spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”ලොව උතුම්ම ධර්මය මනුෂ්‍යත්වය යි” -පළඟතුරේ නත්තල් සැමරුම !

Must read

IMG-20191223-WA0005IMG-20191223-WA0008IMG-20191223-WA0002IMG-20191223-WA0000

පලඟතුරේ ශාන්ත ආනා දේවස්ථානයේ මෙහෙයවීමෙන් කොට්ඨාශ 8 ක ගවලෙන සහ ඊට අදාල පැරණි අතීතයට යොමුවී කරන ලද නිර්මාණයන් 8ක් පිළිබඳ නත්තල සැමරීමක් ඊයේ පැවැත්වින . මීට අදාල හොඳම ගවලෙන් ගම්මානය තේරීමක්ද සිදුවිය . මේ සඳහා දේවස්ථානයේ පාලක පියතුමා වන සුමිත් රෝෂන් පියතුමා සහ තවත් පියතුමන්ලා සහ කන්‍යාසොයුරියන් ද මේ සඳහා දායකත්වය ලබාදෙන ලදී .
පසුගිය අප්‍රෙල් 21 සිදුවූ ඛේදවාචකය තුළ මතුවූ විනාශ කාරි ජාතිවාදී හැඟීම වෙනුවට මනුෂ්‍යත්වය සිත්සතන් තුළ රෝපනය කිරීම මෙහි එක් අරමුණක් බව මෙම නිර්මාණයට වැඩි දායකත්වයක් දුන් 5 කොට්ඨාශයේ ශාන්ත මහතා අප සමඟ පැවසීය . සම්ප්‍රදායිකව නිර්මාණය කළ තරුව සමඟ “ලොව උතුම්ම ධර්මය මනුෂ්‍යත්වයයි” යන තේමාව මත තවත් තරුවක් නිර්මාණය කළේ ඒනිසා බව ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී . එමෙන්ම කතෝලික , බෞද්ධ ,ඉස්ලාම් හින්දු යන ආගම් 4ම නියෝජනය වන සේ දරුවන් 4 දෙනෙකුට ඊට අදාල ඇඳුම් අන්දවා එම අදහස ප්‍රදර්ශනය කිරීම මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් විය.
වෙනත් සම්ප්‍රදායික සැරසිලි සමඟ මෙවැනි අදහසකින් 5 කොට්ඨාශය තම ගවලෙන සහිත ගම්මානය නිර්මාණය කළ අතර තවත් නිර්මාණ 8 ක් සිත් ඇද ගන්නා ආකාරයට නිර්මාණය කර තිබින .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article