spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසට වැඩකරන්න පඩිපිට නගර සභාවෙන් කණ්ඩායමක් ? ලේකම්ලා කොමසාරිස්ලා නිහඞයි ?

Must read

NGB-commisionar-1රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ මහමැතිවරණ වැඩකටයුතු සදහා මිගමුව මහනගර සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයන් පිරිසක් පඩි සහිතව පුර්ණ කාලිනව යෙදිමට වැඩපිළිවෙලක් නගරාධිපති දයාන් ලංසා විසින් සැලැසුම් කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
නගරසභාවේ ඇතැම් සේවකයන්ගේ යන එන වේලාවක් තිතට හොයාබලන විගණන අංශය නිළධාරින් ගලඋඩ කැත කළ බළලුන් ගානට දැන් පත්ව තිබේ.
ඒ යතුරු පැදි මෙන්ම පඩිද සහිතව මැතිවරණ වැඩවල යෙදෙන අය ගැන සොයාබලා ඇල්ලිමට ඉඩක් දැන් නැති නිසාය.
මේ අතර මේ සියළු විරෝධි කටයුතු එසේ සිදුවෙමින් තිබියදි නාගරික කොමසාරිස්වරිය සහ ලේකම්වරිය නැසු කන්ව සිටින්නේ ඒ අයට විවිධ වරදාන දැන් ලැබෙමින් පවතින නිසාය.
මහජන බදු මුදල් එහෙම පිටින්ම අයථා ලෙසින් කාබාසිනියා කරනු ලබද්දි මේ උසස් නිළධාරිණියන් දෙදෙනා ලංසා පවුලට රෙදි නැතිවම කඩේ යන තත්වයක් දැන් නිර්මාණය වි ඇතැයි කියන්නේද නගර සභාවේම සේවකයන්ම විසිනි.
අරුමය වන්නේ ලංසා පවුලේ දැඩි මිතුරෙකු වන විපක්ෂ නායකවරයා මෙන්ම බහුතරයක් එජාප නාගරික මන්ත්‍රිලාද ගල උඩ කැතකළළ බළලුන්ගේ ගානට වැටි තිබිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article