spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාලා මීගමුවේ නිළධාරින්ට කුණුහරුප කියා බනිද්දි බුදියන් හිටපු මීගමුවේ අය හෙට පාරට බහිනවලු ???

Must read

දයාන් 4මීගමුව මහනගර සභාවේ නාගරික ලේකම්වරිය එක්තරා අවස්ථාවකදි මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් කුණුහරුප කියා ඉතාමත් නින්දිත ලෙසින් බැනවැදිම නිසා රුධිර පිඩනය වැඩිවි රෝහල්ගත කරන්නට පවා සිදුව තිබුණද මීගමුව මහනගර සභාවේ හෝ රාජ්‍ය පරිපාලන සේවයේ අදාල සංගම් හෝ වෙනත් කිසිදු වෘත්තිය සමිතියක් හෝ මීක් කිවේ නැත.
මීගමුව මහනගර සභාවේ ඉහලම පරිපාලන නිළධාරියා වු නාගරික කොමසාරිස්වරයා පවා මේ අධම ක්‍රියාව ගැන නැසුකන්ව සිටියේය.
(මීගමුවේ මාධ්‍ය පවා සිටියේ කසාය බිපු ගොළුවන් ගානටය.
මීපුර ඇරෙන්නට මව්බිම පමණක් මෙය පළකොට තිබුණි ).
අතිදුෂිතයෙකු වු දායන් ලංසාගෙන් කුණුහරුප අහන්නට  පවා සිදුව තිබුන ලේකම්වරියට කිසිදු යුක්තියක් ඉටුකරන්නට කිසිවෙකුත් පියවර  ගත්තේ නැත.
දැන් පරිපාලන සේවා සංගමයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල සේවකයිනුත් ලබන සදුදා පාරට බහින්නට සුදානමින් සිටි.
ඒ රංජන් රාමනායකට එරෙහිවය.
අක්කරගම ප්‍රදේශයේ වැලිකැපිමේ ජාවාරමක නිරත මහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ විසින් දැනට වසර කිපයක් තිස්සේ සිදුකර ඇති දැවැන්ත පරිසර විනාශය නවතාලිම සදහා කිසිදු පියවර නොගෙන සිටි රාජ්‍ය ආයතන නිළධාරින්ගෙන් නියෝජ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියේ මෙ පරිසර විනාශය නවතාලිම සදහා මොනයම් හෝ පියවරක් ගතහැකිදැයි කියාය.
නියෝජ්‍ය ඇමතිවරයා හා සිදුකරන්නට යෙදුන මේ දුරකථන සංවාදයන් දෙකේදිම ප්‍රාදේශිය ලේකම්වරිය පිළිතුරු දුන්නේම සිදුව ඇති පරිසර විනාශය ගැන කිසිදු සංවේදිතාවයක් නොමැතිව බව ඒ ගැන පැත්තක නොගෙන අසා සිටියේ නම් පැහැදිලි වනු ඇත.
සිදුව ඇති පරිසර විනාශය ගැන සදහන් කරමින් ඒ වන විටත් ලිපි ප්‍රාදේශිය ලේකම්වරියට ගම්වාසින් විසින් යොමු කර තිබියදිත් ඇය නැවතත් කියා සිටින්නේ ගැටලුව ලිඛිතව එවන ලෙසය.
ප්‍රශ්ණය විසදිමට අවංක උනන්දුවක් නැති කොයි රාජ්‍ය නිළධාරියාත් හැසිරෙන්නේ මේ අයුරිනි.
එපමණක් නොව අදාල ප්‍රශ්ණය මහහැරිමට අවැසි රාජ්‍ය නිළධාරින්ගේ හැසිරිම හැමතැනකදිම මෙලෙසින්මය.මේ සිදුවිමේ සම්පුර්ණ විඩියෝ පටය නරඹන්න .
සිදුව ඇති
