spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපතිගේ රෙදි ගැලවු යාපනයේ පොලිස් ‍ත්‍රස්තවාදය

Must read

යාපනයේ පසුගියදා සිදුවු ක්‍රියාවන් යාපනයේම නිර්භිත පුරවැසියන් විසින් හදුන්වා දි තිබුනේ පොලිස් ත්‍රස්තවාදය ලෙසය.
උපවාස කොට මිය තිලිපන් වෙනුවෙන් බුහුමන් දක්වා කපුරු කෑල්ලක් නල්ලුර් කෝවිල අසල වැලිපොලවේ පත්තු කරන්නට ගිය දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රන්ව යාපනයේ පොලිස් ලොක්කාගේ අණ පරිදි පොලිසිය විසින් කුදලාගෙන ගොස් ජිප් රථයකට තල්ලු කරන ආකාරය මේ වන විට මානව හිමිකම් අගයන ලෝකයේ බහුතරයක් දැක නැතුවාට සැක නැත.

මන්ත්‍රිවරයා විසින් දිගින් දිගටම යාපනය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගෙන් අධිකරණ නියෝගය කෝ යැයි කියමින් ඉල්ලා සිටියදි ඔහු නිරුත්තර බව ඉතා පැහැදිලි ලෙස අදාල විඩියෝ සාක්ෂි වල සටහන්ව ඇත.

යාපනේ පොලිස් ලොක්කාගේ පොලිස් ත්‍රස්තවාදය ගැන දැන් තවත් විඩියෝවත් සමාජ මාධ්‍ය තුලට මුදාහැර තිබේ.
එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යයට සම්බන්ධ කාන්තාවකගෙන් මාධ්‍ය හැදුනුම් පත පරික්ෂා කරන අතරේ ඒහි සිටින මාධ්‍යවේදිනියක් ආදල සිදුවිම සිය ජංගම දුරකථනයෙන් සටහන් කරගනිමින් සිටියාය.
ඇගේ ජංගම දුරකථනයද බලහත්කාරයෙන් උදුරාගෙන ඇයවද අත්අඩංගුවට ගැනිමට නියෝග දෙනු ලබයි.

ඒ අවස්ථාවට මැදිහත් වන නිර්භිත යාපනයේ පුරවැසියෙකු ඉංග්‍රිසි බසින් ආදල පොලිස් නිළධාරියාට කරුණු පැහැදැලි කර දෙමින්කියා සිටින්නේ මෙය ත්‍රස්තවාදයක් බවය.

පොලිසියට ඇගේ ජංගම දුරකථනය උදුරා ගන්නට ඇති අයිතිය කුමක්දැයි දිගින් දිගටම ඔහු ප්‍රශ්ණ කරයි.
ජනපති නිව්යෝර්ක් සිට ජගත් නායකයන් අමතන විට ජනපතිගේ ප්‍රජාතන්ත්‍රවාදි සළු පිළි දැන් ඒකින් ඒක ශ්‍රි ලංකා පොලිසිය විසින් ලංකාව තුල අගේට ගලවමින් සිටි.

ඒය හොදටම දැන් කරමින් සිටින්නේ යාපනේ පොලිසියේ ලොක්කා බවනම් අවිවාදිතය.

යාපනයේ පොලිස් ත්‍රස්තවාදය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article