spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විනාශයේ අළුමතින් නැගෙන සැබෑ ප්‍රේමයයි මේ !

Must read

IMG-20191204-WA0020IMG-20191204-WA0023

FB_IMG_1575288386434FB_IMG_1575288344948FB_IMG_1575288314538මීගමුව රහුමානාබාද් ප්‍රදේශයේදී දෙසැම්බර් (01දා) ජනතාව දැනුවත් කිරීම උදෙසා සංස්කෘතික වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ අන්තර් ආගමික කමිටුවේ මීගමුව ශාඛාවේ සංවිධායක කණ්ඩායම විසිනි.

මීගමුව යනු දේදුණු නගරයකි.එහි සමඟිය බිඳිම සදහා ඇතැම් අන්තවවාදි කණ්ඩායම් මෙන්ම දේශපාලන න්‍යාය පත්‍රයන් සහිතව ක්‍රියාත්මක බලවේගයන්ද කටයුතු කර තිබුණි.මේ බලවේගයන් විසින් මීගමුවට සිදුකරන්නට යෙදුන විනාශය මතින්ම යළිත් ප්‍රේමයේ දේදුණනක් පායාඑමින් ඇතිබැව් පෙනේ.ඒ මීගමුවේ සැබෑ සාමයක් වෙනුවෙන් පෙළගැසෙන ආගමික නායකත්වයක මගපෙන්විම මත සියළු ආගම්වල සාමලැදි ක්‍රියාකාරිකයන් දැන් එකට පෙළගැසෙමින් සිටිති.සාමය පතා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති.

මේ අනුව පසුගිය දිනක පැවැති
සංස්කෘතික වැඩ සටහන සඳහා සුමනසිරි ස්වාමීන්වහන්සේ , මීගමුව කලාපය භාරව කටයුතු කරන සිස්වාන් ද කෘාස් පියතුමා , සලමන් මව්ලවි තුමා, රියාස් මව්ලවි තුමා, ස්මයිල් මව්ලවි තුමා යන පූජක තුමන්ලා සහභාගී වි සිටියහ.

එසේම අබ්දුල්ලා අබ්දුල් රහුමාන් , සහ පුරවැසි මාධ්‍යවේදී මුනීයර් පෙරියමුල්ල ප්‍රදේශය වෙනුවෙන් අදාල සංවිධාන කටයුතු සිදු කරන ලදී .
සිංහල, දෙමල ,මුස්ලිම් , හින්දු කිසිදු භේදයකින් තොරව එක්නෙකාට ගරු කරමින් පැවති මෙම වැඩසටහන තුළ ජාතික සමගිය පදනම් කරගත් අත්පත්‍රිකා බෙදාදීමක් සිදුකළ අතර විශේෂයෙන් වීථි නාට්‍ය නිර්මාණයක් තුළින් ජනතාව දැනුවත් කිරීම මෙම වැඩ සටහනේ ප්‍රධාන විශේෂාංගය විය.එය සංවිධානය කර තිබුනේ මීගමුවේ දක්ෂ නාට්‍ය රචකයෙකු වන නෙවිල් ගාමිණී මහතාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article