spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වීසා නැති පිරිසක් වෙන්නප්පුවෙන් අල්ලයි …

Must read

can-stock-photo_csp0204566කිසිදු නිතීමය ලියවිල්ලක් හෝ මෙරට රැඳි සිටිමට අවශ්‍ය විසා බලපත්‍රයක් නොමැතිව නිති විරෝධිව වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රැඳි සිටි විදේශිකයෙකු ඊයේ 18 දහවල් සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි ස්විඩන් ජාතිකයෙකි මෙම විදේශිකයා දුම්මලදෙණිය රඹ සෙවණ වත්ත ප්‍රදේශයේ රුපියල් 14000 ක මාසික කුලියකට ගත් නිවසක නවාතැන්ගෙන සිටි බව පොලිසිය කීය මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකල විමර්ශනයකින් අනතුරුව මෙම විදේශිකයා අත් අඩංගුවට ගෙන තිබේ මෙම විදේශිකයා මෙම නිවස කුලියට ගෙන සතියක පමණ කාලයක් බවත් මෙලෙස කිසිදු විසා බලපත්‍රයක් නොමැතිව රැඳි සිටිම පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරමින් පවතින බව පොලිසිය පැවසීය වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක උප පොලිස් පරික්ෂක ජයමහ සමරතුංග යන නිළධාරින් විසින් මෙම විදේශිකයාව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
චන්දන පනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article