spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසංගත පාලනය ගැන නිසි සැලැස්මක් නැති පාලකයෝ නිසා රට දැවැන්ත අර්බුදයක ?

Must read

Brandex-India-Coronaඉන්දිය සිනමාවේ දක්ෂ නළුවෙක් වුන නානා පටේකාර් රඟපාපු චිත්‍රපටියක දෙබසක් තිබුන නායකයා සහ දේශපාලකයා අතර තියෙන වෙනස ගැන.
අවාසනාවකට අපේ රටේ අතිබහුතරයක් ඉන්නේ දේශපාලකයෝ මිසක් නායකයෝ නම් නෙමෙයි.
නායකත්වය තියෙන කෙනාට දුරදැක්මක් තියෙනවා . එයා හරියට දුර දකිනව . ඒ දැකල පේන දේවල් ගැන තමන්ගේ සැලැස්ම ඉදිරිපත් කරනවා.
දැන් මේ වසංගත තත්වය හමුවේ මේ පාලකයෝ වැඩකරන්නේ හරියට එදාවේල ටුවර්ස් වගේ .කිසිම Master plan එකක් නැ.

හමුදාකරණය වෙච්ච කොවිඩ් වසංගත තත්වය ඇත්තටම දන්නේ කව්ද ? ඒ විෂය හොදටම දන්න මහජන සෞඛ්‍ය අංශවල අයව පැත්තට දාල හමුදාවට සේරම කරන්න පුලුවන් කියල හදපු මහලොකු යන්ත්‍රණය හින්ද අද රටටම කෙළවෙලා දැන්.

ලොක්කෝ වැඩිහරියක් ටියුබ් ලයිට්. පත්තුවෙන්න හුග දවස් යනවා . දැක්කනේ අද ලොක්කා කියපු දේ.දැන් තමයි තේරිලා තියෙන්නේ නිසි නිරෝධායන වැඩේ මොකක්ද කියල.
කලින් මොකද කලේ හමුදාව දාල රැ තිස්සේ අරන් ගියා නිරෝධායන මධ්‍යස්ථානවලට .
ඇත්තටම මේ පාලකයෝ රජයේ  වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කියන දේවල් වත් මහජන සෞඛ්‍ය පරික්ෂකයන්ගේ සංගමය කියන දේවල්වත් අහල නෙමේ සැලසුම් හදන්නේ .

ඇත්තටම සෞඛ්‍ය ඇමතිණිය මොනවද මේ විෂය ගැන දන්නේ . මේ පාලකයන්ට ඕන උනේ සංදර්ශන දාල කොවිඩ් ඉවරයි කියල පෙන්නල ඡන්දේ ඉක්මනින් තියාගන්න.,රනිල්

ඒ දවස්වල මතකද එජාප නායකයා පහුගිය මාර්තු මාසේ කිව්ව හරියටම වෙන්න ඕන දේ.
හැකි තාක් පරික්ෂණ කරන්න කිව්ව. ධිවරයන් ඉන්න තැන් ගැනත් එයා හරියටම කිව්වා. ටෙන්ටිලේටර්ස් හැකිතරම් ගෙන්වන්න කිව්වා. ඇදන් ඕන කිව්වා.
එදා ඒ කියපු දේවල්ට වලට හිනා වෙච්ච අය ටිකක් ගඹුරින් හිතලා බලන්න ඒ සැලැස්ම ක්‍රියාත්මක කරා නම් අද අපි මේ දෙවන රැල්ලට මුහුණ දෙනවද කියල.
මේ රටේ බුරුතු පිටින් දේශපාලකයෝ හිටියත් නායකයෝ නැ.නායකයෙකුට විතරයි ඉදිරිය පෙන්නේ .දේශපාලකයන්ට පෙන්නේ කොමිස් මිසක් වෙන දේවල් නෙමේ .ඒකයි මේ රටේ අවාසනාව ..

මාර්තු මාසේ රනිල් කියපු මේ කථාව දැන් අහල බලන්න(විඩියෝ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article