.නියෝජ්‍ය ඇමතිවරයා සහ ලේකම්වරිය අතර උණුසුම් කථාබහකට මුලපුරන්නේ මේ පසුබිමය.
නියෝජ්‍ය ඇමතිවරයා ඇත්ත වශයෙන්ම මුල සිටිම ඉතාමත් සංයමෙන් කථාකරමින් සිට පසුව අවේගශිලි ලෙසින් ප්‍රාදේශිය ලේකම්වරියට චෝදනා කර සිටියි.
සිදුව ඇති විනාශය ගැන ඇත්තටම සංවේදි වන කාහටත් එවන් කෝපයක් ඇතිවිම ඉතාමත් සාධාරණය.
මන්ද ඒ මුළු සංවාදය පුරාවටම මේ සිදුව ඇති පරිසර විනාශය  තඹ පයිසෙයකට ගණන් නොගෙන මේ ප්‍රාදේශිය ලේකම්වරිය විසින් පිළිතුරු ලබාදිමයි.
කෙසේ වෙතත් දැන් මේ සිදුවිම තුල දුෂ්ට්යා වි ඇත්තේ පරිසර විනාශයක් සිදුවන බව දැන දැනත් ඒ ගැන කිසිවක් නොකර සිටි නිළධාරින්වත් ,වැලි ජාවාරමේ යෙදුන පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දිකවත් නොව පරිසර විනාශයට එරෙහිව ජනතා අරගලයට සහභාගි වන්නට පැමිණ ජනතාව වෙනුවෙන් රාජ්‍ය නිළධාරින් ප්‍රශ්ණ කරන්නට යෙදුන මේ කලාපයේ දැනට සිටින ප්‍රගිතිශිලිම ඇමතිවරයෙකි.
රාජ්‍ය පරිපාලන සංගම දැන් මීගමුවේදි මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රදේශිය ලේකම් කාර්යාලවලදි සේවය නොකර සිටිමට තින්දු ගෙන ඇතැයි සැලය.
මේ අනුව හෙට දිනයේ මේ කාර්යාල වල සේවකයන්ද රාජකාරිය සිදුනෙොකරනු ඇත දැනටත් බොහෝ තැන්වල සිටින්නේ රාජපක්ෂ වාදින්ය.ඔවුන් සියළු දැ කරනු ලබන්නේ කිසියම් න්‍යාය පත්‍රයන්ද සහිතවමය.
එඒ හොරු රැකිමේ න්‍යාය පත්‍රයයි.
මීගමුව මහනගර සභාවේදි සිටින්නේ හොරුරකින හොරුනලවන පරිපාලන නිළධාරින් බහුතරයකි.
උන්ට අවැසිව ඇත්තේ මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදලින් උන්ගේ සුඛවිහරණයක් ලගාකරගැනිමය.
මීගමුව තුල ලංසා පවුල වසර 10 ක් තිස්සේ සිදුකරන්නට යෙදුන බරපතල වංචා දුෂණ ගැනද මේ කිසිවෙක් මීක් ගෑවේ නැත.
දැන් සියල්ලෝම සිංහයන් වි සිටිති.
ඒ ඇයිදැයි මීගමුවේ ජනතාව නිවරදිව තේරුම්ගතයුතුව තිබේ.

රන්ජන් රාමනායක සමාව ඉල්ලිය යුතු යැයි මේ රජයේ නිළධාරින් කියන්නේ නම්  ජනතාවට කියන්නට ඇත්තේ පසුගිය දශකයක් තිස්සේ මෙ රට විනාශ කරද්දි නිදා සිටි සිය මේ බහුතරයක් රාජ්‍ය නිළධාරින් නිකම් නොව පෙරලි පෙරළි රටේ ජනතාවගෙන් සමාව ගතයුතු බවය.
විශේෂයෙන්ම මීගමුවේ සිටින බහුතරයක් රාජ්‍ය නිළධාරින් දණගසා මීගමුවේ ජනයාගෙන් සමාව ගතයුතු බවය.
http://www.meepura.com/2016/05/16/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-2/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article