spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විමල්ගේ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත වේ. – තුනෙන් දෙකට තවත් එකක් අඩුවේ!

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ

අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.

විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 150කගේ සහය අනිවාර්ය වේ.

කතානායකවරයට ඡන්දය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් තුල මේවනවිට ආණ්ඩුවට හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 149කි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article