spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලාංකීය ජනප්‍රිය දේශපාලනයේ ”රාසා” ලකුණ…

Must read

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් පහුගිය දින කීපය තුල පාර්ලිමේන්තුව තුල කරපු කථා ටික බැලුවා ….
ඇත්තටම ඒ කතා කරපු කරුණු වලින් වැඩි හරියක් දකුණේ නායකයින් විසින් කියන්න අවශ්‍ය කතා…

දකුණේ බහුතරයක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා සභා ගැබේ ගොරව ගොරව බුදියන අස්සේ මඩකලපුවේ ඉදන් ආපු ‍රාසමානික්කම් දකුණේ සිංහල මිනිහට තියෙන ප්‍රශ්නෙත් කතා කරනවා…උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් මිනිහගේ ප්‍රශ්නය කථා කරනවා.

සෑහෙන ප්‍රමාණයක් දෙමල මන්ත්‍රීවරු දැකලා තියෙනවා….ආනන්ද සංගරී , ආර් සම්බන්ධන් , ඩග්ලස් දේවානන්ද වගේ ජ්‍යේෂ්ඨයන්ගේ ඉදලා වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රිලනිප යාපනය මන්ත්‍රී අංගජන් රාමනාදන් දක්වා සෑහෙන පිරිසක්…

හැබැයි ඒ කිසිවෙකුට රාසමානික්කම්ට තරම් සිංහල භාෂාව හසුරවන්න බෑ…සිංහල , දෙමල , ඉංග්‍රිසි භාෂා තුනම එක ලෙස හසුරවන්න පුලුවන් මිනිහෙක් විදියට ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ මම දැක්කේ මඩකලපුවේ තරුණ මන්ත්‍රී රාසමානික්කම්…

.දකුණේ බහුතර සමාජය අතර ඔහු ජනප්‍රිය වෙන්නත් දකුණට ඔහු සමීප වෙන්නත් ප්‍රධාන හේතුව ඒක…..හැබැයි සිංහල දැනගැනීම විතරක් වැඩක් නැහැ දකුණේ සමාජය අතර ජනප්‍රිය වෙන්න…එහෙම වෙනවා නම් රාසමානික්කම්ට කලින් දකුණේ ජනප්‍රිය වෙන්න ඕන සී වී විග්නේෂ්වරන්….ඔහුටත් සිංහල , දෙමල , ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වය වෙනසකින් තොරව හසුරවන්න පුලුවන් විතරක් නෙමෙයි පවුලේ අය අවාහ විවාහ කරගෙන තියෙන්නෙත් දකුණේ ජනප්‍රිය දේශපාලන පවුල් වලින්…හැබැයි විග්නේෂ්වරන්ට කවදාවත් දෙමල සමාජය සහ සිංහල සමාජය අතර තියෙන ගැටුමක් ගැන කියවන දේශපාලනයෙන් මෙහාට කතාවක් කරගන්න හැකිවුනේ නෑ…

ඉතින් විග්නේෂ්වරන් දකුණේ ප්‍රසිද්ධ උනාට ජනප්‍රිය නෑ….2015 අගෝස්තු 17 පැවැති මහමැතිවරණයෙන් පස්සේ රැස්වුනු පාර්ලිමේන්තුව විසින් විපක්ෂනායක තනතුර දෙමල සන්ධානයට ලබා දෙනකොට දෙමල සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මාධ්‍යයට කිව්වේ දෙමල මිනිස්සුන්ට වගේම දකුණේ සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වෙනුවෙනුත් විපක්ෂනායක ලෙස මින් ඉදිරියට තමුන් පෙනී ඉන්න වග…හැබැයි ප්‍රකාශයකින් එහාට දෙයක් ඔහුට කරන්න හැකි වුනෙත් නෑ…

ඔහුගේ විපක්ෂනායක භූමිකාවත් දෙමල සමාජයේ දේශපාලනය වෙනුවෙන් පමණක් ගොනු උනා….හැබැයි දැන් රාසමානික්කම් සිංහලෙන් පාර්ලිමේන්තුව අමතලා චීන ආක්‍රමණ ගැන , ජීවන වියදම ගැන , උද්ධමනය ගැන, ගුරු ගැටලු ,වන සංහාරය ගැන,පරිසර හානි ගැන, වංචා දූෂණ ගැන , රාජ්‍යය ණය බර ගැන කියද්දී දෙමල සමාජයෙන් ආපු තවත් එක් දේශපාලකයෙක් කියලා ආණ්ඩුවට ඔහුට පයින් ගහලා පැත්තකට කරන්න බැරි තත්වයක් අද උදාවෙලා තියෙනවා….

ඔහු මඩකලපුවේ කරන ප්‍රාදේශිය දේශපාලනයද ප්‍රබලව කරයි…..

දෙමල, මුස්ලිම් සමාජයෙන් මම ප්‍රාර්ථනා කරන්නේ රාසමානික්කම් වගේ මන්ත්‍රීවරු….දෙමල මිනිස්සු වෙනුවෙන් දෙමල දේශපාලනය විතරක් කතා කරන විග්නේෂ්වරන්ලට වඩා වැඩි දෙයක් රාසමානික්කම්ලට කරන්න පුලුවන් කියලා මට හිතෙනවා….වර්ගය සහ භාෂාව පදනම් කරගෙන දේශපාලනය කරන දෙමල , මුස්ලිම් මන්ත්‍රීවරුන්ට වඩා අපිට අවශ්‍ය ශ්‍රී ලාංකීය ජාතිය පදනම් කරගෙන දේශපාලනය කරන දෙමල , මුස්ලිම් මන්ත්‍රීවරු….

ඉන්දියාවට මන්මෝහන් සිං , ආචාර්‍ය අබ්දුල් කලාම් වගේ සුළු ජනවර්ගයකින් පැමිණි ජාතික නායකයෝ හිටියට අපිට එහෙම මිනිස්සු නෑ….
ඒ රික්තය පුරවන්න රාසමානික්කම්ලට පුලුවන් වේවි

Aslam A Caderhttps://www.facebook.com/photo?fbid=2041497612691985&set=gm.3128251947406051

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article