spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විධායකය අහෝසි කිරිමේ යෝජනාව ජනපතිගේ ! හකිම්ට එරෙහිව පරික්ෂණයක් අවශ්‍යයි ! ආශු කියයි !

Must read

ආශු

(12.30 PM )කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් කඩකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

අගමැතිවරයා විසින් කුමන්ත්‍රණයක් සිදු කළාය යනුවෙන් රවුෆ් හකීම් මහතා විසින් සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතු බවත් ඒ ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍යයට අඳහස් දක්වමින් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසුවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ජනාධිපතිවරණය පරාජයට පත්වේය යන බියෙන් සිදුකරන්නක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article