2020 වසන්ත කාලේ

0
157

ගමේ කෙළවර
ආදාහනාගාරය
දවා අලුකර හදවත්
සෝ සුසුම් පිටකලා
දුම් කවුළුවෙන්
ඉහළ අහසට

මළ ගමේ
නොමළ මිනිසුන්
හොරෙන් බල බල
ජනෙල් කවුළුවෙන්
ආදාහනාගාර චිමිනියෙන්
ගමේ අඩු වෙන
මිනිසුන්ව ගැන්නා

කට වසාගෙන
නිරුවත් දෑතින්
මිනී ගඳ මුහුවුන
අවට වාතය
පෙර පෙරා ඔක්සිජන්
පපුවේ ගැඹුරටම ඇද්දා

ගිලන් රථයක
හඬක් ඇහුනම
තිගැස්සෙන බයක් තිබුනා

අමාරුම කාලේ
අතැර ගියත්
බියට පත් මිනිසුන්
පුරුද්දට දෙයියන්ට යැද්දා

අලුත් හිරු කිරණ
තුරුලිය මත හැපි හැපී
රමණය කර කර
අලුත් මල් තිබ්බා

ඉඳ හිට ජනෙල් කවුළුවෙන්
වට පිට බලන විට
දඟකාර මද නල
අරන් ඇවිත් මල් සුවඳ
නාස් පුඩු මතින් තිබ්බා

බිඟුන් ඇවිදින්
හුරතල් කර කර මල් පෙති
හාදු දෙන සද්දෙත් ඇහුනා

නිදහසේ ගී ගය ගයා
විහඟුන්
වසන්තයේ සුව වින්දා

හිල්මි සුපුන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here