spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මන්ත්‍රි තිස්ස කුට්ටි කාන්තාවන්ට අපහස කරයි !

Must read

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බව මේ වන සමාජ මාධ්‍ය තුල මෙන්ම සිවිල් හා කාන්තා සංවිධානවලට දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. පසුගිය කාලය පුරාම අදාල මන්ත්‍රිවරයා ඉතාමත් පහත් අන්දමේ විවේචන කරමින් වලක් කඩේට පැන්න හරකෙකු මෙන් කටයුතු කරමින් සිටින දිගටම දකින්නට ලැබුණි.
මේ අතර කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට අපහාස වන ආකාරයේ අසභ්‍ය ප්‍රකාශනයක් සිදුකිරීම ශිෂ්ට සමාජයක් විසින් අනුමත නොකරන බවයි.

ඒම නිවේදනයේ වැඩිදුරටත් මෙස‌ේද සදහන් වේ .

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදී  පවා කාන්තාව මෙලෙස හෑල්ලුවට ලක් කරන්නේ  නම් තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රී වරුන්  ජනතාවට නායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳ සිතාගත හැකි බව ආරියවංශ මහත්මිය අවධාරණය කරයි. කුමන තරාතිරමක සිටිය ද මුවින් පිටවන්නේ පුද්ගලයෙකුගේ බුද්ධියේ සහ අධ්‍යාපනයේ ප්‍රමාණය බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් තවදුරටත් පාර්ලිමේන්තුව හමුවේ තහවුරු කර ඇති බවද කැෆේ සංවිධානයේ  අධ්‍යක්ෂිකාව පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව නොදත් මෙවැනි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නිසා ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත්වන බවත් ජන නායකයින් කෙරෙහි මෙරට සමස්ත කාන්තා පරපුරේ විශ්වාසය ගිලිහී යන බවත් ආරියවංශ මහත්මිය  වැඩිදුරටත් පෙන්වා දෙයි.

වර්තමානයේ දේශපාලනයේ නිරත කාන්තාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය මෙවැනි “ඊනියා චණ්ඩි පිරිමින්ගේ ” හැසිරීම් බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි තර්ජනයන්ට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් කැ‌ෆේ සංවිධානය විසින් මේ වනවිටත් දියත් කර ඇති බවද ඒම නිවේදනයෙන් අවධානය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article