේ කියලා ?
ඔව් නිදහස් වෙළද කලාපයේ ඊපීඑෆ් ඊටීෆ් සම්බන්ධව උද්ගෝෂනයක් සිදුවෙනවා කියලා.

ප්‍ර – ඔබ එතනට ගියේ කීයට ද ? –  මම යතුරු පැදියෙන් 9.45 වෙද්දීඑතනට ගියා.

ප්‍ර ඔබේ    කැමරාවේ  මයික් එක සහ චාජරය හැමවෙලේම සූදානම් ද ?
ඔව් මම ඒ ගැන සූදානම්

ප්‍ර – කැමරාවේ Audio  ග්‍රහනය කරගන්ඩ තිබුණේ මොන වගේ තාක්ෂනයක්ද?
මයික් එකක් තිබුණා.
ප්‍ර – ඒ මයික් එක යාවත්කාලීන එකක් ද ?
මම සාමාන්‍යයෙන් හොද මයික් එකක් පාවිච්චි කරනවා.
ප්‍ර – ඔබේ මයික් එක සහ අනෙක් මාධ්‍යවේදීන්ගේ මයික් අතර වෙනස ඔබ හදුනගන්නේ කොහොමද?
ප්‍ර   –  මොන වගේ ලක්ෂන වලින් ද? – වින්ඩ්  සීල්  එකෙන් තමා හදුනගන්නේ – ඒක සුළග හමාන එක වලක්වන ස්පොන්ච් එකක්.
ප්‍ර    – කටුනායක ප්‍රදේශ යේ ඔබ සැරිසරලා තිබෙනවා ද – ඔව්
ප්‍ර –   ඔබ ඇවරිවත්ත හන්දිය දන්වාද -ඔව්
ප්‍ර -ඒ අවට තිබෙන වෙනත් ආයතන – පොලිසිය
ප්‍ර – එදා උදේ 9ග45ට විතර ඔබ පැමිනියේ කොතනට ද
පොලීසිය ඉදිරිපිට  සියඹලා ගස් තිබෙනවා. එතන මම මගේ බයික් එක නැවැත්වූවා.

ප්‍ර – ඔබ එතනදී මොනවද දැක්කේ
මම දැක්කා ගේට්ටුවෙන් ඇතුලේ ලමයි වාඩිවෙලා ඉන්නවා

ප්‍ර – ගේට්ටුවත්,ළමයි වාඩිවෙලා හිටිය තැනත් අතර තිබුණ හිඩසේ වෙන කවුරුවත් හිටියද ?
මම ගිය වෙලාවේ කවුරුත් හිටියේ නෑ  පොලීසිය ඉස්සරහා හිටියා.
පස්සේ  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සරත් ගුණරත්න සහ නිමල් ලාන්සා යන අය එතනට ආවා.
මම ඒ වෙලාවේ පොලීසිය ඉස්සරහා ඉදලා මන්ත්‍රීවරු ආවට පස්සේ ගේට්ටුව ඇතුළට  ගියේ.
මම දුටු සියලු දේ වීඩියෝ කලා

ප්‍ර– වීඩියෝ කිරීමේදී  ගේට්ටුව ගාව ඉදලා කොච්චර දුරක් ඔබ ඇතුළට ගියාද ?
මම ඒ තරම් දුරක් ගියේ නෑ. මට මි.ම. 500ත් 900ත් අතර වගේ කැමරාව සූම් කිරීමට පුලුවන්.

ප්‍ර – මෙම මංසන්ධියේ මැද්දේ සලකුණක් තිබෙනවා
ඔරලෝසු කණුවක්

ප්‍ර -ඒ ඔරලෝසු කනුව පසුකර බේස්ලයින් මාවතේ යම් ආගමික ස්තානයක් තිබෙනවා ඒ මොකක්ද?
පන්සලක්
ප්‍ර – එතනට පැමිණි මන්ත්‍රීවරු කොහෙට ද  ගමන්ගත්තේ ?
ඒ අය වාඩිවෙලා හිටපු ළමයි දෙසට ගමන් කළා.

ප්‍ර -ඒ අය මොකක්ද කළේ ?
ළමයි සමග සාකච්ඡා කරන්න උත්සාහා කලා.ඒක අසාර්ථක වුණා.

ප්‍ර -ඊට පස්සේ මොකද වුණේ ?
ඒ වෙලාවේ මම ගේට්ටුවෙන් ඇතුළේ අරලිය ගහක් ලග උන්නේ. ඊට පස්සේ ඒ අය පිටව ගියා. පසුව පොලිස් නිලධාරීන් සහ ළමයි රණ්ඩු   වෙන්ඩ       පටන් ගත්තා.

