spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලවීදියට උගත් නිහතමානි වෛද්‍යවරයෙක් !

Must read

DSC_0089newඑ.ජා. ප. ය  නියෝජනය  කරමින්   මෙවර  පළාත්  පාලන  මැතිවරණයට   වැල්ලවීදිය  කොට්ටාශ  අංක 13,ග්‍රාමසේවා අංක 158-158 B  යටතේ  ඉදිරිපත්වන   උගත්, නිහතමානී නායකයා  හෙන්රි රොසාරියෝ  ප්‍රනාන්දුය. ඔහු  2013  වසරේ  පළාත් පාලනය  පිළිබද  උසස් ඩිප්ලෝමාධාරියෙකු  සහ2015 පළාත්  පාලනයේ  ලෝක  කවුන්සිලයේද   සාමාජිකත්වය   ලබාගත්තෙකි.  ඔහු  සමග  කරන ලද කෙටි  සංවාදයක්  මෙසේ  සටහන්  කරමු.

ඔබේ  පවුල්  පසුබිම  කොහොමද?

මම උපත ලැබුවෙ   වැල්ලවීදියේ  යහපත්  ධීවර  පවුලක.  මගේ  තාත්ත  දක්ෂ  ධීවරයෙක්. ඒනිසාම  ඔහුගෙන්  ඉගෙනගෙන  ධීවර  රැකියාව  කරන  අය  තවමත්  ඉන්නවා.  ඒවගේම  දුප්පත්  අයට  උදව්  කරමින් ප්‍රදේශයේ  හොද  නමක්  දිනාගත්තා.   මගේ  මවත්  හොද   ගෘහනියක්  වශයෙන්   පියාට   උදව්  කරමින්  යහපත්  පවුල්  දිවියක්   ගෙනගියා.  මමපැවත එන්නෙ  එවැනි   පවුලකින්.
මගේ තාත්තා ඔස්ටින් ප්‍රනාන්දු,අම්මා කොන්සි ප්‍රනාන්දු …

ඔබේ  අධ්‍යාපන  කටයුතු…

මගේ අධ්‍යාපන  ගමනේ  මූලාරම්භය  මීගමුව  ශාන්තමරියා  විද්‍යාලයයි.  එහීදී  බාහිර ක්‍රියාකාරකම්  සහ  ක්‍රිඩාවන්ට  සහභාගිවී  සමස්ථලංකා   ශූරතාවන්  ලබන්නට  හැකිවුනා.  එමෙන්ම   ජාත්‍යන්තර  ක්‍රිඩාවන්  සදහා  සහභාගිවීමේ  හැකියාවක්ද   ලැබුවා. අ. පො. ස. උසස් පෙළ  විභාගයෙන්   විශිෂ්ඨ ප්‍රතිඵල  ලැබු මා ශ්‍රී ලංකා  සහ  විදේශීය   වශ්වවිද්‍යාල  වලින්  අධ්‍යාපනය  ලබා   එහි අවසාන   ප්‍රතිඵලයක් ලෙස  වෛද්‍ය  වරයෙක්   වීමට  වරම්  ලැබුවා.  ඉන්පසු   මගේ  ප්‍රථම  සේවාව   මීගමුව  රෝහලෙන්  ඇරඹී   අදවනවිට   පෞද්ගලික  මධ්‍යස්ථානයක  සේවය  කරනවා.

 ඔබේ   සමාජ  සේවා කටයුතු  කොහොමද?

මම  රතුකුරුස   සමාජය, සිංහ  සමාජය, වර්ල්ඩ් විෂන්  ආයතනය,  සමෘද්ධි  නිලධාරීන්,  ග්‍රාම නිලධාරීන් ,  පියතුමන්ලා,  විදුහල්පතිවරුන්,  ගුරුවරුන්,  සමග පුද්ගලිකවත්  ක්‍රීඩාසමාජ හා  වෙනත්  සමීති සමාගම්  සමගත්  සම්බන්ධවී  විවිධවු  සංවර්ධන,  අධ්‍යාපනික,  සංස්කෘතික , ආගමික,වෛද්‍ය,  ශ්‍රමදාන,  හා  ක්‍රිඩා  කටයුතුවලට  නායකත්වය   දෙමින්  , ක්‍රියාකාරී  වෙමින්   කටයුතු  කරනවා.

ඔබ  පළාත් පාලනය ගැන  විශේෂ  හැදෑරීමක්  කර  තිබේද?

