spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලයිට් කපලම නත්තල් මාසේ පටන් ගත්ත කචල් මණ්ඩලේ ?

Must read

2021 නත්තල් මාසය අදන් උදා විය. ඊයේ මැදියේම දසතින් නැගෙන රතිඤ්ඤා හඬත් සමඟ මීගමු නගරයද ඒ් සඳහා සූදානම් වන බව පෙනිණ.
මේ අතර මීගමු නගරය පුරා විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ ප්‍රචාරක රථයක අසුභ ආරංචියක් රැගෙන යමින් තිබිණ . එම අසුභ ආරංචියෙන් ප්‍රකාශ වූයේ දෙසැම්බර් 01දා දවස පුරා විදුලිය විසන්ධි කරන බවයි.

විදුලිය අළුත් වැඩියාවක් සිදුකිරීම අත්‍යවශ්‍ය අවස්ථාවක එය එසේ සිදුකළ යුතු බව ඇත්තකි. එහෙත් නත්තල මාසේ පලවෙනි දවසේම ලයිට් කපලම පටන් ගත්තා යැයි කියන්නේම සැමට දැනෙන හැගෙන දෙයක් බවට පත්ව තිබේ.

මන්ද මීගමු නගරය විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුවන , විවිධ කර්මාන්ත මත පදනම්වන, සංචාරක , ධීවර ආදී කටයුතු රැසක් මත ක්‍රියාත්මක වන මහ නගරයක් වන හෙයිනි .
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article