spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලවීදියට බෙදු සහනාධාරවල වියදම ලංසා පවුලෙන්ද ? මහ නගර සභාවෙන්ද ?

Must read

සහන මලුමීගමුව මහනගර සභාව රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් වැය කරමින් මිගමු සමුපාකාරයෙන්  බඩු මිළට ගත් බවක් පසුගිය දිනවල සැලවිය.
මේ භාණ්ඩ පසුව සහන මළු ලෙසින් සැකසි තිබුණ අතර ඉන් විශාල ප්‍රමාණයක් නගරාධිපති දයාන් ලංසා සහ නිමල් ලංසා වෙනුවෙන් වෙන්වු බව වාර්තා විය.( තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටියේ ඒ ප්‍රමාණය 5000 ආසන්න බවය.)
මේ අතර මේ මලු වලින් මිගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් හට මලු 100 බැගින්ද ,ලංසා පවුලට හිතවත් ඇතැම් එජාප මන්ත්‍රිලාටද 100 බැගින්ද අනික් අයට 50 බැගින්ද බෙදා දි ඇත.
කෙසේ වෙතත් පසුගිය දිනවල වැල්ලවීදිය ප්‍රදේශයේ මේ බඩු මලු බෙදාහැරුන අතර එහිදි වැඩ ප්‍රමුඛතාවයක් හිමිව තිබුනේ පොහොට්ටු සමාජිකයන් වෙතය.
මේ හේතුව නිසා අන්ත අසරණ තත්වයට පත්ව ඇති ඇතැම් පවුල් වෙත මේ සහන මලු ලැබි තිබුනේ ද නැත.
මේ සියලු සහන මලු දායන් ලංසා සහ නිමල් ලංසා විසින් ලබාදුන් සහන ලෙසින් ප්‍රචාරය වි තිබුනි.
මිපුරට අදහස් දක්වා සිටි නම සදහන් කිරිමට අකැමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මීගමුව ජනයාගේ මහජන බදු මුදල් ලක්ෂ ගණන් වැය කරමින්  සිදුකරනු ලබන  බඩු බෙදිල්ල ඉතා පැහැදිලි ලෙස  මහජන බදු මුදල් මංකොල්ලකෑමකට සමාන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article