spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘‘වයඹ සුදු අලියෙක් වුණත් – අපි උතුරට නම් ෆෙඩරල් දෙන්නේ නෑ ‘‘

Must read

උතුරු පළාත් මහ අැමති විග්නේෂ්වරන් මහතා විසින් යෝජනා කර සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව හෙලා දැකීමේ යෝජනාවක් වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රි වරුන් විසින් සම්මත කරගෙන තිබේ. ෆෙඩරල් යෝජනාව හෙළාදැකීමට එකඟ වුවත් මෙය ආණ්ඩු පක්ෂය විසින් දේශපාලන වාසියක් කර නොගත යුතු බව වයඹ පළාත් සභා මන්ත්‍රී , විපක්ෂයේ සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් සිය අදහස් දැක්වීමේදී පවසා ඇත.
බැලූ බැල්මට නම් පෙනෙන්නේ  මෙහිදී විරෝධය පළවී ඇතතේ  මතුපිටින් අතගා බැලීමේ ක්‍රමයකටය. එසේ නැතහොත් ෆෙඩරල් ක්‍රමයේ ඇති දේශපාලන හරයක් පිළිබඳව ඇතිවූ සංවාදයකින් නොවේ. ප.ස. මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු විසින් මතුකර ඇති ආකාරයට වර්තමාන රජය නම්‍යශීලීය.  එහෙත් ෆෙඩරල් පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීම සහ එහි හෙළාදැකීමට ප්‍රථම ඒ පිළිබඳ සංවාදයක් තිබිය යුතුය.  ප්‍රමාණවත් සංවාදයක් නොමැතිව මෙම යෝජනාව ප්‍රතික්ෂේප සම්බන්ධයෙන්  චිත්‍රාල් ප්‍රනාන්දු විසින් සභාව ප්‍රශ්න කර අැත.  කෙසේ වුවුත් වයඹ පළාත් සභාව ඇතුළු සියලු පළාත් සභාවන් මෙය ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරයි.  මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මේ මොහොතේ වර්තමාන රජයේ අවශ්‍යතාවය නම් රජයේ ඇති නම්‍යශීලිභාවය යනු කුමක්ද? මෙයට දේශපාලන අර්ථයක් තිබිය යුතුය. යුද්ධය අවසන්ව වසර 7 ගතවී ඇති අතර නව රජය පත්වී වසර දෙකක් ගතවී ඇත. උතුරේ ජනතාවගේ කැමැත්ත රජයට ලබාදී ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරක් මෙම රජය තුළ තිබේය යන විශ්වාසය මතය. සෑම කාලයකම උතුරෙන් යෝජනා එන විට පැවති දකුණේ රජයන්ට ඒවාට ඇහුම්කන් දෙන්නට ඒ මොහොතේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රෙය් ඉඩක් තිබී නැත. දැන් චිත්‍රාල් ප්‍රනාන්දු පවසා ඇති ආකාරයට මේ යෝජනාව මේ මෙහොතේ සිදුකිරීම රජය අපහසුතාවයට පත්කිරීමකි. ඒ දකුණේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය. නමුත් ඒ උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබානොදීම සහ මෙය කල්ඇදිමේ ප්‍රශ්නය මේ මොහොතේ තිබෙන්නේ උතුරේ  දේශපාලන  න්‍යාය පත්‍රෙය්ය. මේ දෙක එකක් විය යුතුය.
ඇත්තෙන්ම උතුරු නැගෙනහිර පළාත් සභාව වයඹ පළාත් සභාව මෙන් සුදු අලියෙක් වීමට නොවන බව මේ යෝජනාවෙන් පෙනී යයි. ඔවුන් උතුරේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට ඇති බලය පිළිබඳ දේශපාලන සාධකය සැලකිල්ලට ගෙන මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ. වයඹ පළාත් සභාව  වයඹ ජනතාවගේ ප්‍රශ්න වසඳීමට  තමන්ට ඇති බලතලවත් හරියට පාවිච්චි නොකරන  තත්ත්වයක ඔවුන්ට පෙඩරල් ගැන කියාදීමට සිදුවීමත් එක්තරා සරදමක් වනු ඇති අතර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයක් සිටින්නේ මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමේ බංකොලොත් දේශපාලන උවමනාවකය.  උතුරට දේශපාලන විසඳුමක් ගෙන ඒමේ පියවරක් ලෙස පළාත් සභා ක්‍රමය පිහිටුව ද  මෙය කෙතරම් අසාර්ථක  එමෙන්ම මහජන මුදල් නාස්තියක් ද යන්න තවම වයඹ පළාත් සභාවද තේරුම් ගෙන නැති පාටය.   එහෙත් වයඹ ජනතාව නම් මෙය හොඳින් තේරුම් ගෙන ඇත.

පියසීලී ගුණවර්ධන

ඡායාරූප උපුටාගැනිම – https://www.facebook.com/chithralfernando

13407140_1100624643343489_8095875417658088247_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article