spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෘත්තිය මාධ්‍යවේදියෙකුගේ අයිතිය වෙනුවෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සෘජුව මැදිහත්වෙයි !

Must read

නාලක කලුවැවIDaa

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත් ලාභි මාධ්‍යවේදියෙකුට උසාවි භුමියක් තුලදි කුප්‍රකට චෝදනා ලැබ සිටින පොලිස් නිළධාරියෙකු වන නියෝමාල් රංගජීව විසින් සිදුකරන්නට යෙදුන බලහත්කාර මැදිහත්විමට එරෙහිව පුර්ණ අපක්ෂපාති පරික්ෂණයක් සිදුකළ යුතු බව නොපමාවම ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් නාලකල කලුවැව මහතා කර තිබෙන කඩිනම් මැදිහත්විම ඉතා වැදගත්ය.ඒ ඉතා පැහැදිලිව වෘත්තිය මාධ්‍යවේදියෙකුගේ ගරුත්වය හා අයිතිය වෙනුවෙන් පැහැදිලි පෙනි සිටිමකි.
මේ අතර ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීමේ සිදු වීම ජනාධිපතිතුමා,අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය හෙළා දකින අතර මේ සඳහා අවශ්‍ය නීතිමය සහනය ලබාදීමට රජය සෘජුව මැදිහත්වන බවත් කුමන තරාතිරමක කවර අයෙක් වුවත් මාධ්‍ය හැදුනුම්පත නිල වශයෙන් පෙන්වන මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන හෝ බිය වැද්දීම් හෝ අනවශ්‍ය  මැදිහත් වීම් කර තිබෙනවා නම් අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කිරීමට ඉල්ලීමක් කර තිබෙන බවත් ජනමාධ්‍ය විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.

 ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙකුට උසාවි භූමියක දී සිය මාධ්‍ය රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම පිළිබඳව අද (11) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article