spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“විවාහයක ප්‍රධාන කොන්දේසිය ගැහැණු ළමයාගේ කැමත්තයි”අධියාත්‍රී මලයාලම් චිත්‍රපටය අපට කියයි.

Must read

“අධියාත්‍රී” කේරලයේ වැවකට මායම් පිහිටා ඇති ගම්මානයක සිදුවන විවිධ සිදුවීම් පසුබිම් කරගෙන නිර්මාණයවී ඇත සරල වින්දිතයක් ගෙන දෙන සිදුවීම් ගනානවකින් යුතු චිත්‍රපටියකි.
මෙහි කතාව “මනෝහරන්” නැමති සාම්ප්‍රදායික නොවන ප්‍රේම විවාහ සහ ආදරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන යෝජිත විවාහ ප්‍රවර්ධනය කරන වයස අවුරුදු 45 ක අවිවාහක මගුල් කපුවෙකු වටා ගෙතී ඇත.


මලයාලම් සිනමාවේ ජනප්‍රිය සහ අතිදක්ෂ නළු නිළියක් ගනනාවක් මෙහි විවිධ චරිත නිරූපණය කරති.


ප්‍රේම විවාහයන් කෙරෙහි මනෝහරන්ගේ වෛරය සහ ඔහු විසින් යෝජනා කරන ලද විවාහයන් සුමටව පවත්වාගෙන යාමට සෑම දෙයක්ම කරන ඔහු සාධාරණ මගුල් කපුවෙකු බව තහවුරු කිරීමට ඔහු ලමාවියේ සහ තරුණවියේදී මුහුණු දුන් විවිධ අවස්ථා අතීත මතක සටහන් ලෙස වරින් වර තිරය මත ප්‍රක්ෂේපණය කිරීමට අධ්‍යක්ෂකවරයා දරා ඇති උත්සාහය සැබවින්ම ප්‍රසංසනීය වන අතර ඒ තුලින් මනෝහරන් ගේ භාවිතයන් සාධාරණීය කරයි.
අධ්‍යක්ෂකවරයා විසින් ගැමි මනෝභාවය සහ විනෝදාත්මක අවස්ථාවන් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කර ඇති අතර එය ප්‍රේක්ෂකයන් පිනවීමට සමත්වි ඇති බව කිව යුතුය.

“ඕනෑම විවාහයකදී ගැහැණු ළමයාගේ කැමැත්ත තිබිය යුතුය” යන සරල අදහස අවස්ථා කීපයකදී දෙබස් මගින් සංනිවේදනය කිරීමට අධ්‍යක්ෂකවරයා උත්සාහ කළත් දර්ශන මගින් එය එතරම් හොදින් නිරූපනය වන්නේ නැත.
චිත්‍රපටිය තුලින් නියත ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍යදේ ප්‍රේක්ෂකයාට නොදැනෙන්නේ තිර රචනයේ ඇති දුර්වලතාවයක්ද නැතිනම් අධ්‍යක්ෂකවරයාගේ තිබූ හදිසියදැයි පැහැදිලි නැත. උදාහරණයක් ලෙස ආරම්භයේදී ඇයගේ කැමැත්තෙන් තොරව විවාහ වන තරුණ ගැහැණු ළමයෙකු මනෝහරන්ට තම අකමැත්ත ප්‍රකාශ කරන දර්ශනයක් තිබේ.නමුත් පසුව එම ගැහැණු ළමයා මනෝහරන්ට අවශ්‍ය පරිදි ජෝකර් කෙනෙක් සමග ජීවත්වන අතර එය ප්‍රීතිමත් පවුලක්ද යන්න පැහැදිලි නැත.

ගැඹුරු කතාවක් හෝ පණිවිඩයක් ලබා නොදුන්නත් අභව්‍ය සිදුවීම් කීපයක් ඇති මෙය සරල වින්දනයක් ගෙන දෙන චිත්‍රපටියකි.

අරුණ ශාන්ත නෝනිස් අශානෝ
2023.11.02.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article