ඔව්,  මම  2013වසරේ  සිට  අවුරුදු  2 ක  කාලසීමාවක්  තුළ  පළාත්  පාලනය  පිළිබදව  උසස්  ඩිප්ලෝමාධාරිමෙකු  ලෙස  කිරුළු පැලද  2015  දෙසැම්බර්  මස  පළාත්  පාලනයේ   ලෝක  කවුන්සිලයේ    සාමාජිකත්වය  ලබාගත්තා.

ඔබේ   අරමුණ  කෙටියෙන්   කිවහොත්…

මට   ශ්‍රී ලංකාවේ  හෝ  විදේශගතව  වෛද්‍ය    අංශයෙන්   රැකියා වක්  කළ හැකිව  තිබියදී  එය  පසෙකලා     මීගමුව  නගරයක් ලෙස  පත්වඇති  දූෂණයෙන්  හා  භීෂණයෙන්   මුදවා   ගැනීමේ   අභිලාෂය   මත  දේශපාලනයේ     නියැලෙන්නෙමි.

මේ සදහා   ඔබ  ඉදීරිපත්  කරන  ප්‍රධාන  කරුණු   කිහිපයක්….

*නීති  විරෝධී  සියළු  කටයුතු වලට එරෙහිව  දැඩි  ක්‍රියාමාර්ග  ගැනීම.

*මීගමුව  නගරය සංවර්ධනයට  අවශ්‍ය  උපදෙස්  ලබාගැනීමට  වෘතිකයන්ගේ  සංගමයක්  පිහිටුවීම.

*පෙරපාසැල්  පද්ධතිය  පුළුල්  කිරීම  හා ගුණාත්මකබව  ඉහළ  නැංවීම.

*නගරයේ   සංස්කෘතික  හා ඓතිහාසික වටිනාකම  රැකෙන  පරිදි නගර   අලංකරණය.

*කැලිකසල  ක්‍රමවත්ව  බැහැරකිරීමේ  වැඩපිළිවෙලක් ,  මළඅපහරණ  ව්‍යාපෘති  සක්‍රීයව  පවත්වාගෙනයාම,  කොම්පෝස්ට්   පොහොර  නිපදවීමට   අමතරව  විදුලිය  නිපදවන  ව්‍යාපෘති  හදුන්වාදීම.

*ජලය  බැසයන කාණු  පද්ධති  දිනපතා  පිරිසිදු  කිරීමේ   ක්‍රමවේදයක්  සකස් කිරීම.

*මදුරු උවදුර  අවම කිරීමට  මදුරු මර්ධන  ඒකකය  විධිමත්කර  ඩෙංගු රෝගය  තුරන්කිරීමට   අවශ්‍ය කටයුතු  කිරීම.

*හැමිල්ටන්  ඇල දෙපස  සංවර්ධන  කටයුතු  කඩිනම්කිරීම.

ඉහතකී  කරුණු   භාවිතාවේ   යෙදියහැකි   දේවල් බවත්,  ඒ සදහා  මහජන සහාය  උපරිමයෙන්  ලබාගෙන  ඒවා ඉටුකරන  බවත්  වෛද්‍ය  හෙන්රි  මහතා  අප සමග  පැවසීය.

දැන් ඔබත් එක්ක මේ කොට්ටාශයට තරග වදින් අය දිහා බලපුවහම ඔබට ඇත්තටම තරගයක් නෑ නේද ?

මම හිතන්නේ අපේ කොට්ටාශ 29 දිහාම බලපුවහම වැල්ලවිදියේ ජනතාවට තමයි කව්ද හොදම කෙනා කියල තෝරගන්න හරිම පහසු ,
මොකද සරලම කිව්වොත් පළාත් පාලනය උගත් සුදුසුකම් සහිත  වෛද්‍යවරයෙක්ද ?නැතිනම් මීගමුවට දුරාචාරය බෝකරපු තරුණයන් නොමගට යවපු අධ්‍යාපන හෝ වෙනත් චරිතවක් සුදුසුකම් නැති කෙනෙක්ව ද ?
දැන් මේ අය  දුරාචාරවලින් හම්බ කරපු සල්ලි ලක්ෂ ගණනින් වියදම් කරල මිනිස්සුන් ලග වැදවැටිල ඡන්දේ ඉල්ලන්නේ .
අපි ඉතිහාසයේ හැමදාම මිනිස්සුත් එක්ක හිටියේ .ඒ හින්ද මේ ඡන්දෙ කාලේ කියල අරක්කු දිල සල්ලි දිල සෙනගව ගෙනල්ල බොරු ෂෝ දාන්න අපට කිසිම උවමනාවක් නෑ.
මම වෛද්‍යවරයෙක්.පළාත් පාලනය ගැන ඩිප්ලෝමාධාරියෙක් අනික පාලාත් පාලන ලෝක කවුන්සිලයේ සාමාජිකයෙක් .

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article