spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝගීන් ඇඳන් යට ,මීගමු රෝහල් ගොඩනැගිල්ල ඉබි ගමනේ !

Must read

NGB-hospital-new-buildig- මීගමුව නව රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට වසර 5 ක් පමණ වේ. මෙපමණ කාලයක් මෙසේ එකතැන ගාටන තත්වයක පැවතීම ගැන කිසිවෙකුට ප්‍රශ්ණයක් නැත .වගකිවයුත්තෙකුද නැත .ඒ නිසාම විනිවිද භාවයකින් කටයුතු සිදුවන බවක්ද දක්නට නැත .⁣මෙහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබුනේ 2015 දෙසැම්බර් වලදීය. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු එහෙම පිටින්ම one man show එකක් විය .මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මාස 3කින් නිම කරන බව එදා කියා සිටියේ ළමා විශේෂඥ ලක්කුමාරය.එහෙත් දැන් වසර 4ක් ද ගෙවි හමාරය.ලක්කුමාරලාද දැන් මීක් නැත.
තට්ටු 8කින් යුතු මෙම ගොඩනැගිල්ල තුළ කෙරෙන කටයුතු ගැන සමහරු විවිද කාමර කඩා එය ශාලාවක් කරති. නැවත එය තිබුනු තත්වයට පත් කරන ලෙස නියෝග ලැබී ඒ අනුව එය නැවත කාමරයක් කරති . මේ අනුව දින , සති ,මාස , අවුරුදු පසුවූ නමුත් මෙහි වැඩ එකතැන කැරකුනු බව අප දැන ගත්තෙමු .ඊට පසුව වැඩ ඇරඹූ ලමා ඒකකයේ ගොඩනැගිල්ලේ සියළු කටයුතු අවසන් කර දැන් වැඩ කරගෙන යයි. මේ වනවිට හෘද සැත්කම් ඒකකයේ කටයුතු ආරම්භ කර ජනවාරි වලදී අවසන් කරයි. නමුත් මේ ගොඩනැගිල්ලට බාලගිරි දෝෂය අද නොවේ හෙටය. දැන් අවසන් වීමට අාසන්න බව අප කළ විමසීමකදී එක නිලධාරියෙකු පැවසීය . නමුත් තවත් අයෙකු පැවසුවේ වෙනත් කතාවකි . 8වන වාට්ටුවේ සිට බැලූකල එහි ටයිල් අල්ලා නැත . සිවිලිම ගසා නැත . 7වන තට්ටුවෙහි දැඩිසත්කාර ඒකකයේ සහ ඔපරේෂන් තියටර් එකේ වැඩ එකතැනය. AC සඳහා අවශ්‍ය මුදල් ලැබී නැත .ඒ සඳහා අවශ්‍ය බඩු නැත . බයො ගෑස් ආදිය නැත . මේ සියල්ල සළකා බලන කල හෙට ,අනිද්දා වැඩ අවසන් කරන බව කීවත් , එය කළ නොහැකි දෙයක් බව අපට ලැබෙන තොරතුරු අනුව පැහැදිළිවේ.
මීගමුව රෝහලට එන රෝගීන් පීඩාවට පත්වන ආකාරය වාට්ටුවලට පැමිණ බලන විට පැහැදිළිවේ. ඇඳන් අඩු නිසා සමහර රෝගීන් ඇඳන් යටය. දිගු පෝලිම්ය. මේ තත්වය වෛද්‍යවරුන්ට , හෙද හෙදියන් ඇතුළු කාර්‍යමණ්ඩලයද අපහසුතාවට පත් කරයි . මේනිසා මෙම ගොඩනැගිල්ලේ අවශ්‍යතාව ගැන කිවයුතු නැත .
මේ නිසා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කර ඉක්මනින්ම රෝහලේ කටයුතු අවසන් කරන ලෙස අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article