spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වගකිවයුත්තෝ මුනිවත රකිද්දී, මීගමුවේ තැනින් තැන හැදෙන අනවසර ගොඩනැගිලි….

Must read

දළුපත අනවසර ඉදිකිරිම 1දළුපත අනවසර ඉදිකිරිම 2

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකල විට හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අසල ⁣ගොඩනගමින් සිටි නිවසක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කරමින් අඛණ්ඩව ලිව්වෙමු . පසුව ප්‍රදේශවාසීන් මේගැන විරෝධතාව දැක්වූ අතර ඉන්පසු තාක්ෂණ නිලධාරිණිය තහනමක් ද පනවන ලදී . නමුත් නැවත වැඩ ආරම්භ කෙරුණු අතර දැන් ඒ අනවසර ඉදිකිරිමෙ වැඩ අවසන්ව ඇති සෙයකි.
නමුත් දැනුම් දීම්, විරෝධතා , පෙත්සම් යන මේ සියල්ලක්ම නොතකා හැර මෙම නිවසේ වැඩ අවසන් අදියරට පැමිණ ඇත .

මෙම අනවසර නිවස හැදීම නතර කිරීමට නගරසභාවේ නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?

අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මියට අනුවද මෙය ඉතා පැහැදිලිවම බරපතල වරදකි. පැහැදැලි නීති කැඩිමකි.
ඇය එසේ කියා සිටින්නේ පළාත් පාලන රෙගුලාසිවලට අනුවය.
තතු එසේ වුවද ඇගේ නිර්දේශයන් පවා බල්ලට දමා දැන් වැඩේ සිදුවෙමින් තිබේ.
රටක නීතිය සමාන විය යුතුය.

ඒ  අනුව රජයේ නිළධාරින්ගේ නියෝගයද නොතකා කටයුතු කරන්නට නම් මේ තැනැත්තාට ලොකු දේශපාලන හයියක් තිබිය යුතුමයත
එසේ නම් ඒ ලංසා පවුලදැයි දළුපත ප්‍රදේශවාසිහු දැන් ප්‍රසිද්ධියේ ම අහන තැනට කටයුතු එදා කටයුතු සිදුව තිබුණි

දළුපත, පිල්ලෑව පාරට හැරෙන ස්ථානයේ , මහල් 4ක ගොඩනැගිල්ලක පහල කොටසේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේ පාරට යාබදව එක් කොටසක් කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව ගොඩ නගන ලද්දක් විය. එසේම මෙම ස්ථානයේ පාර වංගුවක් සහිත වන බැවින් , අවධානමකින් යුතුවේ.

ඒ නිසා ප්‍රදේශ වාසීන් සහ සුපර් සෝනික් පදනම විසින් කල මැදිහත්වීම මත ගොඩනැගිල්ලේ මෙම කොටස පරීක්ෂාකර බැලීමට නගර සභාවේ තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්විමය පැමිණ අතර ඇය විසින් මෙහි ඉදිකිරීම් තහනම් කරන ලදී. මේ පිළිබඳව පිරික්ෂා කර බැලී⁣මෙන් අනතුරුව  එය තහනම් කළා පමණක් නොව එම කොටස කඩා ඉවත් කරන ලෙසද එම ව්‍යාපාරිකයාට නියෝග කරන ලදී. නමුත් එය කඩා ඉවත් කළේ නැත.සුපර්සොනික් පදනම විසින් මිගමුව මහනගර සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මිගමුව නාගරික කොමසාරිස්වරියගේ අත්සනින් යුතුව අදාල අනවසර ඉදිකිරිම සිදුකර ඇති අය වෙත දන්වා යවා ඇත්තේ දින 14 ක් ඇතුලත මේ සියළු අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කරන ලෙසය .
මේ නියෝගයට දැන් තෙමසක්ද ඉක්ම ගොස් ඇත.
අදාල අනවසර ඉදිකිරිම් ටික කඩා ඉවත්කරගන්නවා වෙනුවට මේ වන විට එයි ව්‍යාපාරික කටයුත්තක්ද ආරම්භ කිරිමට අදාල අනවසර ඉදිකිරිම් කරු විසින් පියවරගෙන තිබේ
සුපර්සෝනික්IMG-20201021-WA0027IMG-20201021-WA0029

මීගමුව පුරා හැදෙන අනවසර ගොඩනැගිලි පිළිබඳව , අප මීපුර වෙබ් අඩවිය ලෙස පසුගිය කාලය පුරා විවිධ අන්දමින් මැදිහත්විය. වගකිවයුතු නිලධාරීන්වද එවැනි ස්ථාන පිළිබඳව දැනුවත් කළෙමු. නමුත් ඔවුන් ජනතාව මුලාකරමින්, අදාල ගොඩනැගිලි සඳහා ඉඩ අවසරය ලබාදී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ⁣සමහර නිවාස වල පදිංචියද තහවුරු කරගෙන ඇත.
නාගරික කොමසාරිස්වරියගේ නියෝගය තුට්ටුවකට මායිම් නොකර කඩා ඉවත් කරගන්නාව වෙනුවට එහි ව්‍යාපාරයක්ද ඇරඹිමට කටයුතු කරගෙන යෑම තුලින් කියැවෙන්නේ අදාල පුද්ගලයාට ඇති දේශපාලන හයියේ තරමය.

සටහන සහ ඡායා- සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article