ප්‍ර– පොලීසිය එතනට ආවේ කොහොම ද?
දේශපාලඥයෝ ඇතුල් වුණාට පස්සේ පොලීසියත් ඇතුලු වුණා.

රන්ඩු වුණා. ගල් ඒ කියන්නේ සමහර එවා මල් පෝච්චි කුඩු කරලා ගත්ත ගල් ගහන්ඩ පටන් ගත්තා. කදුළු ගෑස් ගැහැව්වා. ළමයි ගල් විලින්  ගැහුවා.    මාවත් වලකට වුටුණා. මට  සිහියත් නැති වුණා. මම ආ ගිය අතේ කැමරාව ඇල්ලුවා. කැමරාව තිබුණේ ඔන් එකේ.
හුළං අතට කදුළු ගෑස් ආපස්සට ආවා
මට ඒ වෙලාවේ උදව් කලේ පොලීසියේ මහත්තුරු. කදුළු ගැස් ගැහැව්වට පස්සේ ඇතුලේ තිබුණ දෙබර කූඩේ ඇවිස්සුණා.

ප්‍ර -ඩී.අයි.ජී මහත්තයට පහරදීම සිදුවුණේ කොයි වෙලාවේ වගේද
12.30ට විතර.
ඒ වෙලාවේදි ළමයි කෑ ගහන ගෝසාවත්, කදුළු ගෑස් ගහන සද්දෙත් ,වෙඩි තියන සද්දත් මට ඇහුණා.
මම මූන සෝදන්ඩ එළියට ආවා. මම මුණ සෝදලා  ආයේ විඩියෝ කළා.

මම නැවත පාර දිගේ වීඩියෝ කරගෙන ගියා. ඒ වෙද්දි මමයි රංජියි විතරයි හිටියේ. එයා හිටියේ ගේට් එකෙන් එලියේ. පස්සේ මම නැවත පන්සලට ගියා.එතනත් තුවාල වුන වෙඩි වැදුන ළමයින්ව මම වීඩියෝ කලා.

ප්‍ර -ඔබ දන්නවද සුසන්ත උදේ කාලයේ හිටියද කියලා ?
මම දන්නේ නෑ.

මම ඒ ප්‍රදේශයේ සවස 6.30 විතර වෙනකම් රැදී සිටියා.  ඒ වනවිටත් රෝගින්ව බස්වලට දානවා දැක්කා.මම සැරෙන් සරේට මොනවා හරි දැක්ක    දැක්ක හැම දෙයක්ම වීඩියෝ කලා.

ප්‍ර -කැසට් පට කීයක්ද?
කැසට් පට 4ක්
වීඩියෝ කිරීම සම්පූරන්යෙන්ම පැයක් ගතවුනේ නෑ

ප්‍ර -එහෙනම් ඇයි ඔබ කැසට් පට 4ක් පාවිච්චි කලේ?
සිි රස ආයතනයට  ඉක්මනට වීඩියෝ පට යවන්ඩ අවශ්‍ය නිසා කැසට් 04ක් භාවිතා කළා

ප්‍ර – ආයතනයෙන් කවුරු හරි ඇවිත් හිටයද? පියන් කෙනෙක් වගේ කෙනෙක් ?
ආයතනයෙන් මොහාන් කියලා කෙනෙක් ඇවිත් හිටියා.

ප්‍ර-සවස් වන විට චම්පික හා සුසන්ත වීඩියෝ කරනවා ඔබ දැක්කද?
චම්පිකව දැක්කා. සුසන්තව දැක්කේ නෑ. .
ප්‍ර -සිද්ධිය සම්බන්ධයෙන් සිරස ආයතනයට අපරාධ පරීක්ෂන දෙපාර්තමේනතුවෙන්  පැමිණ ප්‍රශ්න කලාද?
ඔව් මට මතක ලෙස අවුරුද් දැන් 2කක් විතර ඇති.
එතකොට හිටපු අධ්‍යක්ෂකවරු මට කිව්වා අවශ්‍ය තොරතුරු ලබාදෙන්ඩ කියලා.
මම කරපු වීඩියෝ පට ඒ සටහන් අනුව මම කරපු බව මම පිලිගත්තා.

