spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිහේන කතෝලික දමිළ පාසැල හදවත් ඇති මිනිසුන්ගේ අවධානයට..

Must read

IMG-20200707-WA0012IMG-20200707-WA0011IMG-20200707-WA0010

වැලිහේන රෝමාණු කතෝලික දෙමළ පාසැල කියන්නේ මිගමුව අධ්‍යපාන කොට්ටාශයේ තියෙන දිළිදුම පාසැල වෙන්න පුලුවන්. එකේ ඉගෙන ගන්න ටික දෙනෙක් වෙච්ච දරුවන්ගේ සමහරකට අම්මල තාත්තලත් නැ.
ඒ අය ඒ තරම් ම අසරණයි.
එහෙම උනා කියල මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්නේ නැතිව ඉස්කෝලෙත් වැහෙන්න දෙන්නෙ නැතිව කරගෙන යන්න මුල් වුන ප්‍රධාන චරිතය වුනේ ඒ පාසැලේ විදුල්පතිවරයා.
දේශපාලකයෝ මේ පාසැල ගැන කිසිම අවධානයක් යොමුකරන් නැතුව ඉද්දි ඒ දරුවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කරල දෙන්නේ දෙමළ සිංහල මුස්ලිම් ජාතින්ට අයත් හදවත් තියෙන ගැණු මිනිස්සු ටිකක්.
ඒ අයට එහෙම හිතෙන්න ඇත්තේ ඉහලම ශ්‍රේණියක විදුහල්පතිවරයා මේ දරුවන් ගේ අනාගතය අදුරු කරන්න දෙන්නෙ නැතිව ගන්න උත්සාහයන් දැකල වෙන්න පුලුවන් මේ ඡන්ද කාලේ කියලවත් දේශපාලකයන්ට නෙමේ මේ අසරණ දරුවෝ ඉන්න පාසැල මතක් වුනේ .
එහෙම කියල අඩුවක් නොවෙන්න අවශ්‍ය දේවල් පහුගිය දවස්වලත් මේ දරුවන්ට ලැබුනා.

වයඹ ගෝල්ඩනු ගේට් වේ සිංහ සමාජය සිසුන්ට කොවිට් 19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා අත් සෝදන යන්ත්‍රයක් සහ ඉගෙනුම් උපකරණ සමූහයක් පරිත්‍යාග කරල තිබුණා.ඒ උත්සවය පැවැත්වුනේ පහුගිය ඉරිදා ගොල්ඩන් ස්ටාර් හෝටලයේදී .IMG-20200707-WA0009
.කොවිඩ්  19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා කුමාරසිංහම් මහත්තයා ශරීර උෂ්ණත්වය මැනීමේ මෙවලමක් සහ විෂබීජ නාශක දියර  පරිත්‍යාග කරල තිබුණා.
ඒ විතරක් නෙමේ  පෙරියමුල්ලේ ව්‍යාපාරික මහතෙකු වන  එම්.එස්.එම්. චව්මි වයිට්බෝඩ් සහ මුද්‍රණ කාර්යාල උපකරණ මේ පාසැලේ දරුවන්ට පරිත්‍යාග කළා.
රාම ජුවලර්ස් හි හිමිකරු ද පාසලට මුහුණු ආවරණ , අත්වැසුම් සහ ඩිටර්ජන්ට් පරිත්‍යාග කළා.
හදවත් ඇති ගැහැණුන් මිනිසුන් මෙහෙම උදව් කරන කොට පාසැලේම ගුරුවරියකුත් සිය පරිත්‍යාගය මිට එක් කරල තිබුණා.
ඒ තමයි දරුවන්ට අසනිපයක් වුනොත් එයාලට ඉන්න පොඩියට හදල තිබුන කාමරයකට අවශ්‍ය ඇදක් සහ මෙට්ටයක් ලබා දෙමින් තමයි ඇය දායකවෙලා තිබුනේ .
වැලිහේනේ අයටත් , මිගමුවේ කාටනේ දේශපාලකයන්ට අමතක වුන මේ දුප්පත් ඉස්කෝලේ වැහෙන්න දෙන්නෙ නැතුව දරුවන්ගේ අත්‍යවශ්‍ය උවමනාවනුත් සපුරාලමින් කටයුතු කරන එම්.ඉසෙඩ් සහජාන් කියන්නේ මේ කලාපෙටම ඉන්න ඉතාමත් ආදර්ශමත් උද්යෝගිමත් ,ඉහලම අධ්‍යපාන සුදුසුකම් තියෙන විදුහල්පතිවරයෙක්.
මිපුර අපි කවදත් එවැනි මිනිසුන්ට උපහාර පුදන්න මැලිවෙන්නේ නැ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article