spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වින්දිතයා රිදවිම කොයිතරම් නින්දිතද ?

Must read

2019 පාස්කු ප්‍රහාරයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නායක කතෝලික පූජක, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා 3 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා ඇති බව නිව්ස් වයර් වෙබ්අඩවිය වාර්තා කොට තිබේ.

අද පෙරවරුවේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහුගේ නීතීඥවරයාද කැටුව එම ගොඩනැගිල්ලට ඇතුළු විය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් කතෝලික පූජකවරුන් කිහිප දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටින බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ් 2021 ඔක්තෝම්බර් 23 වන දින පාස්කු ප්‍රහාරය පිළිබඳ ෂුම් සංවාදයකදි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් දැනට තහනම් කර ඇති සහරාන් හෂීම්ට මූල්‍ය සහ වෙනත් ආධාර ලබා දුන් බවට කළ සදහන් සම්බන්ධයෙනි .

වින්දිතයාට රිදවිම කොයිතරම් නින්දිතදැයි කතෝලික පියවරුන් අද ප්‍රශ්ණ කර සිටින්නේ ඒබැවිනි .
කෙසේ වෙතත් බලය ලබාගැනිමට ක්‍රියාත්මක වු මේ සංහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස බලකමින් කිතුනු නොකිතුණු ජනයා මේ වන විටත් ශක්තිමත් විරෝධතා ව්‍යාපාරයකට නායකත්වය දෙමින් සිටිති..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article