spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විදුහල්පති මාරුව සහ එහි අමාරුව….

Must read

(1.25pm)පිටිපන  ශාන්ත මරියා මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කරන ගරු  කන්‍යා සොහොයුරියව   මාරුකිරීම සඳහා මීගමුව අධ්‍යාපන කාර්යාලයෙන් අප්‍රේල් 10 වනදා  නියෝගයක් නිකුත්  කර ඇති අතර එයට විරුද්ධව ඇය තවදුරටත් මෙම පාසැළේ සේවය කළ යුතු බවට බල කරමින්  අද (23) වනදා  පිටිපන ප්‍රදේශවාසීන් පිරිසක් උද්ගෝෂණයක නියැලනහ.
පාසලේ දෙමාපියන් පිරිස පිටිපන පාසැල ඉදිරිපිට රැස්වී උද්ගෝෂණයේ යෙදී පසුව මීගමුව කළාප අධ්‍යාපන කාර්යාලයට ගොස් මේ පිළිබඳව සාකච්ඡාවක නිරත විය
. රැස්ව සිටි පිරිස පවසන ආකාරයට මෙම විදුහල්පති එන්නට පෙර පිටිපන මහ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩාලව තිබුණු බවත් දැන් එම තත්වය වෙනස්වී සියයට 20 ක පමණ තිබූ අධ්‍යාපන මට්ටම සියයට 40 දක්වා වර්ධනය වී ඇති බවත් සඳහන් කරයි.

. විදුහල්පති තුමිය වෙත කළාප අධ්‍යාපන කාර්්‍යාලය විසින් ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශවාසීන් දක්වන චෝදනා වන්නේ…..

*ශ්‍රේණියක් නැතිකම

*විදුහල්පති මුද්‍රාව භාවිතා කිරීම.

*දෙමව්පියන් උද්ගෝෂණය කිරීම සදහා පෙළඹවීම.

එසේම උද්ගෝෂණයේ යෙදුනු ප්‍රදේශවාසීන් ඇය මාරුකර යැවීම උදෙසා ඉදිරිපත් කර ඇති මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි
DSC_0163 DSC_0170 DSC_0164 DSC_0158 DSC_0168

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article