spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඖෂධවේදී (බාහිර විභාගය සහ ප්‍රජා ඖෂධශාලා සේවය(කෙටි විමසුමක්)

Must read

ඖෂධවේදී (බාහිර විභාගය සහ ප්‍රජා ඖෂධශාලා සේවය
(කෙටි විමසුමක්)


■ වසර 75 කට වඩා පැරණි ඖෂධවේදී (බාහිර) විභාගය රජයේ නොවන සේවාවන් සඳහා අවැසි ඖෂධවේදීන් බිහිකිරීම පිණිස පවත්වා ගනිමින් සිටින විභාග ක්‍රමයකි.

■ එතරම් පැරණි විභාග ක්‍රමයක් වුවත් අදවන විටත් රටේ පවතින ප්‍රජා ඖෂධ ශාලා වල සේවය සඳහා ප්‍රමාණවත් ඖෂධවේදීන් සංඛ්‍යාවක් බිහිකිරීමට මෙම ක්‍රමය සමත් වී නොමැත.

■ ආසන්න වශයෙන් රටපුරා ප්‍රජා ඖෂධශාලා 4500 පමණ පැවතියත් ඒවායින් වැඩි ප්‍රමාණයක ඖෂධවේදීින් සත්‍ය ලෙසම සේවයේ යෙදී නොසිටී.

■ එබැවින් ජනතාවට ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක සේවාවක් ලැබෙන්නේ නැත.

■ මෙම තත්වයට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බලපා තිබේ.
1ග ඖෂධවේදීන් පුහුණු කිරීමේ සහ විභාග ක්‍රමයේ පවතින අක්‍රමවත් බව සහ අඩුපාඩු.
2ග ප්‍රජා ඖෂධශාලා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලේ අක්‍රමත් බව.

01. පුහුණුව සහ විභාග ක්‍රමය
■ වසර දෙකක ආධුනිකත්ව කාලයක් සම්පූර්ණ කළ ආධුනිකයන්ට විභාගයට පෙනී සිටීමට අවසර ලැබේ.

■ මෙම ආධුනිකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක්ම (80% පමණ) නිසි පුහුණුවක් ප්‍රජා ඖෂධශාලාවක ලබා නොගනී. බොහො දෙනා වෙනත් රැකියාවන් වල යෙදෙන අයවලුන් වේ.

■ බාහිර පංතිවලට සහභාගි වී අවශ්‍ය න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලබා ගනී. (දැන් ධබකසබැ). ලැබෙන ප්‍රායෝගික පුහුණුව ප්‍රමාණවත් නොවේ.

■ විභාගයට පෙනී සිටින දහස් ගණනින් සමත්වන්නේ සුළු පිරිසකි. මෙය ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් 10 – 20 % අතර ප්‍රමාණයකි. මෙයට එක් හේතුවක් වන්නේ අක්‍රමවත් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලයි.

■ එසේ සමත් වන අයගෙන් බොහෝ දෙනෙක් සහතිකය විකුණා තම සුපුරුදු රැකියාව කරගෙන යයි.

■ විභාගය ක්‍රමවත් නැත. නිර්දේශයට අනුකූල වන පරිදි ප්‍රශ්න පත්‍ර සකසා නැත. පෙර පැවති ක්‍රමවත් බව දැන් ගිලිහී ගොසිනි. සමත් කිරීමට නොව අසමත් කිරීම සඳහා සැකසුණු විභාගයක් ලෙස සැලකිය හැකිය.

සිදුකළ යුත්තේ කුමක්ද?
මෙම අසාර්ථක ආධුනිකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රමය, පුහුණු කිරීමේ වැඩපිළිවෙල සහ විභාගය නවතා දැමිය යුතුය. ඒ වෙනුවට උසස්පෙළ සමතුන් සඳහා ලංකාවටම බලපාන පරිදි එක් ඖෂධවේදීන් පුහුණුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. මෙය රජයේ හෝ රජයට අනුබද්ධ ආයතනයන් මගින් (විවෘත විශ්වවිද්‍යාලය වැනි) පැවැත්විය හැකිය.
පුහුණු පාඨමාලාව අතරතුරදී ප්‍රජා ඖෂධශාලාවක පුහුණුව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය.
පුහුණුව අවසන් කොට සමත් වන ඖෂධවේදීන් ලෙස සුදුසුකම් ලබන අයවලුන්ට තමන් කැමති අංශයක් තෝරා ගත හැක.

02. ප්‍රජා ඖෂධශාලා ලියාපදිංචිය
■ දැනට පවතින ක්‍රමය අසාර්ථක සහ ප්‍රතිඵල රහිත ක්‍රමයකි.

■ අනිවාර්යයෙන්ම ඖෂධවේදියකු සක්‍රීය ලෙසම ඔසුසැල් වල සේවය කිරීමේ අවශ්‍යතාවය සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතුය.

■ බලපත්‍රය ලබා දිය යුත්තේ වගකීම දරණ ඖෂධවේදීයාගේ නමටය.

■ දැනට ඖෂධවේදින් සේවයේ යොදවා නැති ඔසුසැල් වලට එම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට සාධාරණ කාලයක් ලබා දී ඉන්පසුව ඖෂධවේදියකු සක්‍රිය සේවයේ යෙදී නැති ඔසුසැල් සම්බන්ධයෙන් නිසි පියවරක් ගත යුතුය.

■ තෝරාගත් නගරයක හෝ ප්‍රදේශයක ජනතාවට සේවය සැලසීම සඳහා ප්‍රමාණවත් ඔසුසැල් සංඛ්‍යාවක් පවතී නම් අලුතින් ඔසුසැල් ආරම්භ කිරීම නවතා දැමිය යුතුය.

■ හැකි පමණ රාජ්‍ය ඔසුසැල් සහ නියෝජිත ඔසුසැල් ප්‍රධාන නගර සහ පර්යන්ත නගරවල පිහිටුවීමට පියවර ගත යුතුය.

මේ පවතින තත්වය පිළිබඳව කළ කෙටි විමසුමකි. රෝගී ජනතාවගේ සහ ඖෂධවේදින්ගේ හිතසුව පිණිස මෙම තත්වය ගැඹුරින් සලකා බලා නිසි පියවර ගත යුතුව ඇත. එසේ පියවර ගැනීම රෝගීන්ගේ සුභ සිද්ධිය සහ ඖෂධවේදින්ගේ වෘත්තීමයභාවය රැකදෙන කාලීන අවශ්‍යතාවයක්ව පවතී.


විවාදයට විවෘතයි .
හිත හොඳ pharmacist ,ලා


සිරි වීරප්‍රිය


(සැප්තැම්බර් 25 වන දිනට යෙදී ඇති ලෝක ඖෂධවේදින්ගේ දිනය වෙනුවෙනි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article