හරස් ප්‍රශ්න( ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා )

ප්‍ර – මහජන  උද්ෙගා්ෂන ,පීඩාකාරී අවස්තා ඔබ පටිගත කර තිබෙනවා ද?
පි – ඔව්
ප්‍ර- මෙම සිද්ධියේදී ඔබ එතන පැය කීයක් හිටියද? –
පි. උදේ 9.45 සිට සවස 6.30 වෙනකම් හිටියා.
ප්‍ර- ඒ අවස්තාවේ ඔබ ලබාගෙන තිබෙන්නේ ඔබේ කැමරාවෙන් සූම් කරලා ගත්ත දර්ශන ඒවා තැන් කීපයකින් ගත් ත දර්ශන ඒවා තමා මේ සියල්ල –
පි- ඔව්

ප්‍ර- දවල් 12 ත් 12.50ත් අතර පොලිස් නිලධාරීන් කීයක් වගේ හිටියද කියලා කියන්ඩ පුලුවන්ද
පි.- කියන්ඩ අමාරුයි

ප්‍ර – ඒ අතර ටී-56 තියාගත්ත නිලධාරීන් කීයක් වගේ හිටියා කියලා කියන්ඩ පුලුවන්ද ?

පි.-මම දැකපු දේ තමා මම වීඩියෝ කලේ. මොකද කැමරාව කියන්නේ මගේ ඇස තමයි.මගේ ඇසට පෙණුන දේ තමා මම වඪියෝ කළේ.

(Q42 -A වීඩියෝ පටය )
ප්‍ර – ගිණි අවියක් අතේ තබාගෙන පොලිස් නිලධාරියාගේ ඇදුමේ තියෙන්නේ එක තරුවයි කියලා ඔබට පෙනෙනවා ද / ඔබ පිලිගන්නවා ද?
පි.- ඔව්
ප්‍ර.- තනි තරුව තියෙන්නේ පොලිසියේ SI රෑන්ක් එකේ නිලධාරීන්ට කියලා ඔබ දන්නවාද ?
පි.-ඔව්
ප්‍ර.- මෙම දර්ශනයේ පොලිස් නිලධාරියෙක් වෙඩි තබන දර්නයක් තිබෙනවා. මෙම වීඩියෝගත කිරීමේදී ඔබ සිටියේ  සුදුපාට ගේට්ටුවට මෙහා වයි හන්දියට කලින් ද? –
පි.- මම තුංමං හන්දියේ හිටියේ නෑ ඊට මෙහායින් හිටියේ.
මාධ්‍යවේදී ප්‍රේමලාල් මහතා – මට ප්‍රශ්නයක් අහන්ඩ පුලුවන්ද?
    ඔබතුමා මොකක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ, වෙඩි තියනවා දැක්කද කියලද?

(සුදු පාට ගේට්ටුව ඇතුළත දර්හනය තිරයේ දිස්වෙයි. සුදුපාට ගේට්ටුව අසල පොලිස් නිලධාරියෙකු වෙඩි තබන දර්ශනය දිස්වෙයි)
ප්‍රශ්නය – සාක්ෂිකරු එතන හිටියා නේද ? අර පොලිස්කාරයා  වෙඩි තබන්නේ අර ෆැක්ටරිය ඇතුළට නේද ?

(පැමිණිල්ලේ විරෝධය මතුවේ)

ප්‍රශ්නය –  මම මහත්තයාට යෝජනා කරනවා Q-B වශයෙන් ලකුණ කරලා තිබෙන වීඩියෝවේ  තිබෙන ඒ වෙඩි තබන අවස්තාවේ වෙඩි තිබ්බේ පාරට නෙමේ  ‘මාර්ස්’ ෆැක්ටරිය ඇතුළට කියලා.

පි -ඒ හැම ෆැක්ටරියක් ඇතුළෙම ළමයි හිටියා. ඒ ළමයි  ඒවා ගෙවල් කියලා කිව්වේ. ඒ නිසා තමා ඒ අය ඒවා ඇතුලේ හිටියේ.
ප්‍රශ්නය – ඒකයි මමයෝජනා කරන්නේ  ඒ පොලිස් නිලධාරියා ඩෙඩි තැබුවේ ෆැක්ටරිය ඇතුළට කියලා.

(පැමිණිල්ලේ නීතිඥ මහතාගේ විරෝධතාවය ,’ඔහු කොහොමද මේවට උත්තර දෙන්නේ?’ )

විත්තියේ නීතිඥවරයා  –  මම මෙය යෝජනා කරනවා – මේ පොලිස් නිලධාරියා වෙඩිතිබ්බේ මේ ආයතනයට කියලා මම යෝජනා කරනවා.

මාධ්‍යෙව්දි  ප්‍රේමසිරි මහතා. – මම ඇසින් දුටු දේ තමා මම විඩියෝ කලේ. කාලයත් එක්ක මට සමහර දේවල් මතක නැ.


කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article