spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොක්කෝ සැඟවේ: බැසිල් වෙනුවෙන් දෙවෙනි පෙළ සටනට: විජේදාසට කාන්තිගෙන් ප්‍රහාරයක්

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
විමල් විරවංශ – විජේදාස රාජපක්ෂ අමාත්‍යවරුන් ඇතුළු ආණ්ඩුවේ ‘ජාතික බලවේග’

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විසිවන සංශෝධනයට එරෙහිව දියත්කර ඇති දැවැන්ත ප්‍රහාරය හමුවේ එම පක්ෂයේ සභාපති, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු ප්‍රබලයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිය දී දෙවන පෙළ නායකයින් කිහිප දෙනෙකු බැසිල් රාජපක්ෂ වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත් වේ.

ඒ අනුව අද (13) දින බත්තරමුල්ල නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ එම පක්ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂව දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ඒ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඊයේ ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා දුක්මහන්සියෙන් බිහිකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් කර, මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත් කර රජයක් බිහි කළේ හිරගෙවල් වල ලැග දුක්විද බව මහරගම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ සංවිධාය කාන්ති කොඩිකාර එහිදී  ප්‍රකාශ කළාය.

පවතින රජය බිහි කිරිමේදි පසුගිය වසර ගණනක් දුක් වින්දේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්න මිස, විජේදාස වැනි පුද්ගලයන් අපේ පක්ෂයෙන් තරඟකොට පාර්ලිමේන්තුවට ගෙනත් රජය විවේචනය කිරීමට නොව බවත්, එවැනි තත්වයන් යටතේ මහන්සියෙන් බිහි කළ රජය අපහසුතාවය පත් කිරීම වැරදි බවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකොට මනාප ලැයිස්තුවේ ඊළගට සිටින මොරටුව සංවිධායක හිටපු නගාරාධිපති සමන්ලාල් ප්‍රකාශ කලේය.

එමෙන්ම, මනාප ලැයිස්තුවේ සමන්ලාල්ට පසුව සිටින පොදුජන පෙරමුණු අවිස්සාවෙල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වු අතර ඔහු ප්‍රකාශ කළ සිටියේ අපේ ඡන්ද අරං අපේ මන්ත්‍රීධුර අරං පක්ෂයට විරුද්ධව වැඩකිරීම යුක්තිසහගත නොවන ක්‍රියාවක් බවයි.


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article